කරන්දෙණිය – එම්. සුසිල් පියන්ත
මිතුරන් ගෙනා බෝතලය බොන්න සැන්ඩිවලට දෙයක් රැගෙන එන්න ගොස් අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳව බලපිටියෙන් අසන්නට ලැබේ.
හිත හොඳ එකෙකි. මිතුරන් සමග සෙට් වෙන්න ඇත්නම් ඔහුට ඊට එහා දෙයක් නැත්තේය. කොහොමත් මිනිහා කැමැති කා සමගත් බෙදා හදා ගෙන කෑමටය. අඩියක් පුඩියක් ගහලා තමාගේ කෙරුම් කීමට ඇත්නම් ඔහුට කාලය අදාළම නැත. තැන නොතැන අවශ්‍යම නැත. අඩියක් දෙකක් තොලේ ගෑවෙන විට මිනිහා කාටවත් නම් මයික් එක නොදෙන්නේය. තනි අතේම මයික් එක තියාගෙන ඔහු රැස්ව සිටින මිතුරන් අමතයි. ඒ ඔහුගේ හැටිය.
එදා මිතුරන් කිහිප දෙනකු ඔහුගේ නිවෙසට රෑ පැමිණියේ බෝතලයක් සහ ඊට අවශ්‍ය බයිට් ද රැගෙනය. එය දුටු ඔහුගේ කටට කෙළ ඉනුවේ ඉබේටමය. පුරුද්දටය. ඔහුට ගෙන ඒමට තිබුණේ බෝතලයට කවලම් කිරීමට සැන්ඩිය. ඔහු එය නිවෙස ආසන්නයේ තොග වෙළෙඳසලෙන් මිලදීගෙන ආවේය. කට්ටිය සෙට් වූහ.
අපේ මිනිහාට ෂොට් එකක් දෙකක් වැටෙන විට මයික් එක අතේය.
කියූ පරිදිම ඔහුගේ වීර ක්‍රියා එකින් එක එළියට දමමින් සිටියේය. කාලය කෙමෙන් ගෙවෙමින් තිබිණ. බෝතලයේ පතුල ද නොපෙනුණේය. කට්ටියම සතුටින්ම විසිර ගියහ.
මිතුරන් ගිය පසු ඔහු මිදුලේ නතර කර තිබූ, යතුර කටේ තිබූ යතුරුපැදිය නිවෙසට දැමීමට අදහස් කළේය. යතුරුපැදිය මිදුලේ නොතිබුණේය. ඔහුට දෙලොව රත් විය. මිදුලේ තිබූ යතුරුපැදිය තමන් නිවෙස තුළ අඩි ගසමින් සිටිනා විටදී හොරෙක් ගෙන යන්නට ඇතැයි ද සිතුවේය. නැතහොත් තමන් සමග බොන්න ආ මිතුරකු විහිළුවට යතුරුපැදිය රැගෙන යන්නට ඇතැයි ද ඔහු සිතුවේය.
ඒ නිසාම ඔහු බොන්න ආ මිතුරන්ට දුරකතන ඇමතුම් ගනිමින් සිය යතුරුපැදිය ගෙන ගියේ දැයි අසා සිටියේය. මත් වී සිටි ඔහු යතුරුපැදිය රැගෙන යන්න ඇතැයි සැක සිතූ මිතුරන්ට ඔවුන්ගේ මවුපියන් ද සිහි කර කර කතා කළේය. මිදුලේ නතර කර තිබූ යතුරුපැදිය පිළිබඳව මධ්‍යම රාත්‍රිය වනතෙක්ම සොයා බැලුවත් ඒ සම්බන්ධයෙන් හෝඩුවාවක්වත් සොයා ගැනීමට ඔහුට නොහැකි විය.
යතුරුපැදිය මිදුලේ නතර කර තිබෙනා විට එයින් යතුර ඉවත් කරන ලෙස මේ මිනිහාට කොච්චර කිව්වත් පලක් නැතැයි කියමින් ද, මායියා ද ඔහුට බැන්නේ දෙබරයට ගල් ගැසුවාක් මෙනි.
උදේ පහට පමණ අනිවාර්යයෙන්ම යා යුතු රාජකාරි ගමන සිහි වූ විට දෙලොවම රත් විය. මේ සම්බන්ධයෙන් මායියාගේ මාර කරදරයෙන් ඔහුගේ ඔළුව හෙම්බවත්ව තිබුණේය. නිදාගැනීම හැර ඊට වෙනත් විකල්පයක් ඔහුට නොවීය. ඒ නිසාම යතුරුපැදිය සෙවීම පසෙකින් තියා නිදාගත්තේය.
ඊට පසු දින නිවෙස ආසන්නයේ තොග වෙළෙඳසල් හිමියා ඔහුගේ නිවෙසට පැමිණියේය.
“මහත්තයා ඊයේ රෑ යතුරුපැදිය අපේ කඩේ ඉදිරිපිට නවත්තලා තිබිලා. රෑ කඩේ වහන්න ගියාම තමයි අපි දැක්කේ. අපි හිතුවේ පණ ගැන්වී තිබූ මේ යතුරුපැදියෙන් එන්න ඇත්තේ අපේ කඩේ කොල්ලකන්න ආ කොල්ලකරුවන් වෙන්න ඇතියි කියා. මේ ගැන පොලිසියටත් දැනුම් දුන්නා. පස්සේ කඩේ සී.සී.ටී.වී. කැමරා දර්ශන දෙපැයක්ම නරඹලා තමයි යතුරුපැදියේ අයිතිකරු සොයා ගත්තේ.
කවදාවත්ම මහත්තයා අපේ කඩේට යතුරුපැදියෙන් එන්නේ නැහැනේ. එයා එන්නේ හැමදාම පයින්. බයිසිකලේකින් එන්න දුරක් නෙමෙයිනේ මේ දුර. ඔහු එදා කලබලයෙන් කලබලයෙන් කඩේට ආවා ලොකු සිසිල් බීම බෝතලයක් ගන්න. අරගෙන කලබලයෙන් ගිහිල්ලා තියෙන්නේ පයින්. මෙය අපේ කඩේ කැමරා පද්ධති පරීක්ෂාව කළාම දැක්කා. රෑ නිදි ඇතියි කියලා හිතලා තමයි අද උදේ මේ ආරංචිය කිව්වේ.” යයි වෙළෙඳසල් හිමියා කීවේය.
වැඩේ පැහැදිලිය. මායියා ඔහුට බැනගෙන බැනගෙන ගියේ අසිහිය ඇති මේ වගේ මිනිහෙක් සහේට ගත්ත එක තමාගේ පවක් කියමින්ලු.
2025 දෙසැම්බර් මස 04
800
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
465
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘සැන්ඩි’ සිහියෙන් අලි අමාරුවක වැටිලා
ගුණරත්න Wednesday, 01 January 2025 03:07 PM
හරි විනෝදයි. ගැහැණු දැනගන්න ඕනෑ මේ වගේ දේවල් කියවලා හොඳට හිනහ වෙන්නේ නැතිව බණින්න නෙවෙයි...