IMG-LOGO

සම්බාහනයක් කරගන්න සම්භාෂණ ශාලාවකට ඇවිත්

සුප‍්‍රකට උත්සව ශාලාවකි. දිනක් එහි ඉදිරිපිට ටේ‍්‍රල් වර්ගයේ යතුරුපැදියක් නතර විය. එහි ජැණ්ඩියට හැඳ පැළඳගත් තරුණයෝ දෙදෙනා මහත් ලජ්ජාවෙන් මෙන් හිස් බිමට පාත් කරගෙන පිළිගැනීමේ කවුන්ටරය වෙත පැමිණියහ. අක්කේ....  මෙහේ තියෙනවද මසාජ් ක්ලිනික් එකක්. එක් තරුණයෙක් මහත් ලැජ්ජාවෙන් බිම බලාගෙන පිළිගැනීමේ නිලධාරිනියගෙන් විමසුවේය. ‘‘නෑ මල්ලි... ඇයි කවුරුවත් කිව්වද එහෙම’’ ඇය විමසුවාය. ‘‘නෑ අක්කෙ, අර ඔයාලගෙ බෝඞ් ලෑල්ලේ එහෙම තියෙනවා. ඒකයි ඇහුවේ.’’ අනෙක් තරුණයා කීවේය. ‘‘අපේ බෝඞ් ලැල්ලේ’’ තරුණිය විස්මයෙන් ඇසුවාය. ‘‘ඔව්. විශ්වාස කරන්නෙ නැත්නම් ගිහිං බලන්න.’’ ඔවුහු කීහ. පිළිගැනීමේ නිලධාරිනිය එළියට බැස තම නාමපුවරුව දෙස බැලූවාය. එවැන්නක් එහි නොවීය. මේ බෝඞ් එකේ එහෙම ලියල නැහැ මල්ලි’’ ඇය සැක හැරගෙන ඇසුවාය. ‘‘ඔය දෙවැනි පේළියෙ මොකක්ද තියෙන්නෙ’’ තරුණයෙක් ඇසීය. ‘‘මල්ලිලාට වැරදිලා. සම්බාහන නොවෙයි සම්භාෂණ කියලයි තියෙන්නෙ.’’ ඇය සිනාසෙමින් කියද්දි තරුණයෝ දෙදෙනා ලැජ්ජාවෙන් නික්ම ගියහ.



අදහස් (0)

සම්බාහනයක් කරගන්න සම්භාෂණ ශාලාවකට ඇවිත්

නිශාන්ත Monday, 06 August 2012 08:47 AM

සේරටම ඉස්සර වෙලා හරියට ලියන්න කියවන්න ඉගෙනගෙන හිටියනම් මෙහෙම අකරතෑබ්බ වෙනේ නෑ. (වි)

:       0       0

රොෂාන් Monday, 06 August 2012 09:39 AM

තිබුණු අමාරුවේ හැටියට සම්භාෂණ - සම්බාහන පැටළෙන්න ඇති. (නි)

:       0       0

සෙනෙරත් Friday, 03 August 2012 11:04 AM

මේක ලොකු සිද්ධියක් නෙමෙයි නේ...(ස)

:       0       0

සජී Thursday, 02 August 2012 11:56 AM

තියෙන අමාරුව කොයිතරම්ද කියනවා නම් අකුරු පේන්නෙත් නැහැ. (නි)

:       0       0

ප්‍රසාද් Sunday, 05 August 2012 01:24 AM

මේවා නිකන් බොරු කතා (නු)

:       0       0

තිලකා Thursday, 02 August 2012 12:48 PM

විහිළුවට කරපු වැඩක් වෙන්න ඇති....!!(නු)

:       0       0

චමින්ද Thursday, 02 August 2012 02:16 PM

ගම කනවා...!! ලැජ්ජාවෙ බෑ...!!(නු)

:       0       0

අමිල Thursday, 02 August 2012 10:05 PM

එයාලා ආවේ සම් - භාෂණය කරන්න තමයි. (නි)

:       0       0

අකිල Thursday, 02 August 2012 02:26 PM

ගම කනවා...!! ලැජ්ජාවෙ බෑ..(ස)

:       0       0

කුරේ Friday, 03 August 2012 02:13 PM

ළගදිම පොලිසියෙන් මොකක් හරි සංග්‍රහයක් ලැබෙයි. (නි)

:       0       0

රොහාන් Thursday, 02 August 2012 10:37 PM

අනේද කියන්නේ? (නි)

:       0       0

සේනානායක Thursday, 02 August 2012 10:39 PM

කවුද දන්නේ ඒ අය තෙල් මාත්තුවක් කරගන්න ආවද කියලා. (නි)

:       0       0

ලාල් Thursday, 02 August 2012 02:42 PM

මොන දේ කළත් කමක් නැහැ නිකන් සවුත්තු වෙන්නේ නැතුව. (නි)

:       0       0

අමිලා Thursday, 02 August 2012 03:06 PM

හිහි... හිහ්.. ලැජ්ජාවෙ බැහැ..!!(නි)

:       0       0

අමිල Thursday, 02 August 2012 03:05 PM

මෙහෙමත් මෝඩයෝ..??

:       0       0

කුසල් Friday, 03 August 2012 12:00 AM

මෝඩ වැඩක්නේ. (නි)

:       0       0

රාවණ Saturday, 04 August 2012 01:58 PM

සේරටම ඉස්සර වෙලා හරියට ලියන්න කියවන්න ඉගෙනගෙන හිටියනම් මෙහෙම අකරතෑබ්බ වෙනේ නෑ. (ත)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 03 August 2012 12:38 AM

විහිළු නැතුවට විහිළු. (නි)

:       0       0

දයානන්ද Friday, 03 August 2012 01:23 AM

මදැයි ඔයින් ගියා, සොයා බලා වැඩ කළ යුතුයි නේද? (නි)

:       0       0

ගාමිණී Friday, 03 August 2012 04:04 PM

සමහරුන්ට මේක ලොකු සිද්ධියක් නොවුනට අපට ලොකුවට පෙනෙනවා.(ස)

:       0       0

සංජු Friday, 03 August 2012 04:39 PM

පොඩි සංග්‍රහයක් කරලානේ යවන්න තිබුණේ. (නි)

:       0       0

ඉරාන් Friday, 03 August 2012 05:05 AM

අනේ බොරු කියන්න එපා. (නි)

:       0       0

රොහාන් Sunday, 05 August 2012 09:15 PM

ඔක්කොටම කලින් සිංහල පන්තියකට ගියානම් නේද හොද? (නි)

:       0       0

සුසන්ත Tuesday, 07 August 2012 12:29 PM

පිස්සු නැත්තං ෂෝක්. (නි)

:       0       0

පැතුමි චාමර Saturday, 04 August 2012 04:27 PM

අවශ්‍යතාවයේ තරමට ඇස් පේන්නෙත් නැහැ වගේ..!!(නු)

:       0       0

සුද්දා Thursday, 02 August 2012 04:34 PM

මදැයි ඔයිං ගියා...!!(නු)

:       0       0

තත්සර Friday, 03 August 2012 08:57 AM

ගම කොහෙද කියලා කියන්න බැරිද ???(ස)

:       0       0

සුපුන් Friday, 03 August 2012 08:59 AM

දැක්කනේ දැනගෙන ආවේ නැතුවම වෙන දේ ??? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site