IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සොරාගත් බඩු ගෙදරටම දී කුලියට හිලව් කරන්න කියලා

සුනිල් ඒකනායක


කුලී නවාතැනක දින කීපයක් නැවතී සිට එම නිවසට සුද්දයක් දී සොරාගත් දේපළ නැවත එම නිවසටම දී තම කුලියට හිලව් කර ගන්නැයි  නිවැසියන්ට පවසා පිටව ගිය  කාන්තාවක පිළිබඳ පුවතක් හසලක පොලිස් වසමේ ගම්මානයකින් වාර්තා විය.
ඇය මහියංගනයට නුදුරු ගම්මානයක අවිවාහක 46 හැවිරිදි කාන්තාවකි. මෙම තැනැත්තිය තමන් දන්නා හඳුනන හසලක ප්‍රදේශයේ පුද්ගලයෙකුට පැවසුවේ තමන් අසවල් දින විදේශගතවීමට නියමිත බවත් එම ගමනට තම පවුලේ අය විරුද්ධ බවත්ය. එම නිසා විදේශගත වන තුරු තමන්ට රැඳී සිටීමට සුදුසු නවාතැනක් සොයාදෙන ලෙසත් නවාතැන් ගන්නා දින කීපයට අදාළ කුලිය එම නිවැසියන්ට ගෙවීමට හැකි බවත්ය. 
මැයගේ ඉල්ලීම මත එම තැනැත්තාද ඇය කැටුව ඔහු දන්නා හඳුනන නිවසකට කැන්දාගෙන පැමිණ එම නිවැසියන්ට කරුණු කාරණා පැවසුවෙන් නිවැසි කාන්තාව එයට එකඟ වූයේ පැමිණි තැනැත්තා නිවැසි කාන්තාව කලක සිට දන්නා හඳුණන අයෙකු හෙයිනි.
මෙම නිවසේ අයිතිකරුවන් වූ අඹුසැමියන් දෙදෙනා හැත්තෑවිය ඉක්මවූවන් වන අතර ගෘහ මුලිකයා පුද්ගලික ආයතනයක සුළු රැකියාවක් කරන අයෙකි. ඔහු දිවා කාලයේ නිවසේ රැඳෙන්නේ නැත. නිවැසි ගෘහණියද රෝගී තත්වයෙන් පෙළෙන කාන්තාවකි.
පැමිණි දින සිට නිවැසියන්ගේ සිත දිනාගෙන කටයුතු කළ මැය ඉවුම් පිහුම් කටයුතුවලට සහය වනවාට අමතරව නිවස හා ගෙමිදුල අතුපතු ගෑමද සිදුකරනු ලැබීය. දින කීපයකින්ම නිවැසියන්ගේ සිත දිනා ගැනීමට මැය සමත් වූවාය.


මෙදින එම නිවසේ ගෘහණිය වෛද්‍ය සායනයකට රෝහලට යෑමට පිටත් වූයේ ආගන්තුක කාන්තාව නිවසේ තබාය. වෛද්‍ය සායනයට ගිය නිවැසි කාන්තාව නිවසට පැමිණෙන විට සවස් වී තිබිණි. පසු දින ආගන්තුක කාන්තාව කිසියම් අවශ්‍යතාවකට මහියංගනයට යන බව කියමින් පිටත්ව ගොස් නැවත පැමිණෙන විට කාඩ්බෝඩ් පෙට්ටියක් රැගෙන පැමිණියාය. එම පෙට්ටිය විවෘත කර, ‘අක්කේ මගේ ගෙදර තිබුණු පීරිසි කෝප්ප පිඟන් වගයක් ගෙනාවා. මේවා ගෙදර තිබිලත් වැඩක් නෑනේ ඒ නිසා මම හිටපු දවස් ටිකට හිලව් වෙන්න මේවා අක්කා ගන්න’ කියා නිවසේ ගෘහණියට ලබාදී ඇත. 
එම පිඟන් භාණ්ඩවල මිල ගණන් බලා “ආ නංගි මෙතන බර ගානක බඩුනේ. කමක් නෑ මම මේ බඩුවලට තවත් කීයක් හරි දෙන්නම්” කියා ඇය අත රුපියල් දෙදහසක මුදලක් ද තැබුවේ මුදල් එපා යැයි ඇය කියද්දීමය.
ආගන්තුක කාන්තාව පසු දින  නිවසින් පිටත්ව ගියේ නවාතැන් දී තම සහෝදරියකට මෙන් සංග්‍රහ කිරීම පිළිබඳව නිවැසියන්ට ස්තුති කරමින්ය. 
ආගන්තුක කාන්තාව පිටව ගිය පසු පෙරදින ඇයගෙන් ලබාගත් පිඟන් කෝප්ප තැන්පත් කිරීමට අනෙකුත් පිඟන් කෝප්ප තබා ඇති කාමරයේ පෙට්ටිය විවෘත කිරීමේ දී ඇයගේ ඉහමොළ රත්විය. 
මේ පෙට්ටියේ තිබුණු පිඟන් කෝප්ප අතුරුදන් වුණේ කොහොමද? කුලියට සිටි කාන්තාව දුන් පිඟන් කෝප්පත් තමන් සතුව තිබූ ඒවා වාගෙමයි නේ කියා සිතමින් කල්පනා කරමින් සිටින විට නිවසට නුදුරින් පිහිටි වෙළඳසැලේ කාන්තාව එම නිවසට පැමිණියාය. නිවසේ කාන්තාව ඉතා දුකින් කල්පනාවේ සිටින්නේ මොකදැයි විමසූ විට ඇය සිද්ධිය කඩයේ කාන්තාවට පැවසූ විට ඇය පැවසුවේ නිවසේ හිටපු අක්කා ලොකු ෂොපින් මලු‍ දෙකක පිඟන් කෝප්ප වගයක් දාගෙන ඊයෙ උදේ අපේ කඩේට ගෙනල්ලා මගෙන් කාඩ්බෝඩ් පෙට්ටියක් ඉල්ලාගෙන ඒවා පෙට්ටියට දමලා කඩේ තියලා ගියා. ආපහු ඊයේ සවස ඇවිල්ලා ඒවා රැගෙන ගියා. මේක තමයි ඒ පෙට්ටිය කියා ය. 
නිවැසි කාන්තාවට කාරණය වැටහුණි. තමන් නිවසින් පෙරදින පිටව ගිය පසු පිඟන් බඩු පෙට්ටියේ තිබූ භාණ්ඩ රැගෙන ගොස් නැවත තමන්ටම ගෙනවිත් දී ඇති බවකි. අනේ අනේ මෙහෙමත් ගෑනු රටේ ඉන්නවානේ. මම මේ ගෑනිගේ උගුලට අහුවුණානේ. ගෙදර හිටපු එකේ කුලිය මේ ගෑනි ගෙනත් නවත්තපු මිනිහගෙන් මම ගන්නම් යැයි දැඩි කෝපාවිෂ්ටව ඇය පවසන විට කඩේ කාන්තාව පැවසුවේ ඇති‘ ඔයින් ගියා තව දින දෙක තුනක් හිටියා නම් මුළු ගමටම සුද්දයක් දීල තමයි ඔය ගෑනි යන්නේ’ කියා ය.



අදහස් (0)

සොරාගත් බඩු ගෙදරටම දී කුලියට හිලව් කරන්න කියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site