IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සර්පයෙකු ගෙට එක්ක ආවැයි රැයක් තිස්සේ සැමියා එළියේ තියලා

හසලක සුනිල් ඒකනායක
සිය නිවසේ මුළුතැන්ගෙයට අවශ්‍ය වියළි පොල් ලෙලි සමග විෂකුරු සර්පයකු නිවෙසට රැගෙන ආවා යැයි උරණ වූ කාන්තාවක එදින රාත්‍රියේ සැමියාට ආහාරවේල පවා නොදී රැය පහන් කිරීමට ඉදිරි සාලයේ නිදා ගැනීමට සැලස්වූ පුවතක් හසලක පුරවරයෙන් වාර්තා විය.
විදුලිය හා ගෑස් මිල ඉහළ ගොස් ඇති නිසා මෙම නිවෙසේ ආහාර පිසීම කරනු ලබන්නේ දරවලිනි. නිවෙසේ ගෘහමූලිකයා සහ නිවැසි කාන්තාව රැකියාව සඳහා පෙරවරුවේ නිවෙසින් පිටව ගොස් නිවෙසට පැමිණෙන්නේ සවස් කාලයේය. මේ දිනවල සවස් කාලයේ පවතින වර්ෂාව හේතුවෙන් සවස නිවෙසට පැමිණ දර සපයා ගැනීමේ ගැටලු‍වකට ද ඔවුහු මුහුණ පා සිටිති.
මෙදින සවස ළිපට දැමීම සඳහා දර නොමැති වූයෙන් බිරිඳ සැමියාට පැවැසුවේ ගෙවත්තේ ඇති පොල් ලෙලි ගොඩෙන් පොල් ලෙලි කීපයක් හෝ රැගෙන එන ලෙසය. ඒ අනුව සිරිපොද වැස්සේ ගෙවත්තට දිවගිය ඔහු රැගෙන ගිය මල්ලට පොල් ලෙලි කීපයක් දමාගෙන විත් මුළුතැන්ගෙයි මුල්ලකට දැමීය.
මව සිය පහළොස් හැවිරිදි දියණියට පැවැසුවේ තේ පානය සඳහා ළිප දල්වා කේතලය තබන ලෙසය. ඒ අනුව ළිප ළඟට ගිය දියණිය ඒ අසල දර නොමැති වූයෙන් වටපිට බැලීමේදී පොල් ලෙලි ඇති බව දැක එයින් කීපයක් ගෙන ළිපට දැමීමට සූදානම් වනවාත් සමගම ඇය දුටු දෙයින් දැඩිසේ බියට පත්ව ‘අම්මේ, අම්මේ’ යැයි කියා කෑ ගසන්නට වූවාය.


දියණියගේ කෑගැසීමට දිව ආ මව ද දුටු දෙයින් බියට පත්වූවාය. ඒ වනවිටත් දියණිය අසල බිම වැටී සිටි විෂකුරු සර්පයකු දඟලමින් පිටතට යෑමට උත්සාහ කරමින් සිටි අතර, ඇය ද සැමියාට කතා කර පැවැසුවේ  වහා පැමිණ මේ සර්පයා ඉවත් කරන ලෙසය. පැමිණි ගෘහමුලිකයා එම සතා ඉවත් කළත් කිසිදු සොයා බැලීමකින් තොරව පොල් ලෙලි රැගෙන ඒම නිසා තම දියණියට වෙන්නට ගිය මහා විපත ගැනත් කියමින් ඒ මොහොතේ සිට බිරිඳගෙන් එල්ල වූයේ දරුණු වාග් ප්‍රහාරයකි.
සිද්ධියෙන් පසු තේ පානය කිරීම පමණක් නොව රාත්‍රී ආහාරය පිසීම ද ගෘහණිය විසින් අත්හරිනු ලැබූ අතර, රැගෙන විත් තිබූ පොල් ලෙලි සියල්ල ද පිටතට විසි කෙරිණි. ඇය සිය පිරිමි දරුවා අසල කඩයට පිටත් කර දියණියට පුතාට සහ ඇයට පමණක් සරිලන සේ ආප්ප ගෙන්වා ගනිද්දී බිරියගේ ගෝරනාඩුව නිසා නිවෙසේ ආලින්දයට ගොස් පුටුවක වාඩි වී සිටි ඔහුට එම ආසනයේම නින්ද ගොස් තිබුණි. ඇය ඔහු අවදි නොකර කළ වැඩේට දඬුවමක් ලෙස ඔහුට එම ස්ථානයේම සිටින්නට හැර දොරගුලු‍ වසා දමා දරුවා රැගෙන ආ ආප්ප තිදෙනා කා බී නිදාගත් අතර දොර ඇරීමට ඇයට හෝ දරුවන්ට හෝ ඔහු කතා කළත් දොර විවෘත නොවූ තැන සීතලේ ගැහෙමින් කුසගින්නේ නිදි වර්ජිතව රැය පහන් වනතුරු සාලයේ සිටීමට සිදුවූ බව පසු දින සේවයට ගොස් ආපන ශාලාවේදී උදේ ආහාරය ගනිමින් සිය මිතුරන්ට පැවසුවේ සිත් වේදනාවකිනි.

 



අදහස් (1)

සර්පයෙකු ගෙට එක්ක ආවැයි රැයක් තිස්සේ සැමියා එළියේ තියලා

fairoos Wednesday, 29 November 2023 05:45 PM

මෙහෙමත් බිරින්දෑවරු? ලංකාවේ විතරයි.

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site