IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සැමියාගේ හොරා කෑම වළක්වන්න බිරිය හාල් මල්ල ළඟ බුදි

වියලුව වාර්තාකරු
වෛද්‍ය උපදෙස් මත සිරුරේ වැඩිපුර ඇති සීනි සහ මේදය පාලනය කිරීම සඳහා රාත්‍රී ආහාරය ලෙස තැම්බූ එළවළු ආහාරයට ගත් පුද්ගලයකු නිවැසියන් නින්දට යන තෙක් බලා සිට මැදියම් රැයේදී බත් මුට්ටියක් උයාගෙන අනුභව කළ බව කියවෙන පුවතකි.


සිද්ධිය මෙසේය.


මැදිවියේ පුද්ගලයෙකි. විවාහකයෙකි. මැදි වයසට එළඹෙත්ම ඔහු විවිධ රෝගාබාධවලින් පෙළෙන්නට වූ අතර ඔහු පරීක්ෂා කළ පවුලේ වෛද්‍යවරයා ඔහුගේ රුධිරගත සීනි සහ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ ගොස් ඇති බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන්නේ තවත් සෞඛ්‍ය පිළිවෙත් රැසක් සම්බන්ධයෙන් ද දැනුවත් කරමිනි.


සීනි, පිෂ්ටය මෙන්ම මේදය අධික ආහාර ගැනීම පාලනය කළ යුතු බවත් හැකි නම් තම්බන ලද එළවළු ආදිය වැඩිපුර ආහාරයට ගැනීම රෝගී තත්ත්වයට කදිම විසඳුමක් බවත් වෛද්‍යවරයා කියා සිටියේ ඔහුගේ බිරිය ඒ සම්බන්ධයෙන් දැනුවත් කරමිනි.


සියල්ල අවබෝධයෙන් අසා සිටි බිරිය එදින සිටම ඔහුට පිටි සහිත ආහාර, තෙල් ලබාදීම මුළුමනින්ම නතර කර දැමුවේ තම සැමියාට ඇති ආදරය නිසාමය. ඒ නිසාම ඔහුට රාත්‍රී කාලයේදී බොහෝ විට ලැබුණේ තැම්බූ එළවළුවක්, සුප් එකක් වැනි සුළු ආහාර වේලකි.


බඩ කට පිරෙන්නට බත් පිඟානක් කා දමා නින්දට යන ඔහුට බිරියගේ අලුත් ආහාර වට්ටෝරුවත් සමග නින්ද අහලකටවත් නොආවේය. එළිවෙනතුරු ඇඳේ එහාට මෙහාට පෙරළෙමින් ඈනුම් අරිමින් රැය පහන් කරන ඔහු දහවල් කාලය තිස්සේ ද නිදිකිරා වැටෙන්නට වූයේ රාත්‍රී කාලයේදී නිසි නින්දක් නොලැබීම නිසාය.


රාත්‍රී කාලයේදී වෑංජනයක් සමග බත් ටිකක්ම කෑමට කොතෙකුත් ආසාව තිබුණ ද බිරියගෙන් ඊට එල්ල වූයේ දැඩි විරෝධයකි.
පසුගිය දිනෙක ඔහු රැය මැද්දේ අවදි වූයේ බඩගින්නත් සමගම නින්ද අසලකටවත් නොපැමිණීම නිසාය.


හෙමින් සීරුවේ මුළුතැන්ගෙට රිංගා ගත් ඔහු කන්නට යමක් සෙවූවේ ඉවසන්නට බැරිම තැනය. බත් මුට්ටිය ද සෝදා තිබෙනු දුටු හෙතෙම මහ රෑම බතක් ළිප තබා කුකුළු මස් වෑංජනයක් ද සකස් කරගෙන සිත් සේ බත් පිඟානක් බෙදාගෙන රස විඳින්නට වූවේ නිවෙසේ කිසිවකුටත් නොදැනෙන්නටය.


මුළුතැන්ගෙය දෙසින් එන හඬ ඇසී ඒ පිළිබඳ විපරම් කළ බිරියට දැක ගන්නට ලැබුණේ මැදියම් රැයේ දුම් දමන බත් පිඟානක් ගිලදමන තම සැමියාය.


“මිනිහෝ මැරෙන්නද හදන්නෙ” යැයි උස් හඬකින් කෑ ගසමින් බිරිය ඔහු වෙත කඩා පැන්නේ ඒ වනවිටත් නින්දේ සිටි නිවෙසේ සෙසු පිරිස ද අවදි කරවමිනි.


දැන් මේ බිරිය නින්දට යන්නේ හාල් මල්ල ද සිය ඇඳ අසලින් තබාගෙන බව නිවැසියෝ කියති.



අදහස් (0)

සැමියාගේ හොරා කෑම වළක්වන්න බිරිය හාල් මල්ල ළඟ බුදි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site