IMG-LOGO

හතරගාතෙන් ඇවිත් ඉඳුල් වතුර නාලා

කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න


වෙරි මරගාතේ කළුවරේ තම නිවසට යැයි සිතා අසල්වැසි නිවසකට පිටුපසින් යමින් සිටියදී ඉඳුල් වතුර කොරහක් නා ගත්ත අපූරු වයෝවෘද්ධ පස් දරු පියකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක 71 හැවිරිදි පස් දරු පියෙක් බිරිඳ සමග නිවසක පදිංචිව සිටියි. මෙම පස් දරු පියාගේ දරුවන් පස් දෙනාම විවාහකය. සිව් දෙනෙක් වෙනම නිවාස තනාගෙන පදිංචිව සිටිති. බාල පිරිමි දරුවාද මහගෙදර නිවස දී අසල කුඩා නිවසක් තනාගෙන වයෝවෘද්ධ මවුපිය යුවළ සමග පදිංචිව සිටී.
පස් දරු පියා අසල්වැසියෙකුගේ රබර් කිරි කපා කීයක් හරි සොයා ගන්නේය. දරුවන් පස් දෙනාද වරින් වර මවුපිය යුවළට වියළි ආහාර පිසු ආහාර ඇඳුම් පැලඳුම්, ලෙඩක් දුකක් හැදුණාම බෙහෙත් අරන් දී රැක බලා ද ගන්නේය.
පස් දරු පියාට සෑම දිනකම සවසට ගමේ අරක්කු ටිකක් පානය කිරීමට අවශ්‍යය. කෑම බීම ඇඳුම් පැලඳුම් ලබා දුන්න ද දරුවන් පස් දරු පියාට මත්පැන් පානය කිරීමට මුදල් ලබා දෙන්නේ නැත. ඔවුහු ඊට තදින්ම විරුද්ධ වෙති. ඒ මත්පැන් පානය කර නිවසට පැමිණ මවට කරදර කරන නිසාය. හදිසි උවමනාවකට යමක් ලබාගැනීමට මව අතට කීයක් හරි ආ ගිය වේලාවක දරුවෝ ලබා දෙති.
අසල්වැසියෙකුගේ රබර් කිරි කපා කීයක් හරි සොයා ගන්නා මුදලින් වයෝවෘද්ධ පියා මත්පැන් පානය කරන්නේය. දරුවන් අඩුපාඩු නොමැතිව සලකන නිසා වයෝවෘද්ධ පියා ඉඳහිට පාන් ගෙඩියක් වයෝවෘද්ධ බිරිඳට ගෙන එන්නේය.


සවසට මත්පැන් පානය කර වයෝවෘද්ධ පියා කටුමැටි පැලට එන්නේ සරමේ කොනක් කරේ තබාගෙන සී පද ගයමින් හතර ගාතේය. කෑම පිඟානට බෙදා මේසය මත වතුර කෝප්පය සමග තියා වයෝවෘද්ධ කාන්තාව බිම පැදුරක් එළාගෙන පසෙකට වී නින්දට වැටෙන්නේය.
ඉකුත් දිනක පානය කර තිබුණු මත්පැන් ප්‍රමාණය වයෝවෘද්ධ පියාට වැඩි වී තිබේ. පසුව නිවස බලා රාත්‍රී හතර ගාතේ පැමිණෙමින් සිටිය දී පාර වැරදී අල්ලපු නිවසක පිළිකන්නකින් ඉදිරි පසට යන්නට ගොස් තිබේ. නිවසේ කාන්තාව එකවර ඉඳුල් වතුර කොරහා පිටුපස දොරෙන් එළියට විසි කර තිබේ. වයෝවෘද්ධ පස් දරු පියා ඉඳුල් කොරහේ වතුර නෑවේය. අයියෝ මම නෑවා යැයි කෑ ගසන්නට විය. කවුරුන් දැයි පිළි කන්නේ කෑ ගහන්නේ යැයි නිවැසියෝ නිවස වටා සවි කර තිබුණු විදුලි බල්බ දල්වා බලන්නට වූහ.
අසල්වැසි පුද්ගලයෙකු බව දැන ගත් නිවැසියන් වහාම වතුර හැලියක් උණු කර නාවා අලු‍ත් ඇඳුමක් අන්දවා රාත්‍රියට කෑමත් දී ආපසු නිවසට යාමට හරි පාර පෙන්වා පිටත් කර යැවිණ. ඉඳුල් වතුර කොරහා නාපු පස් දරු පියාට පසුව වෙරි හිඳී ඇති බව ද වාර්තා වෙයි.

 



අදහස් (0)

හතරගාතෙන් ඇවිත් ඉඳුල් වතුර නාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site