IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


සිසුවකුගෙන් ගණිත ප්‍රශ්න පත්‍රයට ‘නයි’ පිළිතුරක්

දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් සැකසූ දහවැනි ශ්‍රේණියේ වාර විභාග ගණිත ප්‍රශ්න පත්‍රයට අපූරු පිළිතුරු දෙකක් ලියූ සිසුවකු පිළිබඳ පුවතක් දකුණු පළාතේ පාසලකින් වාර්තා වේ.


දකුණේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුට ගණිත විෂය අරහංය. එය හරියට වහ කදුරු මෙන්ය. ඒත් ඔහු සෑම වාර විභාගයකදීම සැලකියයුතු ලකුණු ප්‍රමාණයක් ගණිතය විෂයට ලබා ගත්තේය. ඒ ඔහුගේ යහළු යෙහෙලියන්ට පිංසිදු වන්නටය. ඔහු එක්කෝ සිය යහළු යෙහෙළියන්ගෙන් ප්‍රශ්න පත්‍රයේ ඇති ගණන්වලට පිළිතුරු අසාගනී.


නැතහොත් ඔවුන්ගෙන් කොපිකර ගනී. එහෙත් මෙදාපාර දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් දහවැනි ශ්‍රේණිය සඳහා සැකසූ ගණිත ප්‍රශ්න පත්‍රය ඉතා හොඳ මට්ටමක තිබුණේය. බොහෝ ගණිත ගැටලු තිබුණේ හොඳට හිතා මතා කිරීමටය. මේ නිසා සෑම ළමයෙකුටම තව කෙනෙකුට උදව්වක් හෝ කොපි කිරීමට අනුබලයක් ලබාදීමට කාලයක් නොතිබිණි.


මේ නිසා මේ සිසුවාට මෙවර ගණිත ප්‍රශ්නයට පිළිතුරු අසා ගැනීමට යහළුවන්ගෙන් උදව් ගැනීමට නොපුළුවන් විය. එමෙන්ම කොපිකර ගැනිීමටද අවස්ථාවක් නොවීය. ඒ ඔහුට උදව් කිරීමට කාටවත් වෙලාවක් නොතිබූ නිසාය. මෙයින් කෝපයට පත්වූ මේ සිසුවා ප්‍රශ්න පත්‍රයේ අසා තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස මෙලෙස ලිව්වේය. මේ ප්‍රශ්න පත්‍රය හදපු කෙනා ලොකු නයා කාපිය. අනෙක් ප්‍රශ්නයට ලිව්වේ මෙය බලන කෙනා පොඩි නයා කාපිය යන්නය. මේ පිළිතුරු දෙක ලිව්වේ ඔහුට වෙනත් කරන්න දෙයක් නොතිබූ නිසාය.

(කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත)



අදහස් (0)

සිසුවකුගෙන් ගණිත ප්‍රශ්න පත්‍රයට ‘නයි’ පිළිතුරක්

පිටබැද්දර ජයා Monday, 01 August 2016 11:26 AM

මේවා අහන්න දකින්න වෙන අපිවත් දිවියම කාපිය!

:       0       0

නිමල් Tuesday, 02 August 2016 09:36 PM

මේක අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිසුන් අතර හරි ප්‍රසිද්ධයි (නි)

:       0       0

හිමාල් Monday, 01 August 2016 08:22 AM

පරණ කතාවක්..(රේ)

:       0       0

ජයරත්න Monday, 01 August 2016 05:42 AM

පන්ඩිතකම් නැතුව පාඩම් කරලා විභාගයට සූදානම් වුනා නම් නේද හොද. නිවැරදි ක්‍රමවේදයකට අනුව අලස නොවී අභ්‍යාස කලහොත් ව්භාග වලට සාර්ථකව මුහුන දියහැකි බව සමහර ළමයි දන්නෙ නැහැ. (හේ)

:       0       0

අනුලා Friday, 05 August 2016 04:39 AM

අනේ පව් ඒ ළමයා! (නි)

:       0       0

ජහුටා මාමා - සෞදි අරාබිය Monday, 01 August 2016 07:07 PM

මෙවැනි ළමයින්ට කරුණාව දක්වා, හොදින් සොයාබලා උගන්වුවහොත් හොඳ මාවතකට ගන්න පුළුවන්. .(රේ)

:       0       0

හිමාල් Monday, 01 August 2016 06:37 AM

ප්‍රශ්න පත්‍රය බලපු කෙනාට මොනා හිතුනාද දන්නේ නෑ.(හේ)

:       0       0

ඉසුරන්දි Wednesday, 03 August 2016 08:21 AM

මේවා හිනාවිය යුතු කාරනා නෙමෙයි. දරුවාගේ අඩුපාඩු හොයල බලලා හරිමාර්ගයට ගැනීමට උත්සහා කිරීම තමයි එම දෙමාපියන් ඇතුළු වගකිවයුතු හැමෝගෙම යුතුකම.(ම)

:       0       0

නිලුපුල් Monday, 01 August 2016 09:55 AM

'දකුණේ ප්‍රධාන පාසලක ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහුට ගණිත විෂය අරහංය‘ ඉහත යෙදීම කිසිසේත් සුදුසු නොවේ. ‘අරහං' යන පදයෙන් අර්ථ ගැන්වෙන්නේ , ලොව්තුරා බුදුවරයන් වහන්සේලාගේ පළමු බුද්ධ ගුණයයි.......!!! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1423 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1297 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 468 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site