මොරගොල්ලාගම සිසිර කැලේගම
විවාහක බිරියක හා සැමියා වැව් මංකඩක දෙනෝදාහක් ඉදිරිපිට කෙස්වලු පටලවා ගැනීමේ පුවතක් මහව ගම්බද පෙදෙසකින් අසන්නට ලැබුණි.
බිරිය අසනීපයෙන් පසු වුවද සැමියාගේ රෙදි සෝදන්නට තිබෙන කිලිටි වූ රෙදි ටිකත් රැගෙන වැවට ගියේ වතුර පහසුකම් තිබුණත් නිදහසේ රෙදි සෝදා ගැනීමේ අදහසිනි.
හදිසියේ නිවෙසට පැමිණි සැමියා ඇය කොහේදැයි විමසුවේ දරු දෙදෙනාගෙනි.
රෙදි සෝදන්නට වැවට ගිය පුවත දරු දෙදෙනාගෙන් දැනගත් සැමියා යතුරුපැදිය ගෙන වැව දෙසට පිය මැන්නේ පයින්ම ගිය බිරියට සහාය වීමට හා ඇය රැගෙන ඒමටය.
මංකඩේ සෙනග පිරිලාය. ඔවුනුත් නාන්නට හා රෙදි සේදීමට පැමිණි අය යැයි සැමියා ඈත සිටම සිතුවේය.
එහෙත් ඇය පැවසූ යමක් දකින්නට පිරිස එතැනට රැස්ව සිටියහ.
ඒ වගක් නොදැන සිටි සැමියා එනවා දැක කෝප වී යක්ෂයා ආරූඪ වූ බිරිය ඔහුගේ ඇඟට කඩා පැන්නේය.
“තමුසෙගේ රෙදි තමුසේම සෝදා ගන්නවා” යැයි කියා රෙදි ගොඩ ඔහුගේ මුහුණට දමා ගසා ඇය එතැනින් ඒ සැණින් පිටව ගියාය.
සිදුවූවේ කුමක්දැයි නොදැන අවට රැස්ව සිටි අයගෙන් ඔහු ඒ ගැන විමසුවේ අසන්නට බිරියත් එතැන නොසිටි නිසාය.
“මොකද තමයි ගෑනි මේ දින කිහිපයේම වෛරස් උණ හැදිලා ඉන්නේ. ඒකිට බෙහෙත් ටිකක් අරන් දෙන්නට ඉස්පිරිතාලෙ යන්න වගේ වගක් නැතිව ඔයා නටන නාඩගම හරිදැයි” ඔවුන් තදින්ම ඇසුවේ ඔවුනටත් බිරියගේ පාර්ශ්වයෙන් යම් ඥාතිත්වයක් තිබෙන නිසාය.
“කියන දෙයක් කෙළින් තේරෙන්න කියන්න” ඔහු කියා සිටියේ කිසි දෙයක් තේරුම් ගැනීමට නොහැකිවය.
එවිට ඔවුහු ඇය රෙදි සෝදනවිට කලිසම් සාක්කුවේ තිබී හමුවූ බිල්පත් තුනක් ගෙනැවිත් අතට දුන්නේය.
ඒ ඔහු අනියම් බිරියක සමග පවත්වාගෙන යන සම්බන්ධයකි. එය විවාහක බිරිය කනින් කොනින් දැන සිටියත් මෙවැනි වියදමක් කරන බව ඇය දැන සිටියේ නැත. බිල් පත් තුනෙහි එකතුව රුපියල් හැට දහසකි.
කුරුණෑගල නගරයේ නාඩගම් නටන්නට ගොස් ඇඳුම් අලුතින් රැගෙන දී සුවඳ විලවුන් අරගෙන දී, දවල්ට හෝටලයකින් කෑම කා අවසානයේ ගෙදර රැගෙන යන්නට දුන් කුස්සියේ බඩු ලැයිස්තුව කලිසම් සාක්කුවෙන් මතුවී තිබිණි.
වැඩේ වැරදී ඇති බව දැන ගත් සැමියා දස අතේ කල්පනා කළේ නිවෙසට යන්නේ කොහොමදැයි සිතමිනි.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැමියාගේ හොරේ කලිසමෙන් මාට්ටු