IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සීසීටීවියෙන් වලහෙක් එළියට පැනලා

පෝද්දල සරත් ආනන්ද ගමගේ
නිවෙසක සවිකර තිබෙන ආරක්ෂිත කැමරාවක මධ්‍යම රාත්‍රියේ වලසකු දර්ශනය වීම නිසා ප්‍රදේශයම වලස් බියකින් වෙලීගිය පුවතක් දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා වේ.


සිද්ධිය මුලින්ම දැක ඇත්තේ එම නිවෙසේ මව හා දියණියයි. හරියටම මධ්‍යම රාත්‍රී 12.00 පසුවන විටම ආරක්ෂිත රූපවාහිණී තිරයේ වලසා දිස්වී ඇත. බියට පත්වන ඔවුන් දෙදෙනා ගෙදර වැඩිහිටියා ද අවදිකර මේ දර්ශන පෙන්වා ඇත.


පසුදා උදෑසන සිද්ධිය සැලවීමත් සමග බොහෝ දෙනා මෙම නිවෙසට පැමිණ රූපවාහිනි දර්ශන නැරඹූහ. එහි දී නිවෙස් හිමියා සීසීටීවී දර්ශන නරඹමින් එම සත්වයා වලසකු බවට තහවුරු වී ඇති අතර එය නැරඹුවෝ ද ඒ වලසකු බව පිළිගත්හ.


මෙම ගම්මානය ආසන්නයේ වතු සමාගමකට අයත් අක්කර 50කින් පමණ යුතු ඌරන් ගෝනුන් සිටින විශාල කැලයක් සහිත භූමියක් පොල් වගාකිරීමට හෙළි පෙහෙළි කරමින් තිබෙන නිසා එහි වලසුන් ද සිටින්නට ඇතැයි බොහෝ දෙනා අනුමාන කළහ.


සිද්ධිය සැලවීමත් සමග වඩාත් කලබලයට පත්ව සිටියේ වතු සමාගමට අයත් පොල්වගා කිරීමට සූදානම් කරන ඉඩම මුරකරන පුද්ගලයාය. ඔහු ප්‍රදේශයේ වෙසෙන පරිසරවේදියකු හමුවී සිද්ධිය සැලකර පිළිසරණක් පැතීය.
පරිසරවේදියා මිතුරකු සමග එම නිවෙසට පැමිණ අදාළ දර්ශන නරඹා ඒවා ඔහුගේ ජංගම දුරකතනයේ පටිගත කරගෙන පැමිණ ඇත්තේ හෙට උදෑසන වෙද්දී ඒ පිළිබඳව සත්‍ය තොරතුරු පවසන බව පවසමිනි.


ඔහු පටිගත කරගෙන පැමිණි දර්ශන පසුදා උදෑසන අගනුවර ප්‍රසිද්ධ පරිසරවේදියකු හා සත්ව විද්‍යාඥයකු වෙත ලබා දී සතා හඳුනා ගැනීමට සහය පැතීය. අනතුරුව ඔහු පිළිතුරු ලබා දෙමින් කියා සිටියේ ඒ වලසකු නොව විශාල ඉත්තෑවකු බවය. රාත්‍රී කාලයට කළු සුදු කැමරා දර්ශනවල දී සුදු පැහැය ද කලුපැහැ ගැනීම නිසා ඉත්තෑකූරු මයිල් ආකාරයට දිස්වී ඇතිබව පැහැදිලි කර ඇත.


ප්‍රදේශයේ පරිසරවේදියා මෙම කාරණ හෙළිකිරීමෙන් පසු එම නිවෙස් හිමියන්ගේ මුරකරුගේ සහ ගම්වාසීන්ගේ බිය පහව ගියේය.


සිද්ධියෙන් වඩාත් බියට පත්ව සිටි වත්තේ මුරකරුගෙන් ඇතැමුන් ‘වලහ දැක්කේ නැද්දැයි’ අසන්නේ ලුනු ඇඹුල් ඇතිව හොඳ දේශනයක් අසා ගැනීමේ බලාපොරොත්තුවෙනි.



අදහස් (0)

සීසීටීවියෙන් වලහෙක් එළියට පැනලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site