IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සේවක මොළෙන් හාම්පුතාගේ වාසනාව රුවිතෙට අරන් වැරදිලා

අලු‍ත්ගම තුසිත කුමාර ද සිල්වා 
එක්තරා ආයතනයක   හිමිකරුවකුට මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය බලපා තිබියදී  වාහනයට තෙල් ටිකක් පෝලිමේ නොසිට ගහගන්න දහ අතේ කල්පනා කර මින් සිටි වෙලාවක  ඒ ගැන තම සේවකයකු අපූරු යෝජනාවක් කර ප්‍රතිඵල ලබාගත් පුවතක්  ප්‍රකට නගරයකින්  දැනගන්නට ලැබිණ.


මෙය තම ආයතනයේ ලොක්කාගෙන්  ලකුණු දාගන්න හොඳ  අවස්ථාවක්  යැයි සිතූ  ඔහු දරු  ප්‍රසූතියට ආසන්න වෙමින් සිටි තම බිරියට මේ ගැන පවසා ආයතනයේ ලොක්කාගේ වාහනෙන් ගොස්  උප්පරවැට්ටියක්  දමා ඉන්ධන හලෙන් පෝලිමේ නැතුව වාහනේට තෙල් ටිකක් ගහ ගන්නා ලෙසට බිරිඳට උපදෙස් දුන්නේය. 


ඒ අනුව ආයතනයේ ලොක්කා එම සේවකයාගේ බිරිය තම වාහනයේ ඉදිරිපස අසුනේ වාඩි කරවාගන තෙල් පෝලිමක් සහිත ඉන්ධන හලකට  වාහනය ඇතුල් කර එහි සිටි ආරක්ෂක නිලධාරින්ට කරුණු පැහැදිලි කර පෝලිමෙන් තොරව තෙල් ගහගෙන පිටත්ව ගොස් තිබේ.


ඒ ගැන යෝජනා කළ සේවකයාටත්  ඔහුගේ ගැබිනි බිරියටත්   ආයතනයේ ලොක්කා මහත්සේ ප්‍රශංසා කර තිබේ.


මේ ගැන උජාරුවට පත් සේවකයා ලොක්කාගෙන් ලැබුණු සන්තෝසමෙන් කොටසක් බිරියට දී ඉතිරි කොටස වියදම් කර මිතුරන් කීපදෙනෙකු සමඟ හවුලේ පොඩි සාදයක් පවත්වා එතනදී ද ප්‍රධාන මාතෘකාව වී ඇත්තේ ගැබිනි බිරිය යොදවා බොස්ගේ වාහනයට පෝලිමක් නැතුව ෂෙඩ් එකෙන් තෙල් ලබාගත්  සිද්ධියයි.


මේ අතරතුර දින කීපයකට පසුව ආයතන හිමිකරු නැවතත් තෙල් ගසා ගැනීමට අවශ්‍ය බව පවසා එම සේවකයාගේ බිරිය සමඟ ඔහුට අයත් වෙනත් වාහනයකින් පෙර දින නොගිය වෙනත් ඉන්ධන හලකට ගොස් තිබේ.  


පෙරදින මෙන් ම දෙවන දිනයේ  ඉන්ධන හලේ ආරක්ෂක නිලධාරීන්ට කරුණු පවසා පවුල් සෞඛ්‍ය සේවිකා නිලධාරිනිය ගර්භනී සමයේ ගැබිනියන්ට ලබාදී තිබෙන අදාල පොත් පිංච ද පෙන්වා තම මහත්තයත් සමග රෝහලට යන්න ඉන්ධන ලබා දෙන ලෙස  ආයාචනය කරමින් සිටියදී එකවරම එම ස්ථානයට ඉන්ධන හලේ වෙනත්ස්ථානයක සිටි රජයේ ආරක්ෂක අංශ නිලධාරියකු පැමිණ තිබේ.


එම නිලධාරියා මෙසේ පවසා තිබේ. ඔය මිස් මම ඩියුටි කරපු  වෙනත් දවසක අහවල් සෙඩ් එකටත් මේ වගේ ආවා නේද? එදා ආවේ මේ වාහනයේ නෙවෙයි මට හොඳට මතකයි. මම හරි නේද. එදත් ඔබතුමිය අපි රවටා අනුකම්පාව ලබාගෙන රෝහල් ගතවෙන්න කියලා වාහනයට තෙල් ගහගෙන ගියා.  දවස් ගණන් පෝලිමේ  මිනිස්සු ඉන්දැද්දී අපිත් ඔයාගේ මාතෘත්වයට ගරු කර මනුෂ්‍යත්වයෙන් තෙල් ටිකක් ගහන්න අවසර දුන්නා. ඔබතුමිය ඒක උපයෝගි කරගෙන අදත් ඒ වගේම තෙල් ටිකක් ගහගෙන යන්න ආවා. එදා ආවේ වෙනත් වාහනයකින්. මට හොඳට මතකයි  ආරක්ෂක නිලධාරියා පැවසීය. 


හරි දෙන්නකෝ ඔබතුමියගේ ඔය පත්‍රිකාව කියා එය පරීක්ෂා කර බලන්න.  මෙයට  අනුව ඔබට රෝහල්ගත වෙන්න තවත් මාස දෙකක් විතර තියෙනවා. ඇයි මෙහෙම ඉඳගෙන බොරු කරන්නේ?’ යි ඇසීය.



අදහස් (0)

සේවක මොළෙන් හාම්පුතාගේ වාසනාව රුවිතෙට අරන් වැරදිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 697 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17866 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site