IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සැමියාගේ ෆෝනයේ බිරියට අමුතු නමක් දාලා

හොරොව්පොතාන පැතුම් දර්ශන
තම දුරකතනයේ දත්ත ගබඩාව තුළ බිරියගේ නම ලෙස අමුතුම අන්වර්ථ නමක් සටහන් කරගෙන සිටින සැමියකු පිළිබඳ පුවතක් අනුරපුරෙන් වාර්තා විය.


මෙහි කතා නායකයා තවත් මිතුරකු සමග ගමනක් ගොස් සිටියදී ඔහුට බිරියගෙන් ආ දුරකතන ඇමතුමක් නිසා අනෙක් මිතුරා මේ පිළිබඳව ඔහුගෙන් තොරතුරු දැනගෙන තිබිණි.


ඉකුත් දවසක මෙම දෙදෙනා අවන්හලකට ගොස් දහවල් ආහාරය ගැනීම සඳහා එකම මේසයක වාඩි වූහ.  ඇණවුම් කළ ආහාර ලැබෙන තුරු වාඩිවී සිටි මිතුරන් දෙදෙනාගෙන් එක් අයකුට මොහොතකට එතැනින් ඉවතට යෑමට සිදුවිය.  එහෙත්  ඔහුගේ දුරකතනය මේසය මත විය.


ඒ මොහොතේම මිතුරාගේ දුරකතනයට ඇමතුමක් ලැබී ඇති අතර එම ඇමතුමේ නම ලෙස ”‍සිතරිදවන්නී”‍ යනුවෙන් සඳහන් වී ඇත. අවශ්‍යතාවට එළියට ගිය සිය මිතුරා නැවත පැමිණ විගසම ”‍උඹට කෝල් එකක් ආවා මම නිකමට පෝන් එක බැලු‍වා ඒකේ වැටුණේ ”‍සිතරිදවන්නී”‍ කියලනේ මචං. කවුද බං ඒ? ”‍ 


යැයි මිතුරා විමසා ඇත.


‘‘වෙන කවුද ඉතින් ගෙදර ගෑනි තමයි කෝල් එක අරන් තියෙන්නේ. එළියට ඇවිල්ලවත් නිදහසක් නෑනේ”‍ ඔහු පිළිතුරු දුන්නේය.


තම බිරිඳගෙ නම වෙනුවට අන්වර්ථ නාමයක් යෙදුවේ ඇයි දැයි මිතුරා නැවතත් ඇසුවේ කුතුහලයෙනි.


‘‘කවදාවත් ඔය ගෑනි කෝල් එකක් ගත්තොත් මගෙ හිත රිදවන්නේ නැතිව තියන්නේ නෑ. බැරිම වුණොත් අහක යන කේලමක් හරි කියලා මගේ හිත රිදවනවා. ඒක නිසා බැරිම තැන මම සිත රිදවන්නී කියලා ෆෝන් එකට දාගත්තා. එතකොට කෝල් එක එනකොටම මට හිත හදාගන්න පුළුවන්”‍ යැයි කීවේ තරමක කනස්සලු අයුරෙනි. 



අදහස් (0)

සැමියාගේ ෆෝනයේ බිරියට අමුතු නමක් දාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 22 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2001 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1555 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site