තම නිවසේ කොටසක වෙළෙඳසලක් පවත්වාගෙන යන අයෙකි. කුඩාවට පටන් ගත් වෙළෙඳසල සුළු කාලයක දී ශීඝ‍්‍ර දියුණුවක් ලැබීය.
දිනක් ත‍්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකි. අයකුගේ අතේ ආගමික ස්ථානවල සහ නිවෙස්වල පාවිච්චියට ගන්නා සුවඳ දුම් පැකට් බණ්ඩලයක් විය.
”මුදලාලි හොඳ කොලිටියේ සුවඳ දුම් පැකට් තියෙනවා” යැයි පැවසූ අනෙකා පැකට්ටුවක් කඩා එහි ඇති කුඩු මුදලාලිගේ නාසයට ළං කළේය. ඒවා ඉස්තරම්ම සුවඳ ධූප වර්ගයක් බව සුවඳින්ම මුදලාලිට වැටහී ගියේය. පැකට්ටුව අලංකාර දවටනයකින් ආවරණය වී තිබිණි. ලියාපදිංචි අංකය සහ මිල ද එහි සටහන් වී තිබිණි.
”කොහොමද දාන්නේ” මුදලාලි විමසීය. ”
එකක් විකුණන්නේ රුපියල් 30යි. පැකට් සියයක් ගන්නවනම් එකක් පහළොව ගානේ දෙන්න පුළුවන්. සියයට අඩුවෙන් ගන්නවා නම් එකක් රුපියල් විස්සයි”
මුදලාලිගේ පලපුරුද්ද අනුව පැකට් සියයක් ගැනීම විශාල ලාභයක් බව ඔහුට වැටහිනි. හෙතෙම රුපියල් එක්දාස් පන්සීයක් ගෙවා පැකට් සියයක් ගෙන වෙළෙඳසලේ එල්ලා තැබීය. සවස දුම් ඇල්ලීම සඳහා කඩන ලද පැකට්ටුවේ කුඩුවලින් දුම් ඇල්ලූ විට සුවඳ දුම් කඩයේ පමණක් නොව පාර පුරා ද විහිදෙන්නට විය. අසල නිවැසියෙක් පැකට්ටුවක් මිලදී ගත්තේ ”ෂා පුදුම සුවඳක්නේ” කියමිනි. සුළු වේලාවකින් ඔහු ”මුදලාලි මේකේ තියෙන්නේ ලී කුඩුනේ” යැයි පැවසීය. පසුව පරීක්ෂා කළ විට දක්නට ලැබුණේ සෑම පැකට්ටුවකම ඇත්තේ ලී කුඩු බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස් දෙකේදීම තිබුනේ වංචා සහගත දේවල්. මුලු රටෙන් භාගයක්ම ජීවත් වෙන්නේ වංචාවෙන් සහ බොරුවෙන් (නදී)
ලි කුඩු දාලා ඕකව ගිනිතියන්න තිබ්බේ (අ)
සමන්ති ගොම පුච්චපු අළු නොවෙයි ඉතා හොඳින් වියලන ලද සිහින්ව අඹරා ගත් ගොම කුඩු. සිහින්ව අඹරා ගත් ඕමී හෙවත් උලිලු පොතු තලපයක් සමග මිශ්‍ර කරලා උන ලී වලින් ගලවා ගත් සිහින් පතුරක තවරලා වේලා ගත්තම හඳුන් කූරුහරි. ඊට පස්සේ කැමති සුවඳ දියරයක් තවරලා යලිත් පවනේ වේලා ගත්තම විකුනන්න පුළුවන්. ඔන්න සමන්ති කැමති නම් ගෙදර ඉඳන් කරන්න රස්සාවක් කියල දුන්නා. (නදී)
මොනවා උනත් මොකද සුවඳ එනවා නම් (නදී)
අපෝ රුපියල් 1500 ක ගනුදෙනුවක්නේ වෙලා තියෙන්නේ. ත්‍රීවිල් එකට පෙට්ට්‍රල් හා කුඩු පැකට් එකේ කවරය සාදන්නත් මුදලක් ගිහින් තියනවා. මෙම වංචාව කරපු අයට ආහාර වේලක්වත් ගන්න මුදල් මදීනේ අපි වගේ. (නදී)
ලංකාවට ගිය කලක්! (නි)
කොතන බැලුවත් හොරකම, බොරුව සහ වංචාව රජ වී ඇති හැටි! (නි)
මම දන්නා කෙනෙක් ඔය වගේ ,ඉන්දියන් නම දාල හදුන්කුරු හදලා විකුනනවා , මම එයාලට පැහැදිලි කරා වැඩේ වැරදි බව , නමුත් එයාල ගණන් ගන්නේ නැහැ , ඕක මම අල්ලා දුන්නොත් මාත් එක්ක දිගටම තරහ වෙනවා , එයාලගේ දියුණුවට ඉරිසියා කරනවා කියලා , මොකක්ද හොඳ මට හිතාගන්න බැහැ. (ස)
කොහොමටත් හඳුන් කූරුවල තියෙන්නේ ගොම පිච්චූ අළුනේ. සුවඳ තවරන්න අමතක වෙන්න ඇති (නි)
මොකටද කඩවලින් කුඩු පැකට් ගන්නේ? සිංහල බෙහෙත් කඩේකින් හොඳ සාම්බ්‍රානි කැට ටිකක් අරන් කොටලා කුඩු කරලා තියාගෙන පාවිච්චි කරන්නකෝ. හොඳ වැඩේ කම්මැලිකමට ඔය ලී කුඩු, දහයියා කුඩු කලවම් කරපුවා ගන්නවාට. (නි)