IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සැමියාගේ ‘සූර් සූත්තරේ’ බිරිඳට අහුවෙලා

(කැළණිය ලාල් එස්. කුමාර)
ගෙවත්තේ වැඩට පැමිණි කම්කරුවාට බීමට දුන් පැණිබීම බෝතලය නිසා සිය සැමියාගේ මත්පැන් බීමේ උපක්‍රමය අල්ලාගත් කාන්තාවක පිළිබඳව පසුගියද‌ා කොළඹට නුදුරු ප්‍රදේශයකින් අසන්නට ලැබුණි.


සිද්ධිය මෙසේය.


අඹුසැමි යුවළකි. ඔවුන්ට දරුවන් දෙදෙනකි. කල්යාමේ දී සැමියා මත්පැන්වලට ලොල් වූයේය. රැකියාවට ගොස් සවස පැමිණෙන ඔහු යහළුවන් සමග එක්ව මත්පැන් පානයට එක් වන්නේය. ටික දිනක් ගතවන විට මේ නිසා පවුලේ අඩ දඬර ඇතිවිය. දරුවන්ගේ ඉල්ලීම මත පියා මත්පැන් බීම අත් හැරීමට පොරොන්දු වූයේය. එහෙත් එය එක්වරම අත්හැරීමට නොහැකි වූ නිසා ඔහු එක්තරා පැණිබීම වර්ගයක් පාවිච්චි කිරීමට පුරුදු වූයේය. ඔහු දිනක් ලිටර් 1 පැණිබීම බෝතලයක් රැගෙන ආවේය. එයින් විදුරුවකට දමා දරුවන්ට ද දුන් නමුත් ඔවුන් එම බීම වර්ගයට අකමැති බව පැවසු අතර බිරිඳ ද එය ප්‍රතික්ෂේප කළාය.


එම පැණිබීම බෝතලය ශීතකරණයේ තැබූ ඔහු දින කීපයක් පානය කිරීමෙන් පසු අවසන් විය. නැවතත් එම වර්ගයේම බීම බෝතලයක් රැගෙන පැමිණි ඔහු ඊට මත්පැන් මිශ්‍ර කර තිබුණේ නිවසේ කිසිවකුත් එම බීම පානය නොකරන බව දන්නා හෙයිනි.


මේ අයුරින් ඔහු නැවත මත්පැන් බීමට පුරුදුව සිටි නමුත් නිවසේ කිසිවකුත් එය දැන සිටියේ නැත. මාසයකට වැඩි කාලයක් ගතවිය. 


ගෙවත්තේ වල්පැළ වැවී ඇති බැවින් ඒවා ශුද්ධ පවිත්‍ර කිරීමට ඔහු කම්කරුවකුට පණිවිඩයක් යැව්වේය. දිනකට පසු කම්කරුවා පැමිණි අතර එදින ඔහුට අතිකාල රාජකාරියේදී තිබුණ බැවින් සේවයට ගිය අතර කම්කරුවාට ගෙවත්ත සුද්ධ පවිත්‍ර කරන ලෙස උපදෙස් දී ඔහුට දිවා ආහාරය ද දෙන ලෙස තම බිරියට පැවසීමෙන් පසුවය.


කම්කරුවා වැඩ කරන අතර තුරදි බිරිඳගෙන් බීමට වතුර ටිකක් ඉල්ලා සිටියේය. ඇය තම සැමියා පානය කරන බීම විදුරුවක් කම්කරුවාට ලබාදුන් අතර ඔහු එය පානය කිරීමෙන් පසු මත්ගතියක් ඇති බව දැනි ‘‘නෝනා නියම බීමක් තව ටිකක් තිබුණ නම් මරු’’ යැයි පැවසීය. කාරණය තේරුම් ගත් ඇය ඉතුරු බීම ටිකත් ඔහුට දුන්නාය. සැමියාගේ උපක්‍රමය ඇයට හසුවීම නිසා එදිනෙන් පසු සැමියාගේ පැණි බීම පානයද නැවතුණි  



අදහස් (0)

සැමියාගේ ‘සූර් සූත්තරේ’ බිරිඳට අහුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 739 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 565 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 454 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site