IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සැමියාගේ ලනුවක් කා නෝනා හොරකමකට මාට්ටුවෙලා

උණවටුන ඩී.ජී. සුගතපාල
ගාල්ල නගරාසන්නයේ පදිංචිකරුවෙක් නිවෙසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නගරයේ සුපිරි වෙළෙඳසලක් වෙත ගියේය. භාණ්ඩ මිලදී ගත් ඔහු කාඩ්පතින් මුදල් ගෙවා ආපසු නිවසට ගියේය. එහෙත් කාඩ්පත වෙළඳසල ඉදිරිපිට බිමට වැටුණ බවක් ඔහුට නොදැනිණි.


මේ අතර වෙළෙඳසලට පැමිණි පුද්ගලයකු බිම වැටී තිබූ කාඩ්පත අහුලාගෙන එහි සිටි ආරක්ෂක නියාමකවරයකුට බාර දුන්නේ එහි අයිතිකරු පැමිණි විට ලබාදෙන ලෙස පවසමිනි.


ආරක්ෂක නියාමකවරයා සිදු කළේ කාඩ්පතේ අයිතිකරු පැමිණීමට පෙර වහාම පැමිණෙන ලෙස  බිරිඳට  දුරකතන ඇමතුමක් දීමය. ඒ අනුව ඇය පැමිණියාය. ආරක්ෂක නියාමකවරයා බිරියගේ කනට යමක් කොඳුරා කාඩ්පත ඇයගේ අත තැබුවේය. ඇය එය බෑග‍යේ දමාගෙන සුපිරි වෙළෙඳසලට ගොස් පළමුවෙන්ම  රුපියල් සියයක භාණ්ඩ ගෙන කාඩ් පතින් ගෙව්වාය. ඇය කළේ කාඩ්පතේ මුදල් තිබෙනවා දැයි පරික්ෂා කිරීමය. එහි මුදල් තිබෙන බව දැනගත් ඇයගේ සතුට ඉහවහා ගියේය.


ඇය නගරයේ තවත් සුපිරි වෙළෙඳසලකට ගියාය. එහිදී කීරි සම්බා ඇතුළු‍ භාණ්ඩ රැසක් ගෙන කිසිදු සැකයක් නැතිව කාඩ්පතින් මුදල් ගෙව්වාය. එම භාණ්ඩ ආරක්ෂාකාරිව ස්ථානයක තැබූ ඇය තවත් සුපිරි වෙළෙඳසලකට ගොස් එහි දී ද රිසි සේ භාණ්ඩ මිලදී ගත්තාය. පිනට පහළවූ මේ වාසනාවෙන් ඇය උපරිම ප්‍රයෝජන ගත්තාය.


මේ අතර කාඩ්පත අයිතිකරුගේ දුරකතනයට කෙටි පණිවුඩ ලැබෙන්නට විය. තමාගේ කාඩ්පත නැතිවී ඇති බව ඔහු දැනගත්තේ එවිටය. පසුව සොයා බැලූවිට නගරයේ ඇති සුපිරි වෙ​ෙළඳසල් කිහිපයකින්ම එක් කාන්තාවක සැක කටයුතු අයුරින් භාණ්ඩ මිලදීගන්නා අයුරු ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනු ඔහු දුටුවේය. භාණ්ඩ ගැනීමට තවත් ඉතිරිවී ඇත්තේ නගරයේ එක් සුපිරි වෙළෙඳසලක් පමණි. එනිසා ඉතිරිව තිබූ ගාල්ල නගරයේ එම සුපිරි වෙෙළඳසලට ගිය ඔහු කළමනාකරු හමුවී සිද්ධිය පවසා කාඩ්පත අදාළ බැංකුවද දැනුවත් කොට  කාන්තාවගේ හැඩරුව ද මතකයේ තබාගෙන රැකවලෙහි සිටියේය.


ඔහු සිතුවා නිවැරැදිය. කාන්තාවක් පැමිණ රුපියල් දහස් ගණනක භාණ්ඩ ගෙන මුදල් අයකැමි තරුණිය වෙත කාඩ්පත ඉදිරිපත් කළාය. එහෙත් මෙවර ඇයගේ උත්සාහය වැරැදි ගියේය. පොලිසිය පැමිණෙන තුරු ඇයට එම වෙළෙඳසලේ රැඳී සිටීමට සිදුවිය. ඇය පැය භාගයක් ඇතුළත හය වරක් භාණ්ඩ මිලදීගෙන තිබිණ. ඇය ඔහු ඉදිරියේ බැගෑපත් වූවාය.


මේ අතර ඇයගේ සැමියාවූ ආරක්ෂක නියාමකවරයාද එම ස්ථානයට ආවේය. මෙහිදී කාඩ්පත හිමිකරු කියා සිටියේ තමාගේ මුදල් දෙන්නේ නම් උසාවි යාමට අවශ්‍ය නොවන බවය. එයට එකඟවූ ඇය එම අවස්ථාවේම තමාගේ ගිණුමෙන් එම මුදල ඔහුගේ ගිණුමට බැර කිරීමට පියවර ගත්තාය.

 



අදහස් (1)

සැමියාගේ ලනුවක් කා නෝනා හොරකමකට මාට්ටුවෙලා

de silva Saturday, 27 August 2022 12:52 AM

මෙවැනි වංචාකරුවන් උසාවි ගෙනයාම අනිවාර්යයෙන් කරන්න ඕනේ...

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site