IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා

ගලහ ඩබ්ලිව්.ඒ. අසේල


වසර ගණනාවක් තම උපන් ගෙදරට එන්නේ නැතිව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන ජීවත් වූ තනිකඩ පුද්ගලයෙකු  පසුගිය අවුරුදු සමයේ තම මිතුරෙකු ද සමග ගමට පැමිණීමට පිටත්වී  දෙදෙනාම පදමට මත්පැන් පානය කොට ගමට පැමිණ තම නිවස සොයා ගැනීමට නොහැකිව ගමේ බොහෝ ගෙවල්වලට ගොස් තට්ටු කොට ‘මේ අපේ ගෙදර ද?’ යනුවෙන් ඇසූ පුවතක් මහනුවරට ආසන්න ගමකින් වාර්තා වේ.
අවිවාහකයෙකු වන වයස අවුරුදු හැටකට පමණ ආසන්න වූ මෙම පුද්ගලයා දිනපතා බීමට ඇබ්බැහි වී සිටින අතර, තම නිවසින් බැහැරව පිටස්තර ප්‍රදේශයක වත්තක් බලාගෙන එම වත්තේ කුඩා ගෙයක තනිව ජීවත්වන පුද්ගලයෙකි. වසර ගණනාවකින් තම සහෝදර සහෝදරියන් බැලීමට නිවසට පැමිණ නැති මොහු පසුගිය අලු‍ත් අවුරුද්දට තවත් මිතුරෙකු සමග තම ගමට පැමිණ ඇත.  අතරමගදී මිත්‍රයා ද සමග හොඳට මත්පැන් පානය කොට තම ගමට යන අන්තිම රාත්‍රී බසයෙන් පැමිණ ගමට හැරෙන හන්දියේ දී බසයෙන් බැස ඇත. 


වසර ගණනාවකින් පැමිණි නිසා රාත්‍රියේ පාරවල් සොයා ගැනීමට මොහුට සෑහෙන අපහසු වී ඇත. එදා පඩිපෙළින් නිවසට යන පාරවල් අද වන විට කොන්‍ක්‍රීට් දමා වෙනස් කොට ඇති අතර සමහර පාරවල් කාපට් යොදා ඇති නිසා මොහුට උතුර දකුණ මාරුවී ඇත. නිවාස කිහිපයකට ගොස් තට්ටු කොට දොර අරින විට ‘මේ මාගේ ගෙදරද’ අසා ඇත. කිහිප දෙනෙකු මොහු හඳුනාගෙන ඇති අතර ඔහුගේ නිවසට තව බොහෝ දුර යායුතු බව පවසා ඇත. එසේ ගම පුරා මිත්‍රයා ද සමග ඇවිද නිවස සොයා ගැනීමට නොහැකිවී ඇති අතර, පාර අයිනේ කඩපිලකට වී ගිමන් හරින ගමන් දෙදෙනාටම නින්ද ගොස් ඇත. උදෑසන එළිය වැටෙනවාත් සමග ඇහැරී ඇති අතර තමන්ට රාත්‍රී සිදුවූ සිද්ධියට මිතුරාට ද තරහ නොවන ලෙස අමතා උදෑසන තවත් බොහෝ දුරක් ඇවිද නිවසට පැමිණ ඇත. 
කිසිවෙකුටත් කරදරයක් නොමැතිව ජීවත්වන අහිංසක පුද්ගලයෙකු වන මොහු පෙරදින රාත්‍රියේ වූ සිද්ධිය ඥාතීන්ට හා අසල්වැසියන්ට සිනාසිසී පවසා මත්පැන් බොමින් සතුටින් අවුරුද්ද සමරා ඇත. 



අදහස් (0)

සූර්පිට ගේ මාරු වී හතරවටේට තට්ටු කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 145 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site