IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


සල්ලි දුන්නත් නම හැලී ගිහින්

ඇල්පිටිය - චන්ද්‍රසිරි ගුණසේකර
අගනගරයක පැවැති උත්සවයක් ආරම්භයේ පොල්තෙල් පහන දල්වන්නට ගොස් සිය සැමියාගේ ඇනුම් බැණුම් අසාගෙන මුහුණ නරක් කරගෙන ආපසු ගෙදර පැමිණ රාත්‍රියටත් නොකා නොබී නිදාගත් බිරියක ගැන දකුණේ ගමකින් අසන්නට ලැබේ.
එම පවුල ගමේ අනෙක් කාටත් වඩා කැපී පෙනෙන්නට උත්සාහ කළ තරුණ යුවළකි. ගමේ සිදුවන සෑම කටයුත්තකදීම අනෙක් අයට වඩා ඉහළින් සිටීමට නිතරම මේ දෙදෙනා උත්සාහ කළහ. ගමේ සමිති සමාගම්වලද ඉහළ තනතුරු ලබාගන්නට මේ දෙදෙනා උත්සාහ කළහ.
මේ අතර පසුගියදා එම සමිතියක සාංවත්සරික උත්සවයක් අගනගරයේ පිහිටි උත්සවශාලාවක පැවැත්විණි. එය සංවිධානය කළ සංවිධායකයෝ මෙම උත්සවයේ වියදම් සඳහා සමිතියේ සාමාජික සාමාජිකාවන්ගෙන් දායකත්වය පැතූහ. රුපියල් දහස, දෙදහස වැනි මුදල් දායකත්වයක් සාමාජිකයෝ ලබා දුන්හ. සංවිධායකයෝ මෙම කැපී පෙනෙන පවුලේ බිරියගෙන්ද මේ සඳහා දායකත්වය ඉල්ලා සිටියහ. 


අනෙක් සාමාජිකයන් මේ සඳහා දුන් දායකත්වය ගැන විමසූ ඇය කියා සිටියේ ‘මම රුපියල් පන්දහසක්ම දෙන්නම්.හැබැයි මට පොල්තෙල් පහන දල්වන්න දෙන්න ඕනෑ’
සංවිධායකයෝ ඊට කැමැති වූහ. ඇය රුපියල් පන්දහසක්ම පරිත්‍යාග කළාය.
නියමිත දින උත්සවය ඉතා උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සංවිධායකයෝ කටයුතු කළහ.
“අපි දෙන්නත් එක්කම යමු මේ උත්සවේට. මම පොල්තෙල් පහන දල්වන්නත් ඉන්නවනෙ. මේ ගමේ එකාලට පේන්නත් එක්ක කලින් ගිහින් ඉස්සරහ ආසන දෙකක වාඩිවෙමු”‍ ඇය සැමියාට යෝජනා කළාය.
ඒ අනුව සැමියාද කැපී පෙනෙන ඇඳුමකින් සැරසී ගත් අතර ඇයද ඒ සඳහාම අලු‍තින් ගත් වටිනා සාරියකින් සැරසී දෙදෙනාම කලින්ම උත්සව ශාලාවට ගොස් දෙවැනිපෙළේ අසුන් දෙකක හිඳගත්හ.
උත්සවය ආරම්භවීමට නියමිත වේලාවට වඩා ටිකක් පමාවිය. ඒ ප්‍රධාන අමුත්තකු ලෙස අමාත්‍යවරයාද සහභාගි වූ බැවිණි. මේ නිසා රාජ්‍ය ආයතන කිහිපයකම ප්‍රධානියෝද මෙම උත්සවයට පැමිණ සිටියහ. මේ නිසා සංවිධායකයන්ට උත්සවයේ න්‍යාය පත්‍රයේද වෙනස්කම් කරන්නට සිදුවී තිබුණි.


උත්සවය ආරම්භ විණි. නිවේදකයා චිරාගත පොල්තෙල් පහන දැල්වීමට අමාත්‍යවරයාගේ සිට ඊට සහභාගීව සිටි ආයතන ප්‍රධානීන්ට නම් කියා ආරධනා කළේය. මේ දෙදෙනාම දැන් දැන්ම නම කියැවෙතැයි බලා සිටියහ. පොල්තෙල් පහන දල්වා අවසන්විණි. එතෙක් අසුන්වලින් නැගී සිටි සියල්ලෝම යළි අසුන් ගත්හ.
දෙදෙනාගේම මුහුණු කළුවිය. එහෙත් ඉදිරි අසුනක සිටි නිසා දෙදෙනාටම උත්සවශාලාවෙන් පිටව යාමටද නොහැකිය. ඒ නිසා උත්සවය අවසන්වනතුරුම සිටි ඔවුහු උත්සවය අවසානයේ පැවැති තේපැන් සංග්‍රහයටද නොසිට ගෙදර පැමිණියහ.
ගෙදර පැමිණි සැමියා “තමුසෙත් කරන ගොන් වැඩ. පිස්සුද ඕයි හරියට දන්නෙ නැතුව එච්චර මුදලක් දුන්නෙ”‍ කියා බිරිඳට ආඩපාලි කියද්දී ඇය රාත්‍රියටත් නොකාම නින්දට ගියාය.
පසුදා මෙය දැනගත් ගමේ කටකාර ගැහැනු මදැයි සල්ලිත්දීල පොල්තෙල් පහන පත්තුකරන්න ගිහින් වෙච්ච්දේ කියා කියද්දී දැන් ඇය නිවසේ කුස්සියට දිවයනවාලු.

 



අදහස් (0)

සල්ලි දුන්නත් නම හැලී ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 622 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17596 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 725 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site