IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා

මොරගොල්ලාගම සිසිරකැලේගම 


ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන් අසන්නට ලැබුණි.
පහ වසර යනු දරුවන්ගේ විභාගයට වඩා අම්මාවරුන්ගේ විභාගයකි. ඒ තරමටම ජය ලබනා තෙක් අම්මලාගෙන් දරුවන්ට ඉස්පාසුවක් නැත.
ගම්බද පාසලක අම්මලා පාසලේ හා අවට පන්තිවලට දරුවෝ යවති.
පන්තිය නිමවෙන තෙක් තම දූ පුතුගේ ඇති හැකියාවන් ගැන උජාරුවට කියති.
මෙම දරුවන් උදෙසා ඇතුගල ප්‍රදේශයේ පැවැත්වෙන සම්මන්ත්‍රණයකි. එය පවත්වන්නේ දක්ෂ ගුරුවරයෙකි. මේ සඳහා හතර දිග්බාගයෙන්ම සිසු දරුවෝ එති.
ඔවුන් රැගෙන මව්පියෝ ද පැමිණ සිටිති.
දරුවන් ඉදිරියේය. වැඩිහිටියන් ඒ පිටුපසය. තිරයක් මැද ශබ්ද විකාශනයන් හමුවේ පැවැත්වෙන සම්මන්ත්‍රණය ගැමි දරුවන්ට පමණක් නොව ඔවුන් සමඟ ආ වැඩි හිටි පිරිසටද සැබෑ වෙනසකි.
මෙහිදී ගුරුවරයා “ප්‍රස්ථාපිරුළු”‍ යනු තැනට ගැළපෙන අර්ථවත් අරුතක් ප්‍රකාශ කිරීම වෙනුවටභාවිතා කරන කෙටි වැකියක් බව හඳුන්වා දුන්නේය.
එක එක දරුවන්ගෙන් විවිධ ප්‍රස්ථාපිරුළු ගැන ඇසුවේය.
මේ අතර ගැමි පෙදෙසින් පැමිණි දරුවන්ට නැගිටින ලෙසට අණ කළේය.


කිහිප දෙනෙකු ඉදිරිය⁣ට ගෙනාවේය.
“නයාට අඳු කොළ පේනවා වාගේ”‍ කියමනෙහි තේරීම නොව එයට සමාන අර්ථයක් සහිත වෙනත් වැකියක් කියන්නට ඔවුනට අවස්ථාව ලබා දුන්නේය. බොහොමයක් කියන්නට යමක් නැතිව ඒ දෙස බලා සිටියදී එක දරුවෙක් අත ඉස්සුවේය.
පළමුව නම, පාසල ගැන පවසා සමාන අර්ථයක් කියන්න ගුරුවරයාගේ ඉල්ලීම කරමින් ඔහු අතට මයික්‍රපෝනය දුන්නේය.
“අන්න මගේ පුතා උත්තරේ කියනවා”‍ කියලා තම අම්මා පිටුපස සිට පිට පැත්තෙන් වේදිකාව අසලටම දිව ගියාය.
“නයාට අඳු කොළ පේනවා වාගේ කියන්නේ ඇත්තටම අපේ තාත්තාට අම්මා පේනවාවාගේ යි”‍ ඔහු ශබ්ද නගා කීවේය.
සියල්ලෝ සිනාසෙන විට එපා හිනා වෙන්න ඒ කියමන හරියට හරි “කියනා විට එළියේ වේදිකාව අසල පිටත රැඳී සිටි අම්මා එතැනින් නොපෙනී ගොස් සිටියාලු‍.



අදහස් (1)

සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා

ගුණරත්න Wednesday, 20 November 2024 11:45 AM

අසරණ පොඩි එකා...!

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site