IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සැමියාගේ බිරියන් මාරුව ඉඟුරු දී මිරිස් ගැනීමක් වෙලා


(මොරගොල්ලාගම සිසිර කැලේගම)
අම්මාගේ උපදෙස් මත  එකම පුත්‍රයා පළමු බිරිය ඉවත් කර ගෙදරට ගෙනා දෙවැනි බිරිය ඉඟුරු දී මිරිස් ගත් කතාවට සමාන වීමේ පුවතක් වැව් බැඳි පෙදෙසේ එච් 4 කලාපය අයත් මහවැලි ගම්මානයකින් අසන්නට ලැබුණි.


පවුලේ අය පවසන ආකාරයට සිද්ධිය මෙසේය.


ඇය විශ්‍රාමික ගුරුවරියකි. එකම පුත්‍රයා ඉගෙනගෙන ඇතත් රජයේ රැකියාවක් නොකරන නමුත් ඔහු පෞද්ගලික පංති පවත්වාගෙන යන ඉංග්‍රීසි ගුරුවරයෙකි. මව හා පුතා ඔවුන් සතු මුල් නිවසේ වාසය කරති.


ඔහු තරුණ වියේ දි විවාහ වූයේය. ඔහුගේ සහකාරිය වූයේ රාජ්‍ය සේවාවේ නියැලෙන ගුරුවරියකි. දෙදෙනා සතුටින් වාසය කරන අතරවාරයේ දරු සුරතල් බැලීමේ භාග්‍යය උදා විය. මේ අතරවාරයේ ඇයගේ මව තම දියණියගේ වැඩකර ගැනීමේ පහසුව සඳහා එහි පැමිණියාය. ඇයගේ දරුවා තම මව බලා ගන්නා අතරවාරයේ ඇය ගුරු සේවයට ගියාය. දරුවා බලා ගැනීමට නැන්දම්මා හා අම්මාද කැපකිරීම් කරති.


ඇය ලබන වැටුපෙන් මාසිකව රුපියල් 4000 ක් තම අම්මාට දුන්නාය. ඒ නිවසේ අඩුපාඩු සපුරා ගැනීම සඳහාය. සැමියාගේ අම්මා විශ්‍රාම වැටුපක් ලබන නිසා නැන්දම්මාට මුදල් ගෙවීමක් ඇය සිදු නොකළා ය.


සැමියා හා සැමියාගේ  මව ඊට එරෙහි වූහ. ගැටුම දුර දිග ගියේය. අවසානයේ ඇය ඔහුගෙන් වෙන්ව තම සිඟිත්තිය ද රැගෙන අම්මා කැටුව තම නිවසට ගියාය. එලෙස ගිය ඇය සැමියාගේ නිවහන කරා යළි පැමිණියේ නැත. ඇය එහි සිට සේවයට පැමිණියාය. පසු කලෙක ඇය ඔහුගෙන් දික්කසාද වූවාය.


මේ අතර නිවසේ තනි වූ පුතා යළි විවාහයක් කර ගත්තේය. ඇය කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කරන තැනැත්තියකි. ඇයටද දරුවකු ලැබුණි.


ඇය දරු ප්‍රසුතියෙන් පසුව දරුවා රැගෙන තම මහගෙදරට ගියාය. ඇය තමා ලබාගන්නා වැටුප සම්පූර්ණයෙන්ම තම මවට දුන්නාය. ඒ ඇයට තවත් සහෝදරියන් දෙදෙනෙකු සිටින නිසා ඔවුනගේ අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට වෙනත් කිසිවකු නැති නිසාය.  ඇයගේ වැටුප සැමියාට කිසිම දිනක නොලැබෙන නිසා එම දීගයත් දෙදරා යන මංපෙත් විවර වෙමින් තිබෙන බව කියති.


 පළමු බිරිය තම වැටුපෙන් කොටසක් ගත් නිසා ගෙදරින් පන්නා දැමූ  බවත්, දෙවැනි බිරියගේ මුලු වැටුප ම නැතිව යන එන මං නොමැති තත්ත්වයක් උද්ගතව තිබෙන බවත් පවසමින් පළමු බිරිය ගෙදරින් යවන්නට මුල් වූ වැදූ මවට දැන් පුතා දොස් නගමින් සිටිනවාලු.

 



අදහස් (0)

සැමියාගේ බිරියන් මාරුව ඉඟුරු දී මිරිස් ගැනීමක් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 544 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site