IMG-LOGO

සූර්වී පරුෂ වචන කියන පෙදරේරුවාට යකාගේ පාඩමක්

(හසලක වාර්තාකරු)
මත් වතුර පානයකොට රාත්‍රී කාලයේ නිවස කරා පා ගමනින් යන අතරේ ගම්වැසියන්ට කරදරයක් වන ලෙස අසැබි වදන් කියමින් යන අයකුට මතක හිටින තාලයේ පාඩමක් ඉගැන් වූ තරුණයන් දෙදෙනකු පිළිබඳ පුවතක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය.


හතළිස් අට වියේ පසු වූ ඔහු පෙදරේරුවෙකි. සිය රැකියාව නිමා කර රාත්‍රී කාලයේ (9 ට 10 ට පමණ) නිවස කරා යන ගමනේදී හසලක නගරයේදී මත් වතුර බිඳක් පානය කිරීම ඔහුගේ සාමාන්‍ය පුරුද්දකි. නගරයේ සිට ගමේ කඩමණ්ඩිය දක්වා හිතවතකු හෝ දෙතුන් දෙනකු සමඟ පැමිණෙන අතර එතැන් පටන් ඔහු ගමන් කරන්නේ තනිවම පා ගමනිනි. කඩ මණ්ඩියේ සිට නිවසට යෑමට ඇත්තේ කිලෝ මීටරයක් පමණ දුරකි.


මේ ගමන් මාර්ගයේ දෙපස නිවැසියන් පදිංචි නිවාස මෙන්ම ගමේ පන්සලද තිබේ. කඩමණ්ඩිය පසු කර මීටර් දෙසීයක් පමණ දුර නිහඬව ගමන් කරන මොහු එතැන් පටන් අසැබි වදන් පටන් ගනී. අසැබි වදන් කියමින් පරුෂ වචනයෙන් බැණ වදිමින් කෑ කෝ ගසමින් මොහු යන මේ ගමනේදී බල්ලෙක් බිරුවත් එම සතාට ද පා පැටලුණත් එයට ද අසැබි වදනින් බැණ වැදීම මොහුගේ සිරිතයි.


මෙම කරදරයට තිත තැබීමට ගමේ තරුණයන් දෙන්නකු උපායක් කල්පනා කර එය ඉතා රහසිගතව ක්‍රියාත්මක කළහ. එදිනද පෙර පරිදි ඔහු රාත්‍රියේ කෑ කෝ ගසමින් පා ගමනින් එන අතරේ කැලෑ කුට්ටියක් අසලදී ඇඳුම් නැතිව ඉදිරියෙන් පැමිණි තරුණයකු ඔහුගේ ගමන් මඟට වැලි කැට වර්ෂාවක් පතිත කළේය. ඒ සමඟම තරුණයා වේගයෙන් දිව විත් ඔහුගේ ගැටුණි. අනේකා පිටුපසින් පැමිණ වැරෙන් පාර කීපයක් එල්ල කළේය. ඒ සමඟ ඔවුන් දෙදෙනා යටි ගිරියෙන් හූ හඬ කීපයක් තැබීය.


එම සිද්ධියෙන් දැඩි බියට සහ කම්පනයට පත් ඔහු කෑ ගසමින් අසල්වැසියන්ගේ ආධාර ඉල්ලා සිටි නිසා අසල්වැසි කීප දෙනකු වහා දිව විත් දැඩි බියකින් වෙව්ලමින් සිටි ගැමියාට කතා කර සිද්ධිය විමසා ප්‍රකෘති සිහිය ගෙන ජලය වීදුරුවක් පොවා ඔහුගේ නිවස කරා රැගෙන ගියහ.


එදින රැය පුරා විවිධ දේ කියමින් දොඩවමින් පසු වූ ඔහු පසු දින පෙරවරුවේ දැඩි උණ රෝගයෙන් පෙලුණි. එයට කට්ටඬියකු රැගෙනවිත් පිරිත් නූලක් ගැට ගසා තෙල් සාත්තු කිරීමෙන් පසු උණ රෝගය සහ දෙඩවීම නතර විය.

රෝගියා බැලීමට පැමිණි ඥාතින්ට ඔහු පැවසුවේ අසවල් තැනදි තමන්ට යකෙකු පහරදුන් බවකි.


එදිනෙන් පසු ගැමියන්ට තිබූ කරදරය නිමාවට පත් වූ අතර ඔහුගේ මත්වතුර බීමද, රාත්‍රී කාලයේ ගමන් කිරීමද නැවතුණු බව වාර්තා වේ.



අදහස් (1)

සූර්වී පරුෂ වචන කියන පෙදරේරුවාට යකාගේ පාඩමක්

beau Saturday, 20 March 2021 10:41 AM

මිනිහා පරුෂ වචන කියමින් යන්නේ තනිවම කලුවරේ පාරේ යන්න තියෙන බයට. එහෙම කෙනෙකුට මේ වගේ දෙයක් කිරීම වැරැදියි. මෙහෙම බය කරලා මිනිහා ශොක් එක නිසා මැරුණා නම් ඔය තරුණයන් දෙන්නා ඊට වගකියනවද? මැරුණු කෙනාගේ පවුල නඩත්තු කරනවද?

:       9       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 83 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 16 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site