IMG-LOGO

2025 නොවැම්බර් මස 01 වන සෙනසුරාදා


සැමියා එක්ක ඔරොප්පුවී වැවේ පනින්න ගිය බිරිඳ කබරයාට බයවෙලා

(හසලක වාර්තාකරු) 
සැමියා සමග ඇති කරගත් ගැටුමකින් පසු සිත් තැවුලට පත්ව සියදිවි හානි කර ගැනීමට වැවකට බැස්ස තරුණ බිරිඳ කබරයකු දැකීමෙන් බිය වී දිවිනසා ගැනීම පසෙක තබා පෙරළා නිවස බලා දිව ගිය සිද්ධියක් හසලකට නුදුරු ගම්මානයකින් වාර්තා විය. 


වාර්තාවන අන්දමට සිද්ධිය මෙසේය.


 ඇය 27 හැවිරිදි තරුණ දෙදරු මවකි. පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව ඇය තම යෙහෙළියක සමග කොළඹ ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක රැකියාවක් සඳහා ගොස් තිබිණි. එහිදී දැනහැඳින ගත් කොළඹ ප්‍රදේශයේම තරුණයකු සමග දෙපාර්ශ්වයේම ආශිර්වාද මැද විවාහ විය. විවාහයෙන් අනතුරුව දෙදෙනා ආයතනයට නුදුරු ප්‍රදේශයක කුලියට ගත් කාමරයක පදිංචි වූහ. 


ඇය පළමු දරුවා ලැබීමෙන් පසු රැකියාව අතහැර ගමට පැමිණි අතර සැමියා කොළඹ එම ආයතනයේම තවදුරටත් රැකියාව කරගෙන ගියේය. ඔහු මාසයකට වරක් දරුවා සහ බිරිඳ බැලීමට ගමට පැමිණීම සිරිතක් කරගෙන තිබිණි. වර්තමානයේ ඇය දෙදරු මවකි. බිරිඳ හා දරුවන් බැලීමට පැමිණෙන සෑම දිනකම ඔහු ඇයට පවසන්නේ දරුවන් දෙදෙනා රැගෙන කොළඹ තම මව්පියන්ගේ නිවසට යමු කියාය. මෙම යෝජනාවට ඇය විරුද්ධ වන නිසා ඔහු පෙරළා නිවසින් පිටව යන්නේ සිත් අමනාපයෙනි. මෙදින ද පැවති එම කතා බහෙන් පසු ඇති වූ ගැටුමේදී ඇය පැවසුවේ මේ කරදරයෙන් බේරීමට ඇති එකම විසඳුම නිවස අසල ඇති වැවට පැන දිවි නසා ගැනීම බවය. එම ප්‍රකාශය කිරීමෙන් අනතුරුව ඇය තම කුඩා සිඟිති පුතු සැමියා අතට දී නිවසින් එළියට පැන හඬා වැළපෙමින් කෙළින්ම දිව ගියේ වැව දෙසටය. වැවට දිව ගිය ඇය වැවට බැස වැවේ ගැඹුරු දෙසට පියමැන්නේය. ඒ වෙන විට ඇයගේ ඉණ දක්වා ජලය තිබුණි. ඇය එහිදී දුටු දසුනින් බියට පත් වූවාය. තමන් ඉදිරියට වේගයෙන් දිය කබරයකු එන අයුරු දැක ගත හැකි විය.

සියදිවි නසා ගැනීම පසෙකට තැබූ ඇය ‘අම්මේ දිය කබරයෙක් එනවෝ ’යැයි කියා කෑ ගසමින් ජලයෙන් ගොඩටවිත් පෙරළා නිවස බලා දිව යන්නට වූවාය. 


  මැයගේ මෙම සියදිවි නසා ගැනීම ගැන වැව අසලට විත් රහසේ බලා සිටි සැමියාටත් ඇයගේ මවටත් ඇයගේ මෙම දිව යෑම නිසා ඇති වූ සිනහව නතර කර ගැනීමට විනාඩි ගණනාවක් ගත විය. එදිනෙන් පසු ඇයගේ සියදිවි නසා ගැනීමේ සිහිනයත් සැමියා ඇය සමග රණ්ඩු වීමත් අවසන් වූ බව තරුණියගේ මව සිය ඥාතීන්ට පවසා තිබුණි.



අදහස් (0)

සැමියා එක්ක ඔරොප්පුවී වැවේ පනින්න ගිය බිරිඳ කබරයාට බයවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1806 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1473 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 525 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site