IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සැමියා ගෙනා තෙල වැරදී බිරිඳ අමාරුවේ

(ගහතැන්න ප්‍රේමතිලක පෙරමුණ)
 කළුතර දිස්ත්‍රික්කයේ දකුණු පළාත් මායිමට ආසන්න ගම්මානයක එක්තරා නිවසක වූ සිදුවීමකි.


 මෙම නිවසේ  ගෙහිමියා වූ සරත් යම් අවශ්‍යතාවක් සඳහා කඩමංඩියට යෑමට සිය යතුරු පැදිය පණගැන් වූ අවස්ථාවේ දහවල් ආහාර පිසීමේ කටයුතු කරමින් සිටි බිරිය මුළුතැන් ගෙයින් එළියට බැස බෝතලයක් ද රැගෙන දුවගෙන විත් පවසා සිටියේ පොල්තෙල් අවසන් බවත්, හැකි ඉක්මනින් පොල්තෙල් බෝතලයක් හෝ භාගයක් රැගෙන එන ලෙසත්ය.


හිස් බෝතලේ ද රැගෙන යතුරු පැදියේ නැගුණු සරත්.. තමන් නිරතුරුව නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගන්නා සිල්ලර කඩය ඉදිරියේ නැවැත්තූ යතුරුපැදිය උඩ ඉඳගෙනම ”‍ සුනිල් අයියා මේකට පොල් තෙල් බෝතලයක් දාලා තියන්න මම විනාඩි දහයෙන් එන්නම්”‍ යැයි කියමින් වෙළෙඳසල් හිමියා වෙත බෝතලය දිගු කළේය.


එම අවස්ථාවේ වෙළෙඳසලේ සිටි තවත් ගනුදෙනුකරුවකුගේ ගනුදෙනු බේරෙන ගමන්ම බෝතලය අතට ගත් සුනිල් මුදලාලි මහතා ”‍හරි හරි මල්ලි මම දාලා තියන්නම්  ”‍යයි කීවේය.


සරත් තමන් කඩමණ්ඩිය වෙත පැමිණි අවශ්‍යතාව සපුරා ගෙන ආපසු එන ගමන් පොල් තෙල් බෝතලය ද රැගෙන නිවසේ මුලු‍තැන් ගෙයට විත් තෙල් බෝතලය සිය බිරිඳගේ අතට දුන්නේය.


 බිරිඳ විසින් කල් ඇති ව සකසා තිබූ කරවල බැදුම තෙම්පරාදු කිරීම සඳහා වූ භාජනය ගෑස් ළිපමත තබා ගිනි අවුලා පොල්තෙල් ස්වල්පයක් එයට දානවිටම ඉන් නිකුත්ව නුහුරු ශබ්දයත් සමග..”‍මේ පොල් තෙල් දැයි”‍වහා සැමියාගෙන් විමසුවාය. 


බිරිඳ අත තිබූ බෝතලයේ කට තම නාසයට ළංකළ සරත් ගේ දෑස් උඩ ගියේය. බෝතලයේ මූඩිය තද කර එයත් රැගෙන යතුරුපැදියේ නැගුන සරත් වහා පොල් තෙල් මිල දී ගත් කඩය වෙත ගොස් ”‍සුනිල් අයියා මේක නහයට අල්ලල බලන්න යයි”‍ කියමින් බෝතලය දිගු කළේය. 


සුනිල් මුදලාලි මහතා ද බෝතල් මූඩිය ගලවා  නහයට ළංකර, සරත් දෙසත්, තෙල් බෝතලය දෙසත් මාරුවෙන් මාරුවට බැලු‍වේ කාරණය තේරුම් ගත නො හැකි බව ඉඟි කරමිනි. 


”‍සුනිල් අයියා මං ඉල්ලු‍වේ පොල් තෙල් කරෝල බදින්න  වයිෆ්  ඕකෙන් ටිකක් ළිපේ තිබුණු රත්වුනු තාච්චියටත්  වැක්කෙරුවා  .”‍ යයි සරත් කියනවාත් සමග සුනිල්  මුදලාලිගේ ද දෑස් ද උඩ ගියේය.


”‍අනේ මල්ලි මාස්ක් එකක් දාලා හිටිය හින්දා වෙන්න ඇති මට ඇහුණේ භූමිතෙල් බෝතලයක් දාලා තියන්න කිව්වා කියල.



අදහස් (2)

සැමියා ගෙනා තෙල වැරදී බිරිඳ අමාරුවේ

සිමයියා Saturday, 31 July 2021 09:56 AM

පොල්තෙල්, භූමිතෙල් අඳුරගන්න බැරි මිනිස්සු ඉන්නවා..! කියන එකටයි මට නම් හිනා ගියේ...!!!

:       0       74

kumarageSunday, 01 August 2021 12:14 AM

මුදල් ගෙවද්දී දැනෙන්නැද්ද මොනවද ගත්ත තෙල් බෝතලේ කියලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site