වයඹ ප‍්‍රාදේශීය ලේකම් බලප‍්‍රදේශයක සමථ මණ්ඩලයකට බඳවාගත් නව සාමාජිකයන්ට පත්වීම් ලිපි ප‍්‍රදානය පසුගියදා සිදුවිය. ඔවුන් සහභාගි වන මුල්ම රැස්වීමේදී මුලසුන ගත් එහි සභාපති සුබ මොහොතින් වැඩ අරඹා නව සාමාජිකයන් පිළිගෙන ඔවුන්ගෙන් කෙනෙකුටද අදහස් ප‍්‍රකාශ කිරීමට අවස්ථාව දුන්නේය.
මේ අවස්ථාවේ සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සැරසුණු නවක සාමාජිකයෙක් උපැස් යුවළට උඩින් යටින් වටපිට බලා උජාරුවෙන් නැගී සිටියේ ඉහළ පෙළේ නීතිඥයකු පරිද්දෙනි. ඔහු මෙසේ සිය හඬ අවදි කළේය.
”ගරු සභාපතිතුමනි, අපි ටයි කෝට් කලිසම්වලින් සැරසිලා සහභාගි වෙනවා. ඒත් අපිට ඒ ඇඳුමට ගැළපෙන පුටු මේස මෙතැන නෑ. මේ කබල් පාසල් ඩෙස් පුටු පරිහරණය කිරීමෙන් අපේ ගෞරවය කෙලෙසෙන්න පුළුවන්. මම අද මේ මංගල රැස්වීමෙන්ම ඉල්ලා සිටින්න කැමැතියි සැප පහසු පුටු මේස ලබා දෙන්න කියලා”යි පැවසීය.
කතාව සාවධානව අසා සිටි සභාපතිවරයා නැගී සිටියේය. විනාඩියක පමණ කාලයක් නිහඬව පිරිස දෙසට බැල්මක් හෙලා එකිනෙකා වෙත නෙත් සැර යවා සාමාජිකයාගේ කතාවට සෙස්සන් දක්වන ප‍්‍රතිචාරය කෙසේදැයි නිරීක්ෂණය කොට මෙසේ පැවසුවාලූ.
”සාමාජික නෝනාවරුනි මහත්වරුනි මූලාසනය කියන්නේ මුලක් උඩ වාඩිවෙලා කරන සාකච්ඡාවකට. පවත්වන රැස්වීමකට කියල හිතන්නත් පුළුවන්. මොකද අතීතේ අපේ මුතුන් මිත්තන් ගහක් යට මුලක් උඩ වාඩිවෙලා ප‍්‍රශ්න ගැටලූ සාකච්ඡා මගින් සමථකරණය කරලා තිබෙනවා. අපිත් ආදර්ශයට ගන්න ඕනෑ අන්න ඒවා. මුලක් උඩ වාඩිවෙලා හරි ජනතාවට සේවය කිරීමයි සමථ මණ්ඩලවල යුතුකම හා වගකීම විය යුත්තේ. ඉදිරියේදී මම අර මාර ගහ යට මුලක් උඩ වාඩිවෙලා සමථ මණ්ඩලේ තියන්නත් අදහස් කරනවා” කීවේය.
නව සාමාජිකයා උදහස් මුහුණින් පාර දෙස බලා සිටින විට කවුදෝ මාරයි නේද ඇසුවාලූ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සභාපතිතුමනි, ඔන්න ඔය පාඩම අපේ පාර්ලිමේන්තුවටත් කියලා දෙන්න.(නදී)
ගොන්පාට් දාන අයට හොද පාඩම්. මෙහෙම අය කොහොමද සම්මන්ත්‍රනයක් කරන්නේ. සභාපති තුමාට ජය වේවා!(නදී)
ඇදුමින් පැළදුමින් මිනිසුන් මනින්න බැහැ කියන කතාව මෙතනදී ඔප්පු වෙනවා. (නි)
නියම යෝජනාවක් (දී)
ටයි කොට් මහත්තයාට මොකද ඊට පස්සේ උනේ (දී)
අයියෝ අයියෝ ... මෙහෙමත් වැඩ (දී)
නියමයි සභාපතිතුමා, නියමයි. (නි)
සභාපතිතුමාගේ කතාව නම් මල් හතයි. (නි)
එතුමා වෙන කුමක් කරන්නද... ඒ කල දේ නම් මසුරන් වැඩක් (දී)
පවු අප්පා අපේ මහත්තයා! (නි)
සිංහලකම අමතක කරන කළු සුද්දන්ට හොඳ පාඩමක්. (නි)
ටයි කොට් ඇදලා ලොකු ලොකු විදිහට ඇදලා ඉන්න හදන අයට පාඩමක් (දී)