සිංහල හින්දු අලුත් අවුරුදු දිනවල නිවසට එන අමුත්තන්ට සංග්‍රහ කිරීමට මාළු මිලදී ගැනීමට ගෙන ගිය රුපියල් විසිදහසක මුදල අහිමි කරගෙන හිස් අතින් යළි නිවසට ඒමට තරුණ අඹුසැමි යුවළකට සිදුවූ පුවතක් රක්වාන පොලිස් බල ප්‍රදේශයෙන් වාර්තා විය.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
ගෙවී ගිය සිංහල සහ හින්දු අලුත් අවුරුදු දිනවල නිවසට එන නෑදෑයන්ට සහ අමුත්තන්ට සංග්‍රහ කිරීමට උවමනා කර තිබූ මාළු මිල දී ගැනීමේ අදහසින් මෙම තරුණ අඹුසැමි යුවළ මාදම්පේ මාළු වෙළඳ සංකීර්ණයට ගොස් ඇත. මෙදින මාළු මිල දී ගැනීමට විශාල පිරිසක් පැමිණ සිටි අතර මාළු මිලයට ගන්නවා තියා වෙළඳ සංකීර්ණයේ එහා මෙහා ඇවිද යාම ද අපහසු වී ඇත.
මෙම යුවළ දැඩි අපහසුවකින් මාළු වෙළෙන්දෙකු අසලට ගොස් තමන්ට අවශ්‍ය මාළු වර්ග කිහිපයක්ම තෝරාගෙන ඇති අතර තෝරාගත් මාළු සඳහා මුදල් ලබාදීමට සිය බෑගයට අත දැමූ තරුණ කාන්තාවට තරු වීසි විය. බෑගයේ තිබූ රුපියල් 20,000ක මුදල කිසිවෙකු සොරාගෙන ඇති බව වටහා ගත් කාන්තාව මහ හයියෙන් කෑ ගැසීමට පටන් ගෙන ඇත. මුදල් සොරාගෙන ඇති බව පවසා කෑ ගසමින් තරුණයෙකුගේ අතින් අල්ලාගෙන සිටිනු දුටු මාළු වෙළඳසලට පැමිණි සිටි පුද්ගලයන් සහ මාළු වෙළෙන්දන් විසින් එම තරුණයාට පහර දීමට උත්සාහ ගෙන ඇත. අනතුරුව අතින් අල්ලාගෙන සිටින්නේ තම සැමියා බව පවසා මුදල් ද මාළු ද නොමැතිව සිය ස්වාමි පුරුෂයාව ද බේරාගෙන මාළු වෙළඳ සංකීර්ණයෙන් පිටතට පැමිණ හිස් අතින්ම යළි නිවසට යාමට තරුණ කාන්තාවට සිදු වූ බවද වාර්තා විය.
රක්වාන ඩබ්.ඒ. සිරිසේන
2025 දෙසැම්බර් මස 18
147
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සල්ලි හුටපටේකට ගුටි නොකා අනූනමයෙන් බේරිලා