මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි
සැමියාගේ ස්වභාවය හරි හැටි තේරුම් ගත් දේශපාලක බිරිඳක ඒ සඳහා අපූරු උපක්‍රමයක් භාවිත කිරීමේ සිද්ධියක් ගම්පහ දිසාවේ ගම්මානයකින් වාර්තා විය.
ගම්පහ දිසාවේ ය. නම ගිය පක්ෂයක ප්‍රාදේශීය දේශපාලනඥයෙකි. සියුමැලි ළඳුන්ට ඇල්ම බැල්ම දාන්නට දක්ෂයකු බවට ප්‍රචලිත ය.
සැමියාගේ තත්ත්වය බිරිඳට ද දැනගන්නට ලැබී තිබිණි. ඒ නිසා ඇය පසුවුණේ දැඩි විමසිල්ලෙනි. ගමනට බිමනට යද්දි මඟුල් මුද්ද දමන්නට ඇය සැමියාට බලකළේ ඒ නිසාය.
නාම යෝජනා සමය ආරම්භවීමත් සමඟ දේශපාලන මිතුරකු ඔහු සොයා පැමිණියේ ඉක්මන් ගමනක් යාමට ය. ඔහු කඩිමුඩියේ ලකලෑස්ති විය. මිතුරා මිදුලේ බලාගෙන සිටියේ ය.
තමුසේ යන ගමනක මඟුල් මුද්ද දාගෙන යනවා අද අමතක වුණාද මම හැමදාම කියනවා. බිරිඳගේ දෝස්මුරයත් සමග සැමියා යළි කලබලයෙන් ගෙට යනු මිතුරාට දැකගත හැකි විය.
ඔහු නැවත එළියට එද්දි බිරිඳ විමසිල්ලෙන් ඔහුගේ දෑත් දෙස බලනු මිතුරාට පෙනිණි.
ටික දුරක් යද්දි මිතුරා ඔහුගෙන් මේ ගැන විමසීය.
දන්නවනේ මචං මගේ කැරැට්ටුව හොඳ නෑනේ. ඒ හින්දා ගෑනි විමසිල්ලෙන් ඉන්නේ ඔහු කීය.
මෙතෙක් කල් සැමියාටත් බිරිඳටත් පමණක් සීමාව පැවැති මුද්දේ රහස එළියට ගියේ මේ අනුව ය .
දැන් හමුවන හමුවන පුද්ගලයන් ‘‘මචං මුද්ද දාලද’’ අසද්දී මේ දේශපාලන මිතුරා හීන් සීරුවේ මාරු වන්නට උත්සාහ ගන්නා බවටද දැන ගන්නට ඇත.
2025 නොවැම්බර් මස 04
22
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2001
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1554
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සැමියාගේ කැරැට්ටුවට බිරියගෙන් උප්පරවැට්ටියක්