IMG-LOGO

සම්මාදමක් නොදැමූ අප්පුහාමි සම්මාදම් පුරෝගෙන

සම්මාදම් වනවා යයි  කීවද ඊට කිසිම සම්මාදමක් නොදමා මුදල් පසුම්බියට අමතර මුදලකුත් දමාගෙන කන පැලෙන්න බොන අපූරු අප්පුහාමි කෙනකු පිළිබද කතාවක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබේ.

මත්පැන් ඔහුට අමෘතය මෙනි. නොබිවූදාට මුහුණ මළ ගෙයක් වැනිය. බිවූ දාට මුහුණ මඟුල් ගෙයක් බඳුය. මත්පැනුත් ඔහුත් අතර තිබූ සම්බන්ධය දැඩිය. එය ගසත් පොත්තත් පොත්තත් ගසත් අතර සම්බන්ධයට එහා ගිය එකකි.

මේ නිසාම දෝ මිතුරන් ටිකක් හමුවුණු ගමන්ම බීමේ යෝජනාව පළමුවෙන්ම දමන්නේ ඔහුය. ඒ විතරක්ම නොවේ මුදල් පසුම්බියෙන් පළමු මොනරා අදින්නේත් ඔහුමය. මිතුරන්ගේ පසුම්බිවලින් වඩින මොනර ගහනයෙන් ඔහුගේ අත පිරීයන්නේ ඊට සමගාමීව හිත ද පිරීයාමෙනි.

සම්මාදමෙන් ලැබුණු මොනරුන්ගෙන් මත්පැන් ගෙන ඒමට යන්නේද ඔහුය. ඒ යන අතරමග තමාගේ සාක්කුවෙන් සම්මාදම් ලෙස වැඩමෙව් මොනරා යළිත් සාක්කුවේම කූඩු කරන ඔහු බීමට අවැසි කටගැස්ම ගෙන ඒමට යන්නේත් ඔහුමය.

එතනින් ඉතුරු වන මොනරුන්, සමනළයන්, ඇතුළු අනෙක් පක්ෂීන් ඔහුගේ සාක්කුවේ කූඩු කරන්නේ කාටත් නොපෙනෙන සේ ය.

මෙසේ  තඹ සතයකුදු තමන්ගෙන් වියදම් නොකොට කන පැලෙන්න කාබී මුදල් පසුම්බියට ද ගානක් දමාගෙන නිවසට ඔහු යන්නේ ‘දෙන දෙවියෝ ගෙට ගෙනවිත් දෙනවා’ යයි ගීයක කොටසක් ද ගයමිනි.

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත

 



අදහස් (0)

සම්මාදමක් නොදැමූ අප්පුහාමි සම්මාදම් පුරෝගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 289 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 465 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site