IMG-LOGO

2025 දෙසැම්බර් මස 12 වන සිකුරාදා


හෝටල් කළමනාකරු අන්දා අනුන්ගේ කාමරයකට වැදී කා බී පැන ගිහින්

(අකිල බද්දෙවිතාන)
දින කිහිපයකට පෙර කොළඹ කොල්ලූපිටියේ තරු පහේ හෝටලයකට ත‍්‍රීරෝද රියක් ඇතුළු කැරිණි. එම හෝටලයට ත‍්‍රීරෝද රථ ඇතුළු කිරීමට ඉඩ නොදෙන නමුත් එහි සිටි පුද්ගලයා කියා සිටියේ තමාගේ කකුලක් අනතුරට ලක්වී ඇති බවයි. කිහිලිකරුවක්ද ඔහු ළඟ විය.


කිහිලිකරුවෙන් හෝටලයට ඇතුළුවූ ඔහු එහි ලොබියේ අසුන්ගත්තේය. හෝටලයේ කාමරයක අංකයක් කී ඔහු තමා එහි කාමරයේ සිටින බව ද සඳහන් කළේය. ඔහු කී විස්තර කළමනාකරුගේ පරිගණක තිරයේද දිස්විය. කාමරයේ යතුර කොහෙදෝ වැටී ඇතැයි ඔහු කීීය. කෑම ඇණවුම් කරද්දී ඔහු බ්ලැක් ලේබල් විස්කි බෝතලයක්ද ඇනවුම් කළේය. එවැනි හෝටලයක බ්ලැක් ලේබල් විස්කි බෝතලයක මිල රුපියල් 45,000 ක් පමණ වේ. රෑට කෑමෙන් පසුව විස්කි බෝතලය ඔහුගේ සහායකයාට දී ඔහුත් සමඟ හෝටලයෙන් පිටවී ගියේය.


කළමනාකරු ඉන්පසු ඔහු කිවූ කාමරයට බිල යැව්වේය. කාමරයේ ආගන්තුකයාට තරු පෙනිණි. ඔහු එම දේවල් ඇණවුම් නොකළ බව කීය. කළමනාකරු පොලිසි ගියේය. පොලිසිය හෝටලයේ සීසීටීවී ආරක්‍ෂක කැමරා පිරික්සුවේය. එමගින් ත‍්‍රිරෝද රියැදුරා සොයාගත්තේය. පොලිසිය ඔහුගෙන් ප‍්‍රශ්න කළේය. හරි හොඳ මහත්තයා, මාත් එක්ක ඉඳ හිටලා ඔහොම හෝටල්වලට යනවා. මහත්තයා කාලා බීලා මටත් දෙනවා. අඩියකුත් දෙනවා. එදා මහත්තයා මාත් එක්ක හෝටලයට ගියා. කෑවා බීවා. මටත් දුන්නා. මහත්තයා අතුරුගිරිය පැත්තේ ගෙදරටත් ගිහින් ඇරලූවා.


පොලිසිය ඔහු සොයා ගත්තේය. ඔහු විශ‍්‍රාමිකයෙකි. වයස 61 කි. විශ‍්‍රාම ගත්තේ පොලිස් බුද්ධි අංශයෙනි.



අදහස් (0)

හෝටල් කළමනාකරු අන්දා අනුන්ගේ කාමරයකට වැදී කා බී පැන ගිහින්

ගනිදු Wednesday, 29 July 2015 04:32 AM

බුද්ධිය විනෝදය සදහා භාවිතා කිරීම තව එක නිදසුනක්. (හේ)

:       0       0

විපුල Wednesday, 29 July 2015 04:45 AM

හොද වැඩේ.වයස හැටියට නෙමෙයි වැඩ.(හේ)

:       0       0

බද්‍රනි Wednesday, 29 July 2015 03:50 PM

පිනට කන්න බොන්න තිබෙන පෙරේතකම මිසක් ඉතින් වෙන මොකක්ද? ලැජ්ජා නැතිකම පිරිමිකමටත් වඩා ලොකු ඇති. (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 30 July 2015 01:27 PM

මාර අන්ඩ පාලයෙක්නේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 598 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 507 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 429 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site