IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


සල්ලි ගරන්න අමුතු තාලේ ගැටයක් ගහලා


කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත



වියපත් සිය මවුපියන් අමුතුම ආකාරයට බිය වද්දවා මුදල් කඩාවඩා ගන්නා අතිජාත පුතකු පිළිබඳ කතාවක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ.
දෙන්නා දෙමහල්ලෝ විශ්‍රාමිකයෝය. යමක් කමක් ඇත්තෝය. එහෙත් බොහෝම අරපිරිමැස්මෙන් ජීවත්වන්නෝය. ඒකට හරියන්නත් එක්ක මේ දෙන්නාටම හිටියේ එක පුතෙකි. ඌ එකා යකාය.
මවුපියන්ට වද දෙන්නේ හිමින් නම් නොවේ. ඒ මුදල් ලබා ගැනීමටය. වරදද මේ මවුපියන්ගේය. එක පුතු නිසාම මේ මවුපියෝ මේ පුතු හුරතල් කළහ. ඔවුහු ඉල්ලන ඉල්ලන දේ අරන් දුන්නාහ. මේ පුතා හැදුනේ වැඩුනේ සාමාන්‍ය පවුලක දරුවකු හැදුණු වැඩුණු ආකාරයට නම් නොවේ.මේ නිසාම ඔහු දුකක් කියා එකක් නොදැක්කේය. දුකක් නොවින්දේය.


රැකියාවක් කිරීමටද ඔහුට අත්‍යාවශ්‍යයම කාරණාවක් නොවීය. ඒ මවුපියන්ගේ වත්කම් හා බැරකම් ඊට හොද සහයෝගයක් දුන් බැවිනි. මේ මවුපියෝ සිය පුතාට හයහතර තේරෙන අවධියේම සිය ගේ සහ ඉඩම ලියා දුන්හ.
ඔහු ඉල්ලන ඉල්ලන වෙලාවට මේ මවුපියෝ මුදල් දුන්හ. ඒ මුදල් ඉතුරු කරගෙන තිබූ නිසාවෙනි. ඔහු එක එක ස්වයං රැකියාවන් කිරීමට යයි කියමින් මවුපියන්ගෙන් මුදල් ඉල්ලා ගත්තේය. මේක එක දිගටම සිදුවූ දෙයක් විය. මවුපියන්ට මෙය ඉමහත් කරදරයක් විය. ඒ නිසාම ඔවුහු ඔහුට මුදල් දීම ප්‍රතික්ෂේප කළහ. 
මවුපියන්ගෙන් මුදල් ලබා ගැනීම සඳහා මේ පුතා විවිධ අත්හදා බැලීම් කළේය. ඒ එකකින්වත් නිසි ප්‍රයෝජනයක් නොවීය. මේ මෑතක සිට ඔහු මොනම පුතකුවත් නොකරන අපූරු උපක්‍රමයක් යෙදීය. එය සාර්ථක එකක් විය.
මේ නිවස සහ ඉඩම විකිණීමට තිබේ යයි දැන්වීමක් සිය නිවස ඉදිරිපිට දැමුවේය. මේ දැන්වීම දැමීමත් සමගම කලබලයට පත්වූ මේ මවුපියෝ ඔහු ඉල්ලූ මුදල් දුන්නාහ. මාස දෙක තුනකට සැරයක් මේ නිවස ඉදිරිපිට මේ දැන්වීම ඔහු දමයි. ඒ එක්කම දිනකින් දෙකකින් එය ගැලවෙයි. සොයා බැලීමේදී ඔහු මේ දැන්වීම දමන්නේ ඔහුට මවුපියන්ගෙන් මුදල් ලබා ගැනීමට බවය. මවුපියන් බිය වද්දා මුදල් ලබා ගැනීමටලු‍.   



අදහස් (0)

සල්ලි ගරන්න අමුතු තාලේ ගැටයක් ගහලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 637 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 531 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 433 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site