කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
පෝයට දෙන්න සිසිල් පැන් දන්සලකට මුදල් එකතු කර ඇල් වතුර දන්සලක් දුන් පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
ඔහු ඒ ගමේ කුලී වැඩ කර ජීවත් වන පුද්ගලයෙකි. විවාහක දරුවන් සිටින ඔහු උපන් ගෙයි මෝඩයකු වුවද කපටියෙකි. අධික ලෙස මත්පැන් පානය කරන ඔහු මත්පැන් බොන්නේ ඔහුගේ මුදලින් නොව කවුරුන් හෝ අන්දාගෙනය.
මේ බව දන්නා පිරිස ඔහු මගහැර සිටියද නැවත නැවත රැවටෙන එක සිරිතක් වෙලාය. එක් දිනක් මත්පැන් බෝතලයකට ඔට්ටු අල්ලා ඔහු පැරදී අරක්කු වෙනුවට ඔහු ලබා දී ඇත්තේ වෙන මත්වන පැණි බීමකි.
ඒ බව විමසූ විට ඔහු පවසා ඇත්තේ මම දෙනවා කිව්වේ මත්පැන් මිස අරක්කු නෙමෙයි යනුවෙනි. මේ අතර පෝය ළංවන විට ඔහු පාරේ සුරා බී හැසිරීම නතර කර නිවසට ගොස් රහසිගතව මත්පැන් පානය කර උපාසක වේෂයක් රඟපා ඇත.
මේ බව නොදන් ගමේ පිරිසක් දැන් ඔහු හැදිලා යැයි පවසා ඇත්තේ ඔහු දාන පොතේ පිට කවරය බලා තීරණ ගෙනය. මේ අතර අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සිතූ ඔහු පෝයට සිසිල් පැන් දන්සලක් දීම සඳහා මුදල් එකතු කිරීමට පටන් ගෙන තිබේ.
යහපත් වැඩක් හෙයින් ඔහුට සැලකිය යුතු පිරිසක් උදව් කර ඇත. කෙසේ වෙතත් පොහොය දින ඔහුගේ දන්සලට ගිය අයට ලැබී ඇත්තේ ඇල් වතුර වීදුරුවක් පමණකි.
ඒ බව විමසූ විට ඔහු පවසා ඇත්තේ මම දෙනවා කිව්වේ ‘සිසිල් පැන් මිස, පැණි බීම දන්සලක් නොවන බවයි. ආයේ රැවටුණු බව ගම්වැසියෝ ඔහුට හිතින් දොස් කියමින් යන්න ගියහ.
2025 දෙසැම්බර් මස 04
40
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
341
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
359
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සිසිල් පැන් දන්සලේ ඇල්වතුර දීලා