(කරන්දෙණිය – එම්. සුසිල් ප්‍රියන්ත)
ආරාධනා ලැබ ජැන්ඩියට හැදගෙන මහත් ආශාවෙන් තරුපහේ හෝටලයක රාත්‍රී භෝජන සංග්‍රහයකට ගිය ආරාධිත පිරිසකට නිවෙසින් සකසා රැගෙනවිත් තිබූ කෑම පාර්සල් භුක්ති විඳීමට සිදු වූ අපූරු පුවතක් වාර්තාවේ.

සාහිත අම්බරයේ තරමක නමක් දිනාසිටි ඔහු සංවිධානය කළ එක්තරා උත්සවයක් ප්‍රදේශයේ තරු පහේ හෝටලයක ගැනීමට කටයුතු යොදා තිබිණි. හෝටල් හිමියා සිය හෝටලයේ ශ්‍රවනාගාරය නොමිලයේ ඔහුට ලබාදුන්නේ ඔහු ප්‍රදේශයේ පිළිගත් පුද්ගලයකු නිසාය.
කොරෝනා වසංගතය නිසා සිය හෝටලයේ ශ්‍රවනාගාරය ලබාදීම ද ඔහුට පාඩුවක් නොවීම මෙයට තවත් හේතුවක් ද විය.
කතානායකයා ආරාධනා පතක් ද සකස් කළේය. උත්සවය අසවල් තරු පහේ හෝටලයේ රාත්‍රියේ පැවැත්වෙන බව ද සඳහන් කළේය. සහභාගීවන සැමට රාත්‍රී ආහාරය ද ලබාදෙන බවට ද එහි සඳහන් කිරීමට ද ඔහු අමතක නොකළේය.
මේ ආරාධනා පත්‍රය ඔහු සෑහෙන පිරිසකට බෙදා දුන්නේය. මේ ආරාධනා පත්‍රය අතට පත් වූ බොහෝ ආරාධිතයන්ට හෝටලයේ ප්‍රනීත ආහාර ගැන සිහියට නැගිණි. මේ හෝටලය ඒ තරමට ම රසවත් ආහාර පාන ලබාදීම සම්බන්ධයෙන් ප්‍රදේශය පුරා ප්‍රචලිතව තිබීම ඊට හේතුවක් වී තිබිණ. ඒ නිසා වටිනා ලියුම් කවරයක් ලබාදීමට ද ඔහු තීරණය කළේය. ඒ මේ හෝටලයේ කෑම වේලක මිල දන්නා නිසාවෙනි.
උත්සවය පැවැත්විණ.
ඔහු සිය කාර්ය ඉටු කර ඔවුන්ගෙන් මුදල් කවර ගෙන ද හමාරය. අවසානයේ දී ඔහු උත්සවය අමතා කතා කරමින් කීවේ මේ උත්සවයට සහභාගී වූ සැමට මේ හෝටලයෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබා දීමට කැමැත්තෙන් සිටියත් කොරෝනා මර්දන නීතිය නිසා එය කිරීමට නොහැකි වූ බවත් ඒ නිසා නිවෙස් කරා යන අයට උත්සව ශාලාවේ දොර ළඟින් කෑම පාර්සලයක් ලබාගත හැකි බවත් ය.
මේ ප්‍රකාශයෙන් පසු හෝටලයෙන් රාත්‍රී ආහාර වේල ලබා ගැනීමේ අරමුණෙන් සිටි පිරිස මුහුණෙන් මුහුණ බැලූහ.
එහෙත් මේ කෑම පාර්සලය මේ හෝටලයෙන් සකසා දෙන එකක් යයි සිතා ඒ අය යම් තරමක් දුරට සිත හදාගත්හ. කෑම පාර්සලය නිවෙසට ගොස් ලිහා බලන විට දක්නට ලැබුණේ එය හෝටලයක නොව නිවෙසක සකසන ලද කෑම එකක් බවය. පසුව දැන ගන්නට ලැබී ඇත්තේ මේ කෑම පාර්සලය ඔහුගේ නිවෙසේ සැදූ එකක් බවය. මේ බව දැනගත් ඔවුහු ඔහුට දුන් මුදල් කවරය ගැන සුසුම් හෙලූහ.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
582
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හෝටලයකින් ජයට කන්න ඇවිත් ගෙදර ගිහින් හුළං බොයි
sampath Tuesday, 29 December 2020 11:09 AM
මෙවා මහ විකාර වැඩ ... මිනිස්සු යන්නේ කන්න බලන් ඒක නොදැන යම් ලාභයක් ගන්න මෙ වගේ වැඩක් කළාම හෝටල් එකටත් හොද නෑ. ඔයා කරපු කෙනාට පාරක බැහැලා යන්න බැරි වෙනවා. කාටහරි ආරාධනා කරනවා නම් හොදටම සංග්‍රහ කරන්න. නැතිනම් ආරාධනා නොකර ඉන්න.