(උණවටුන ඩී.ජී. සුගතපාල)
ගාල්ල නගරය ආසන්නයේ උපනගරයක පදිංචිකරුවකු වන ඔහු රැකියාව කළේ අගනුවරය. සෑම සති අන්තයේම බිරිඳ සහ දරුවන් දෙදෙනා බැලීමට නිවසට එන ඔහු පැණි රස කෑමක් ගෙන එන්නට අමතක නොකළේය. ඒ බිරිඳ පැණි රස කෑමට ආසා නිසාය. සැමියා පැමිණි වහාම ඔහුගේ ගමන් මල්ල අවුස්සා ගෙනා පැණි රස කෑම සෙවීමද බිරිඳගේ සිරිතය.
කොවිඩ් 19 හේතුවෙන් පසුගිය දිනවල බස්නාහිර පළාතට පනවා තිබූ ඇඳිරි නීතිය නිසා ඔහුට මසක පමණ කාලයක් නිවසට ඒමට නොහැකි විය. ඇඳිරි නීතිය ඉවත් කළ වහාම ඔහු නිවසට පැමිණයේය. ඔහු එන බව දැන ගත් බිරිඳ සහ දරුවෝ මහත් සොම්නසට පත්වූහ. කොළඹ සිට බසයෙන් පැමිණි ඔහු හන්දියෙන් බැස ත්‍රිරෝද රථයක නැගී ගෙදර ගියේය. ඔහු එනතුරු බිරිඳ සහ දරුවන් උළුවස්ස උඩය.
ගත වූ මාසය සැමියාටත් බිරිඳටත් දරුවන්ටත් කල්පයක් තරම් විය. නිවසට පැමිණෙන විටම දෑත් සෝදා ගැනීමට බිරිඳ සියලු කටයුතු සූදානම් කර තිබිණි. කොළඹ සිට පැමිණෙන නිසා විශේෂයෙන් ඇය ඒ ගැන සැලකිලිමත් වූවාය. දෑත් සෝදාගෙන නිවසට පැමිණීමෙන් පසු සියල්ලෝම එකි නෙකා බදාගනිමින් සතුටු වූහ.
ඔහුට පළමුවෙන්ම අවශ්‍ය වූයේ ඇඟසෝදා ගැනීමටය. ඒ නිසා ඔහු නාන කාමරයට වැදුණේය. මේ අතර බිරිඳ ඔහුගේ ගමන් මල්ල අවුස්සන්න වූවාය. එහි එක සාක්කුවක තිබී ඇයට හමුවූයේ පැණි රස කෑමක් නොව ඇය කිසි දිනෙක බලාපොරොත්තු නොවූ දෙයකි. එහි තිබුණේ කාන්තාවකගේ යට සායකි. එය අතට ගත් ඇයට ඉවසුම් නැති විය.
ඒ සමගම යාබද නිවසේ පදිංචි ඥාති සොහොයුරිය දිව ආවාය. අක්කේ අයියා ආවද? ඥාති සොහොයුරිය ඇසුවාය. ආව තමයි ඇයි නංගි මොකද? බිරිඳගේ කට හඬේ තිබුණේ ශෝකය හා කෝපය මුසු ස්වරයකි.
අක්කේ අයියා එදා ඉල්ලගෙන ගිය බෑග් එකේ මගේ යට සායක් ඇති බලන්න ඒක තියෙනවද කියලා. ඥාති සොහොයුරියගේ කීම සැබෑවක් බව ඇයට වැටහුණේ එවිටය. ඔහුගේ ගමන් මල්ල අබලන් වීම නිසා එදා කොළඹ යද්දී යාබද නිවසේ ඥාති සොහොයුරියගේ ගමන් මල්ල ඉල්ලා ගෙන ගිය බව ඇයට මතක් විය.
හා තිබුණ තමයි ඇය කීවාය. ඒ සමගම ඇඟ පිස දමමින් සැමියා එනු දුටු ඇයගේ සැකය හා කෝපය පහව ගොස් මුවට නැගුණේ සිනාවකි. මාර වැඩේ තමයි. ඔය සාය දැකල වැඩ පලේ යාලුවොත් මට හිනා වුණා. ඔහු සිනාසෙමින් කීවේය.
මේ තව පොඩ්ඩෙන් මාර වැඩේ තමයි වෙන්නේ. කියමින් ඇය සැමියාට උණු තේ එකක් ගෙනැවිත් දුන්නාය. පවුල් ආරවුලක් වැලකී ගියේ නූලෙනි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
සැමියාගේ ගමන් මල්ලේ අල්ලපු ගෙදර යට සායක්
amila Saturday, 14 November 2020 08:47 AM
අල්ලපු ගෙදර කාන්තාවට ඒක කලින් කියන්න තිබුණනේ. ඇයි එදාම කිව්වේ.. ?