IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සමථ මණ්ඩලයේ මූලාසනය මුලක් උඩ

වයඹ ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශයක සමථ මණ්ඩලයකට බඳවාගත් නව සාමාජිකයන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය පසුගියදා සිදුවිය. ඔවුන් සහභාගි වන මුල්ම රැස්වීමේදී මුලසුන ගත් එහි සභාපති සුබ මොහොතින් වැඩ අරඹා නව සාමාජිකයන් පිළිගෙන ඔවුන්ගෙන් කෙනෙකුටද අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව දුන්නේය.
මේ අවස්ථාවේ සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසුණු නවක සාමාජිකයෙක් උපැස් යුවළට උඩින් යටින් වටපිට බලා උජාරුවෙන්  නැගී සිටියේ ඉහළ පෙළේ නීතිඥයකු පරිද්දෙනි. ඔහු මෙසේ සිය හඬ අවදි කළේය.
”ගරු සභාපතිතුමනි, අපි ටයි කෝට් කලිසම්වලින් සැරසිලා සහභාගි වෙනවා. ඒත් අපිට ඒ ඇඳුමට ගැළපෙන පුටු මේස මෙතැන නෑ. මේ කබල් පාසල් ඩෙස් පුටු පරිහරණය කිරීමෙන් අපේ ගෞරවය කෙලෙසෙන්න පුළුවන්. මම අද මේ මංගල රැස්වීමෙන්ම ඉල්ලා සිටින්න කැමැතියි සැප පහසු පුටු මේස ලබා දෙන්න කියලා”යි පැවසීය.
කතාව සාවධානව අසා සිටි සභාපතිවරයා නැගී සිටියේය. විනාඩියක පමණ කාලයක් නිහඬව පිරිස දෙසට බැල්මක් හෙලා එකිනෙකා වෙත නෙත් සැර යවා සාමාජිකයාගේ කතාවට සෙස්සන් දක්වන ප‍්‍රතිචාරය කෙසේදැයි නිරීක්ෂණය කොට මෙසේ පැවසුවාලූ.
”සාමාජික නෝනාවරුනි මහත්වරුනි මූලාසනය කියන්නේ මුලක් උඩ වාඩිවෙලා කරන සාකච්ඡාවකට. පවත්වන රැස්වීමකට කියල හිතන්නත් පුළුවන්. මොකද අතීතේ අපේ මුතුන් මිත්තන් ගහක් යට මුලක් උඩ වාඩිවෙලා ප‍්‍රශ්න ගැටලූ සාකච්ඡා මගින් සමථකරණය කරලා තිබෙනවා. අපිත් ආදර්ශයට ගන්න  ඕනෑ අන්න ඒවා. මුලක් උඩ වාඩිවෙලා හරි ජනතාවට සේවය කිරීමයි සමථ මණ්ඩලවල යුතුකම හා වගකීම විය යුත්තේ. ඉදිරියේදී මම අර මාර ගහ යට මුලක් උඩ වාඩිවෙලා සමථ මණ්ඩලේ තියන්නත් අදහස් කරනවා” කීවේය.
නව සාමාජිකයා උදහස් මුහුණින් පාර දෙස බලා සිටින විට කවුදෝ මාරයි නේද ඇසුවාලූ.
 



අදහස් (0)

සමථ මණ්ඩලයේ මූලාසනය මුලක් උඩ

කැළුම් Thursday, 21 March 2013 05:34 PM

සභාපතිතුමනි, ඔන්න ඔය පාඩම අපේ පාර්ලිමේන්තුවටත් කියලා දෙන්න.(නදී)

:       0       0

සම්පත් Friday, 22 March 2013 02:28 PM

ගොන්පාට් දාන අයට හොද පාඩම්. මෙහෙම අය කොහොමද සම්මන්ත්‍රනයක් කරන්නේ. සභාපති තුමාට ජය වේවා!(නදී)

:       0       0

චින්තක Thursday, 21 March 2013 11:27 AM

ඇදුමින් පැළදුමින් මිනිසුන් මනින්න බැහැ කියන කතාව මෙතනදී ඔප්පු වෙනවා. (නි)

:       0       0

අජන්ත කුමාර Sunday, 24 March 2013 02:40 PM

නියම යෝජනාවක් (දී)

:       0       0

ගාමිණි Thursday, 21 March 2013 01:40 PM

ටයි කොට් මහත්තයාට මොකද ඊට පස්සේ උනේ (දී)

:       0       0

අරුණ Thursday, 21 March 2013 01:52 PM

අයියෝ අයියෝ ... මෙහෙමත් වැඩ (දී)

:       0       0

හේරත් Thursday, 21 March 2013 05:27 AM

නියමයි සභාපතිතුමා, නියමයි. (නි)

:       0       0

ජයතිස්ස Thursday, 21 March 2013 02:50 PM

සභාපතිතුමාගේ කතාව නම් මල් හතයි. (නි)

:       0       0

සාලිය Monday, 25 March 2013 07:44 PM

එතුමා වෙන කුමක් කරන්නද... ඒ කල දේ නම් මසුරන් වැඩක් (දී)

:       0       0

නිල්මිණි Thursday, 21 March 2013 03:13 PM

පවු අප්පා අපේ මහත්තයා! (නි)

:       0       0

චතූ Thursday, 21 March 2013 09:23 AM

සිංහලකම අමතක කරන කළු සුද්දන්ට හොඳ පාඩමක්. (නි)

:       0       0

මංජු Thursday, 21 March 2013 09:51 AM

ටයි කොට් ඇදලා ලොකු ලොකු විදිහට ඇදලා ඉන්න හදන අයට පාඩමක් (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site