(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බලපත්‍රයක් නොමැතිව කොස් ගසක් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු නිදහස් කර ගැනීමට පැමිණිල්ල කළ පුද්ගලයාම දැඩි උත්සාහයක යෙදුණු පුවතක් පසුගියදා මීරිගම වේවැල්දෙණිය පෙදෙසින් වාර්තා විය.

කලක් තිස්සේ ආරාවුලකට ලක්ව තිබූ ඉඩමකි. එහි අයිතිය දෙදෙනකුට හිමිවුණේ නීතියේ විධිවිධාන පරිදිය. ඒ අනුව වැට මායිම් ද සැකසිණි. එක් කොටසකට හිමිකම් කීවේ රෝගී පුද්ගලයෙකි. ඔහු තමන්ගේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා මුදල් සපයා ගන්නා අදහසින් කොස් ගසක් විකිණීමට පියවර ගත්තේ මේ අතරය. ඒ සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් සඳහා ද ඉල්ලුම් කෙරිණි. බලපත්‍රය නිකුත් වීමට පෙර ගස බිම හෙලීමට සිදුවූයේ මුදල් හදිසිය නිසාමය.
බෙදී වෙන්වී ගිය අනෙක් කොටසේ හිමිකරු වූ විරුද්ධවාදියාට මෙය හොඳ පල්ලමක් විය. කලක් තිස්සේ තමන් භුක්ති වින්ද දැන් අනෙක් අයට අයත් වූ කොස් ගස කැපීම ගැන ඇතිවීයේ කේන්තියකි. බලපත්‍ර නැතිව කොස්ගසක් කපලා. ඉහළ නිලදරුවන්ට පැමිණිලි පිට පැමිණිලි කෙරිණි. පොලිස් හදිසි ඇමතුම් අංශය ද දැනුවත් කරන්නට මේ විරුද්ධවාදියා පියවර ගත්තේය. එහි ප්‍රතිඵලයක් ලෙස මීරිගම පොලිසිය සිදුකළ පරීක්ෂාවෙන් පසු බලපත්‍ර නැතිව කොස් ගස කැපීමේ වරදට ඉඩමේ හිමිකරු අත්අඩංගුවට ගත්තේය.
සැකකරු කූඩුවේය. මේ අතර පැමිණිල්ල කළ පුද්ගලයා පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් දී මේ ප්‍රශ්නය ගොඩින් විසඳා දෙන ලෙස ඉල්ලුවේ තමන් මෙතරම් වින්නැහියක් වනු ඇතැයි නොසිතූ බවට කරුණු කියමිනි. අහිංසකයකු තලා පෙලා කටයුතු කර දැන් නිදහස ලබා දෙන්නට උත්සාහ ගත් ඔත්තුකරුවා පොලිස් ස්ථානාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වූයේය. මේ අතර කොස් ගස කැපීමට ඇවැසි බලපත්‍රය සැකසෙමින් තිබූ බව ද අනාවරණය විය.
2025 දෙසැම්බර් මස 04
768
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
574
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හතුරාට සුළු ගේමක් දෙන්න ගිහින් ඉල්ලාගෙන කාලා