IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සැමියා කොලේ වසා බිරිඳගේ යතුරුපැදිය පෙම්වතියට දීලා

හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
බිරිඳගේ යතුරු පැදිය අලුත්වැඩියාවක් සඳහා ගරාජයකට භාරදිය යුතු බව පවසා එය තම අනියම් පෙම්වතියට පාවිච්චිය සඳහා ලබාදී තිබියදී බිරිඳගේ නැගණියට තෙල් පෝලිමේදී හොරේ අසුවීමෙන් සැමියාට මුහුණ දීමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ ගමකින් වාර්තා වේ.


සැමියා සහ බිරිඳ රජයේ රැකියාවල නිරත වන අතර රජය විසින් සහන මිලට ලබාදුන් යතුරුපැදි දෙකකට හිමිකම් කීමට දෙදෙනාම සමත්වූහ. දෙදෙනා යතුරු පැදි දෙකෙන් රාජකාරි සඳහා ගියද ඉන්ධන අර්බුදය හේතුවෙන් එක් යතුරු පැදියකින් එම කාර්ය ඉටුකර ගැනීමට දෙදෙනා කතිකා කරගත්හ.


නිවසේ සිට කිලෝමීටර් පහළොවක් පමණ දුරින් පිහිටි කාර්යාලයට බිරිඳ රැගෙන ගොස් ප්‍රධාන නගරයේ ඇති තම සේවා ස්ථානයට යාම සැමියාගේ දෛනික දින චරියාව විය. කඩවසම් ශරීරයකින් හෙබි සැමියා තහනම් ගසේ ගෙඩි කෑමට රුසියකු බව මිතුරන් අතර ප්‍රකට කරුණකි. එය සනාත කරමින් කාර්යාලයේ තරුණ නිලධාරිනියක සමගද මොහු අනිසි ආදරයක පැටලී සිටියේය.   

 
රටේ ඇතිවූ කලබලකාරී වාතාවරණය නිසා සිය අනියම් පෙම්වතියට රාජකාරියට පැමිණීමේදී ගැටලුවක් ඇතිවිය. බිරිඳගේ යතුරු පැදිය නිවසේ ඇති නිසා එය සිය අනියම් පෙම්වතියට ටික කාලයකට දීමට සැමියා ප්‍රයෝගයක් යෙදුවේය. බිරිඳගේ යතුරු පැදියෙන් වැඩට ගිය ඔහු සවස පැමිණියේ තවත් යාළුවකු සමග වෙනත් යතුරු පැදියකිනි. යතුරු පැදිය හදිසියේම ආපදාවකට ලක්වූ බැවින් එය අලුත්වැඩියා කිරීමට ගරාජයකට භාරදුන්නා යැයි සැමියා බිරිඳට කීය.


පසු දිනෙක පෙට්‍රල් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටි බිරිඳගේ නැගණිය සිය අක්කාගේ යතුරු පැදිය ඉදිරියෙන් තිබෙන අයුරු දුටුවාය. ප්‍රදේශයේ ඇති කාර්යාලයක නමක් සඳහන්  ටී ෂර්ට් එකකින් සැරසී සිටි සුන්දර යුවතියක් යතුරු පැදිය රැගෙන තෙල් පෝලිමේ සිටියාය. දුරකථන ඇමතුමක් ගෙන යතුරු පැදිය පිළිබඳව විමසීමේදී එය අලුත්වැඩියාවක් සඳහා ගරාජයකට දී ඇතැයි අක්කා පැවසුවාය. මස්සිනා පිළිබඳව දන්නා නෑනා යතුරු පැදි පෝලිමේ ඡායාරූපයක්ද ගත්තාය. පසුදින නිවාඩුවක් ලබාගෙන අක්කාගේ නිවසට ගිය නැගණිය ඇයට විස්තරය කීවාය. තම යතුරු පැදියේ දෙවන යතුරද රැගෙන සැමියාගේ අනියම් පෙම්වතිය සේවය කරන කාර්යාලයට දෙදෙනාම ගියහ. කාර්යාලය ඉදිරිපස ඇති අඹ ගස යට තම යතුරු පැදිය ඇති බව බිරිඳ දුටුවාය. එම ස්ථානයේ ටික වෙලාවක් රැඳීසිටි දෙදෙනා රැගෙන ආ යතුර යොදා එය පණගන්වාගෙන ඇය තම මහගෙදරට ගියාය.


සේවය නිමවී නිවසට යාම සඳහා පැමිණි කාන්තාවට දෙවියන් සිහිවූයේ යතුරු පැදිය නොමැති නිසාවෙනි. සිය පෙම්වතාට ඇමතුමක් ගෙන සිද්ධිය පැවසූ අතර යතුරු පැදිය අතුරුදන් වීමේ කතාව කාර්යාලය පුරාම පැතිරයාමට වැඩි කාලයක් ගත නොවීය. 


යතුරු පැදිය අතුරුදන් වීම පිළිබඳව පොලිසියට යාමට කාන්තාව මැලිකමක් දැක්වීම පිළිබඳව සියලු දෙනා මවිතයට පත්වූහ. මේ පිළිබඳව බිරිඳට පැවසීමට නොහැකිව දස අතේ කල්පනා කළ සැමියා බිරිඳගේ නැගණියට විස්තරය කීවේය.


පසුදින යතුරු පැදිය පාවිච්චි කළ කාන්තාව සිටි කාර්යාලයට ගිය බිරිඳ එහි ප්‍රධානියා හමුවී සිද්ධිය පිළිබඳව සියලු විස්තර ඔහුට පැවසීය. සැමියාගේ පෙම්වතියද එම ස්ථානයට කැඳවා තිබූ අතර යතුරු පැදියේ අනෙක් යතුරද ඉල්ලාගෙන බිරිඳ පිටව ගියාය. 


ආයතන ප්‍රධානියාගෙන්ද ලු‍ණු ඇඹුල් ඇතිව කාන්තාවට අවවාද ලැබුණු අතර ඇය වෙනත් කාර්යාලයකට අනුයුක්ත කිරීමක්ද සිදුකළේය.
බිරිඳ දරුවාද රැගෙන මහගෙදර යාම නිසා සැමියා නිවසේ තනිවම කල්ගෙවන අතර බයිසිකලයක් රෙපයාර් කරගන්න තැනක් නැද්ද කියා මිතුරන් විමසීම නිසා ඔහු සිය සිම්පතද මාරුකර ඇති බව පැවසේ.



අදහස් (0)

සැමියා කොලේ වසා බිරිඳගේ යතුරුපැදිය පෙම්වතියට දීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 711 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17905 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 763 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site