කොළඹට නුදුරු නගරයක බස්නැවතුම් පොළක් අසල බිම වාඩි වී හිඟමනේ යෙදෙන අන්ධ හිඟන්නෙක් සිටියේය.
ඔහුගේ සහායට අවුරුදු 16ක් පමණ වයසැති කොලූ ගැටයෙක් ද විය. ”කරුණාකර මේ අන්ධ හිඟන්නාට ඔබේ ආධාරය ලබා දෙන්න.” යනුවෙන් සඳහන් පුවරුවක් ඔහු අසලින්ම තබා තිබේ. මේ අන්ධ හිඟන්නා මුලින්ම කරන්නේ සෙනඟ එක්රැුස් කර ගැනීම සඳහා ගීත කීපයක් ගායනා කිරීමයි.
ගීතවල තාලයට අනුව රබාන ගසන්නේ කොලූ ගැටයායි. අන්ධ හිඟන්නාගේ ගීත ඇසීමට නගරයේත් බස්නැවතුම්පොළේත් සෑහෙන පිරිසක් දිනපතාම මේ ස්ථානයට ඇදී ආහ.
දිනක් හරි අපූරු දෙයක් සිදුවිය. කොලූ ගැටයා කුඩා පෙට්ටිය ද රැුගෙන සෙනඟ අතරට ගියේය. වෙනදාට වැඩියෙන් මුදලක් එක්කාසු කර ගත් කොලූ ගැටයා ආපසු අන්ධ හිඟන්නා වෙත පැමිණ මුදල් පෙට්ටිය බිමින් තැබීය.
ඒ දෙස උකුසු ඇසින් බලා සිටි ගැටකපන්නෙකු පිරිස අතරේ සිටි බව කිසිවකු දැන සිටියේ නැත. කොලූ ගැටයා මුදල් පෙට්ටිය අසලින් මදකට ඈත් වී රැුස්ව සිටි පිරිස අතරේ කෙනකු සමග කතා කරන්නට පටන් ගත්තා පමනි. ගැටකපන්නා වහාම ඉදිරියට පැමිණ මුදල් පෙට්ටිය රැුගෙන දුවන්නට පටන් ගත්තේ විදුලි වේගයෙනි. ඒ දුටු හිඟන්නා කෑගසන්නට විය. ”කොල්ලෝ, අන්න අරූ සල්ලි පෙට්ටිය අරන් දිව්වා.
ඉක්මනට පස්සෙන් එළවලා අල්ලගමු.” කොලූ ගැටයා සමග සෙනඟ තල්ලූකරගෙන අන්ධ හිඟන්නා ගැටකපන්නා පසුපස වේගයෙන් එළවාගෙන ගියේ රැුස්ව සිටි පිරිස විශ්මයට පත් කරමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම අන්ධ හිඟන්නෙක් රාගම දුම්රියපොළ අවටත් ඉන්නවා. ඔක්කොටම පේනවා ඇස් පෙනෙනවා කියලා. ඒත් සමහරු සල්ලි දෙනවා (නි)
මේ දිනවල කොළඹ අවට පිත්තල භාජනයක් රැගෙන සිඟමන් යදින අපට නුපුරුදු අමුතු ඇඳුමකින් සැරසුන විදෙශිකයෙන් සිටියි. මොහු කතාකරන බස අපට හුරු බසක් නොවේ. සංචාරක විසා මත පැමිණ කිසියම් ස්ථානයක නැවතී සිඟමන් යදින බව පෙනේ. (නි)
තමන්ගේ මඩියට විදිනවිට අන්ධයන්ටත් ඇස් ඇරෙන බව මෙයින් පැහැදිලි වෙනවා. මේ විදියට ගියොත් අපේ රටේ අනෙකුත් "අන්ධ යාචකයන්ටත්" රෝහල් නොගොස්ම ඇස්පෙනීම ලබාගන්න පුළුවන් වේවි (නි)
සමන්ති කියන කතාව ගැන ටිකක් හොයල බැලුවානම් හොඳයි කියා හිතෙනවා. හිගන වෙසින් ත්‍රස්තවාදියෝ එන්න පුළුවන්. .(රේ)
යාචක බද්දක් අය කරා නම් ගොඩක් යාචකයන්ගෙ ලෙඩ සුව වෙයි (ම)
දකුණේ කෙනෙක්ද කොහෙද? (නි)
මනෝජ් හරි. මේ බොරුවෙන් ජීවත්වෙන්න එපා කියන ගොඩාක් අය කොපමණ වෙලාවට බොරුවෙන් ජීවත්වෙනවද? (නි)
මේ මනුස්සයා වංචාවෙන් මුදලක් ඉල්ලා ගත්තා. වංචාවෙන්, ඉල්ලන්නේ නැතුවම මුදල් ගන්න අය කොපමණ ඉන්නවද? වැඩේ වැරදියි. නමුත් අපේ රටේ වෙන දේවල් වල හැටියට මේක සුළු දෙයක්. (නි)
ඒ මනුස්සයට ලැබුන සල්ලි ටික හොරකම් කරනවා තමන්ගේ ඇස් දෙකෙන්ම දැක්කහම තමන් අන්ධයි කියලා අමතක වෙන්න ඇති .. (නි)
වැඩි දෙනෙක් කරන්නේ බොරුව, ජනතාව මේ වගේ මිනිස්සුන්ට සල්ලි දෙන්ට එපා, මගේ අදහස එ්කයි..... අනිත් අය මොකද කියන්නේ ? (ස)
අම්මප කිත්තගේ මොලේ තමා මොලේ. දැන් හැමදේටම බදු ගහන කාලේ ඕකටත් ගැහුවම හරි. බොරුද මම කියන්නේ! (අ)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
ඔය ඔක්කොම බොරුකාරයෝ. ඔක්කොම කරන්නේ මුදල් හම්බ කරන්න. (නි)