IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හේත්තුව දාන්න ආ තරුණයාට තරුණිය ‘තරු’ පෙන්නලා

ආරක්‍ෂක අංශ ලාංඡනයක් දුටු තරුණයෙකුට තරුණ පෙණුනු කතාවකි. කොළඹ සිට බස් රථය ගම බලා ඇදෙමින් තිබිණි. ආසන සියල්ල සම්පූර්ණය. අතට හසුවන තැනක් අල්ලාගත් මගීහු තැන තැන සිටගෙන සිටිති. නැවතුම්පොළින් නැවතුම්පොළට මගීන් පිරෙන බස් රථයේ සුළු වේලාවකින් ඇඟිල්ලක් ගැසිය නොහැකි තරම් විය. පිටුපස දොර අසල සිට ඉදිරි දොර දක්වා කොන්දොස්තර අණසක පතුරුවා තිබූ අතර, මගීහුද එයට අවනත වූ බවක් දැක ගත හැකි විය. මේ අතර සෙනග අතරින් ඉදිරියට පැමිණි හැඩි දැඩි තරුණයෙකු නතර වූයේ අහිංසක පෙනුමින් යුත් තරුණ කාන්තාවක් අසලය. මුහුණට මවාගත් ආඩම්බර පෙනුමෙන් යුක්තව තරුණයා ඇයට සමීප වී නිකම් හිටියේ නැත. තරුණියගේ ඇඟට හේත්තුවක්ද දැම්මේය. මද වේලාවකින් ඇය එක්වරම ඔහු දෙස බැලූවාය. එහෙත් තරුණයා ඇගේ සිරුරට හේත්තුවී සිටීම තවත් වැඩි කළා මිස අඩු කළේ නැත. බැරිමතැන ඇය තමා උඩින් ඇඳ සිටි ඇඳුමේ අත මඳක් ඉහළට එසවූවාය. එවිට ලාංඡනය සහිත නිල ඇඳුමක් දැකගත හැකි විය. ඇය නිල ඇඳුමට උඩින් සැහැල්ලූ ඇඳුමක් ඇඳ සිටියාය. එසේ කළේ බසයෙන් යන නිසා විය යුතුය. ලාංඡනය දුටු ගමන් තරුණයාට උඩින් යන්නට සිතෙන්නට ඇත. ඔහු වහා ජාම් බේරා ගත්තේය. තරුණයා හීන් සීරුවේ පසෙකට වූයේ පූසකු දුටු මී පැටියෙක් මෙනි. ඇය ආරක්‍ෂක අංශයේ උසස් නිලයක් දරන්නියක් බව දැනගත් බසයේ සිටි මගීහු ඇය දෙස බැලූවේ ගරු සරු ඇතිවය. හැඩිදැඩි තරුණයාද, සෙනඟ අතරින් නොපෙනී ඉදිරියට ගොස් ඊළඟ නැවතුමෙන් බැස යන අයුරු දැක ගත හැකි විය.



අදහස් (0)

හේත්තුව දාන්න ආ තරුණයාට තරුණිය ‘තරු’ පෙන්නලා

චමින්ද Friday, 16 November 2012 05:31 AM

ඒ වෙලාවෙම කණ පුපුරන්න දෙකක් දුන්නා නම් සෙනග ඉස්සරහදීම, ආයෙත් ඔය වගේ වැඩ කරන එකක් නැහැ. (නි)

:       0       0

Ama Thursday, 26 January 2012 01:37 AM

තව පොඩ්ඩෙන් මිනිහ ලාංඡනයක් කෙල්ලට තියනවා.

:       0       0

හිරාන් Monday, 23 January 2012 07:05 PM

ඒ තරුණිය ආරක්ෂක අංශයේ නිසා එහෙම වුණා. සාමාන්‍ය තරුණියකට ඉතින් දෙවියන්ගෙම පිහිට තමයි

:       0       0

කුමා Monday, 23 January 2012 09:00 PM

නියමයි

:       0       0

අසේල Monday, 23 January 2012 09:10 PM

ඔය වගෙ මිනිස්සුන්ට දඩුවම් දෙන්න ඕනෙ...

:       0       0

ගාමිණී තිලකසිරි Friday, 20 January 2012 01:09 PM

හරිනම් ලාංඡනය විතරක් පෙන්නල මදි දඩුවමකුත් දෙන්න ඕනා

:       0       0

Kar Friday, 20 January 2012 01:22 PM

හොඳ වැඩේ

:       0       0

චතුරංග Tuesday, 24 January 2012 02:08 PM

ඒ වැඩේ නම් නියමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 623 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site