IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


සැමියාගේ දුරකතන ඇමතුමෙන් බිරිඳගේ ‘කන්තෝරු ප්‍රේමය’ මාට්ටු

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
අසනීප වූ සේවිකාවගේ සැමියා ඇය සේවය කරන ආයතනයට ඇගේ රෝගී තත්ත්වය දන්වා නිවාඩු ඉල්ලීමට දුන් දුරකතන ඇමතුමෙන් ඇය සහ ආයතනයේ ප්‍රධාන ලිපිකරු අතර අනියම් සම්බන්ධය හෙළිවීමේ සිද්ධියක් දකුණු පළාතේ කාර්යාලයකින් අසන්නට ලැබේ.


රූමතියකි. හුරුබුහුටිය. දැකුම්කළුය. ආයතනයේ කා සමගත් හොඳ හිත බෙදාගත් සේවිකාවකි. මේ නිසාම කාර්යාලයේ අය ඇය හැඳින් වූයේ පොත්තේ පාට අනුවය. ඒ නිසා මුළු කාර්යාලයම ඇයට කීවේ සුද්දි කියාය. සුදූ කියන අයද මේ අතර සිටියහ. හැට පනින්න ඔන්න මෙන්න සිටි ප්‍රධාන ලිපිකරුද ඒ අතරින් කෙනෙකි. ප්‍රධාන ලිපිකරුට ඇය දෙන නොමද සහයෝගය ඊට ප්‍රබල හේතුවක් වී තිබුණි.


හිටි හැටියේම එදා උදේ ඇයගේ උගුර ආසාදනය වූයේ මේ අතරය. මේ නිසාම ඇය ආයතනයේ ප්‍රධාන ලිපිකරුට සිය රෝගී තත්ත්වය පවසා දුරකතන ඇමතුමක් දෙන ලෙස සිය සැමියාට කීවාය. ඒ ප්‍රධාන ලිපිකරුගේ ජංගම දුරකතනයටය.


ප්‍රධාන ලිපිකරුගේ ජංගම දුරකතනයේ ඇයගේ නම සටහන් විය. මගේ සුදූ ඇයි කියන්න. මේ සමගම සේවිකාවගේ සැමියාගේ රුධිර පීඩනය වැඩි වූයේය. ඒ සිය භාර්යාවට තමා හැර සුදු කියන්න ඉන්න පිරිමියා කවුද යන්න සමග ඇය පිළිබඳව ඇති වූ සැකයෙනි. පපුව ටිකක් රිදෙන්න ගත්ත ද සිය භාර්යාවගේ අසනීප තත්ත්වය පවසා ලෙඩ නිවාඩුවක් ගැනීම නිසාම ඔහු දුරකතනයට යළිත් සම්බන්ධ වූයේය.


එමෙන්ම සැමියා සිතූවේ ප්‍රධාන ලිපිකරුට වැරදි ඇත යන්නය. මම මේ කතා කළේ අසවල් සේවිකාවගේ සැමියා යැයි කීවේ ප්‍රධාන ලිපිකරුගේ ද හර්ද ස්පන්දනය වැඩිවූයේය. ඒ තමා කළ කතාව අනුවය.


පණිවුඩය කී ඔහු භාර්යාවගේ ඇඟට කඩා පැන ඇයට දෙස් දෙවොල් තැබුවේ ඇයගේ අසනීප තත්ත්වය ගැන ද නොසිතාය. හැටට ආසන්නයේ සිටින ප්‍රධාන ලිපිකරුගේ නම ඈදා සැමියා නැගූ දෙස් දෙවොල්වලින් ඇයගේ ද හදවත වෙනදාට වඩා වේගයෙන් ගැහුණේ දැන් ඉතිං ගෙදර ඉදලා හමාරයි යන්න සිහිවීමෙනි.



අදහස් (0)

සැමියාගේ දුරකතන ඇමතුමෙන් බිරිඳගේ ‘කන්තෝරු ප්‍රේමය’ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 67 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2016 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site