IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සැමියාගේ හොර අල්ලන්න ගිය බිරිඳ රෝහලේ

(හක්මන විශේෂ - දෙනගම යසන්ත ආරියසේන)
සැමියාගේ හොර වැඩ අල්ලා ගැනීමට ගොස් බිරිඳකට මුහුණදීමට සිදුවූ  අකරතැබ්බයක් පිළිබඳ කතාවක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තා විය.


විවාහකයකු වූ මුදලාලි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි කිරීම සහ සිල්ලර වෙළෙදාම සිය ජීවිකාව ලෙස කර ගෙන ගිය මැදිවිය ඉක්මවූ අයෙකි. බිරිඳ රජයේ රැකියාවක් කළ තැනැත්තියක්වූ අතර ඇයට දිවා කාලයේ නි​ෙවසේ රැඳීසිටීමට කාලයක් නැති තරම්ය. ඔවුන් සිය ව්‍යාපාරික ස්ථානය ආසන්නයේම නිවසක ජීවත්වූ අතර දූදරුවන් විවාහවී වෙනම ජීවත්වූහ. හැට විය ඉක්මවා ඇති මුදලාලි කාන්තා ඇසුර ප්‍රියකරන හා කාන්තාවන් සඳහා අත දිගහැර වියදම් කරන අයෙකි. සැමියාගේ හොර වැඩ අල්ලා ගැනීමට කාන්තාව දැඩි පරිශ්‍රමයක් දැරුවද එය නිෂ්ඵල කාර්යක් විය.


නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති නිසා දිවා කාලයේ වෙළෙඳ සලේ ඉදිරිපස එක් දොරක් පමණක් විවෘතකර දිනපතා වෙළෙඳාම සිදුකරන අතර සන්ධ්‍යා කාලයේදී පසු පස දොර පමණක් ඇරගෙන වෙළෙඳාම් කටයුතුවල නිරත විය. කඩේට බඩු ගෙන යාමට එන අය කෙළින්ම කඩේ ඇතුළට පැමිණීම වැළක්වීම සඳහා කඩය පිටිපස ඇති ඉඩ ප්‍රමාණය ආවරණය වන පරිදි ලණු ඇද තැබීමට මුදලාලි කටයුතු කර තිබුණි.


දිනක් සැන්දෑවේ ගමෙහි වෙසෙන හැඩකාර කාන්තාවක් කඩයට එනු දුටු මුදලාලිගේ බිරිඳගේ සිතට සැකයක් ඇතිවී අඳුරේම කඩය දෙසට ගියේ සැමියාගේ නොහොබිනාකම අතටම අසුකර ගැනීමටය. කඩය තුළට යාමට ඇති හදිස්සිය නිසා ඉක්මන් ගමනින් ගිය බිරිඳ ඇද තිබූ ලණුවල  පැටලී ඇද වැටී කකුල කැඩුණෝ කියමින් මරළතෝනි දෙන්නට වූවාය.


කලබලයට පත් මුදලාලි දිවවිත් බිරිඳ නැගිටුවා වාඩිකර වෙළෙඳ සැල වසා දමා බිරිඳ රෝහල්ගත කිරීමට ගියේය. බිරිඳගේ කකුල ඇස්වටය අසලින් බිඳීයාම නිසා ඇයට ඇවිදීමට නොහැකි වූ අතර මුදලාලි දිගටම කඩේ වසා දැමුවේය. 


කඩේට පැමිණි කාන්තාව පසු දින වනවිට සිද්ධිය ගම පුරා ප්‍රචාරය කිරීම නිසා බිරිඳට සිදුවූ අලකලංචිය ගම්මුන්ගෙන් වසන් කිරීමට නොහැකිවී තිබුණි. 

 



අදහස් (0)

සැමියාගේ හොර අල්ලන්න ගිය බිරිඳ රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 565 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 720 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 300 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site