දතක කැක්කුමට තෙල් ගා මතුරද්දී පෙම්වතියගේ මුහුණ අල්ලා සිප ගත්තා යැයි කියන වයෝවෘද්ධ පුද්ගලයකුට අපූරු පාඩමක් උගන්වා ඇතැයි කියන තරුණයකු පිළිබඳ පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගමකින් වාර්තා වෙයි.
වාර්තා වෙන අන්දමට සිද්ධිය සැකෙවින් මෙසේය.
කෑගල්ල ප්‍රදේශයේ ගමක 25 හැවිරිදි අවිවාහක තරුණයෙක් පදිංචිව සිටියි. මෙම තරුණයා අල්ලපු ගමේ 22 හැවිරිදි තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් මාස කිහිපයක සිට පවත්වාගෙන යන අතර දෙදෙනාගේ සම්බන්ධතාවට දෙපාර්ශවයේ මවුපියන් ද කැමැත්ත ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.
මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් තරුණයාගේ පෙම්වතියට දින ගණනාවක සිට දත් කැක්කුමක් සෑදී තිබේ. තරුණිය වෛද්‍යවරයකු මුණගැසී දත් කැක්කුමට ප්‍රතිකාර ලබාගෙන ඇති අතර වෛද්‍යවරයා දී තිබුණු ඖෂධ පානය කළ අවස්ථාවේ දී දත් කැක්කුම තාවකාලික ලෙස සුවය ලබා ඇති බවත් වාර්තා වෙයි. යළි යළිත් කැක්කුම හට ගැනීමත් සුව නොවීමත් හේතුවෙන් දත් කැක්කුම සම්බන්ධයෙන් ඉකුත් දා තරුණිය පෙම්වතාට තම ජීවිතය පවා එපා වී ඇති බව පවසා තිබේ.
පසුව තරුණයා පෙම්වතියට කියා ඇත්තේ තම පියාගේ පියා සීයා දත් කැක්කුමට තෙල් වර්ගයක් කැක්කුමට දතේ ගා මැතුරුවාට පස්සේ නිට්ටාවට සුව වෙන බව පවසයි..
පසුව තරුණිය ඊට එකඟ වී ඉකුත් දිනෙක පෙම්වතාගේ නිවසට පෙරවරුවේ පැමිණ තිබුණි. පසුව තරුණයා පෙම්වතිය සමග කාමරයේ සිටින සිය 82 හැවිරිදි සීයාට පෙම්වතියගේ දත් කැක්කුම සම්බන්ධයෙන් කරුණු කාරණා පැහැදිලි කර දී කාමරයෙන් පිටව ගොස් ඇත්තේ පෙම්වතියට යමක් කෑමට ගෙනත් දීමේ අරමුණෙනි.
විනාඩියක් යන්න කලින් තරුණ පෙම්වතිය සීයාගේ කාමරය දෙසින් කෑ ගසන ශබ්දය ඇසී තරුණයා දුව ගෙන පැමිණියේය.
තරුණයා තරුණියගෙන් අඬන්නේ ඇයි දැයි විමසුවේය. සීයා මට කට අරින්න කිව්වා. පස්සේ මම කට ඇරියා. කැක්කුම දතේ මොනවා ද තෙල් වර්ගයක් ගා මොනවා ද කියන්න සූදානම් වෙනවාත් සමගම සියාගේ අත් දෙකෙන්ම මගේ මුහුණ අල්ලා සිප ගත් බව පැවසුවාය.
මම යනවා ගෙදර යන්න යැයි පවසා තරුණිය නිවසින් පිටව යන්නට උත්සාහ දැරූ අවස්ථාවේ දී තරුණයා එය වළක්වා තරුණිය ඉදිරියේදී සීයාගේ රෙදි ගැලවෙන්න තරුණ කාලයේ කළ මනමාලකම් ගැන ද හුස්ම නොගෙන එක දිගට කියාගෙන කියාගෙන ගියේය. පසුව සීයා කාමරයේ සිටිය දී පිටතින් දොරගුළු දමා සීයාට කාමරයෙන් පිටව යාමට නොහැකි ආකාරයට දොර වසා තරුණයා හා තරුණිය නිවසින් පිටව ගොස් තිබේ.
පසුව සීයාට කාමරයෙන් පිටතට පැමිණීමට නොහැකි වීම නිසා කාමරයේ සිට කෑ ගසා තිබේ. පසුව වැඩිමහල් පිරිමි දරුවාගේ අල්ලපු නිවසේ පදිංචිව සිටින සීයාගේ වයෝවෘද්ධ බිරිඳ පැමිණ දොරගුළු ඉවත් කර වයෝවෘද්ධ සැමියා එළියට ගෙන කවුද දොර වැහුවේ යැයි විමසා ඇත. මුණුපුරා තමන් කාමරයේ සිටිය දී දොරගුළු දමා ගිය බව සීයා පැවසීය.
මුණුපුරාට මේ ටිකේ තියෙනවා හැදිලා හොඳ පිස්සුවක් යැයි වයෝවෘද්ධ කාන්තාව සිය සැමියා ඉදිරියේදී පැවසුවාය. පසුව තරුණයා මිනිත්තු කිහිපයකට පසුව නිවසට පැමිණෙන අවස්ථාවේ දී වයෝවෘද්ධ යුවළ මිදුලේ තිබුණු බංකුවක හිඳගෙන ඔවුන්ගේ තරුණ කාලය සම්බන්ධයෙන් කතා කරමින් සිට ඇති බව වාර්තා වෙයි.
කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න
2025 අගෝස්තු මස 30
615
0
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
2025 අගෝස්තු මස 22
17570
10
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
2025 අගෝස්තු මස 21
722
0
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
සියා මුනුබුරගේ පෙම්වතියට තෙල් ගාද්දී මූනටත් සාත්තුවක් දීලා