IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


සීනු සෙල්ලමෙන් අලි අමාරුවක

සාමාන්‍ය උසස් වීමක් ලබා වෙනත් ආයතනයක සේවයට වාර්තා කළ රජයේ සේවකයකු අදාළ තනතුරින් හිස උදුම්මාගෙන විධායක නිලධාරීන් හා සමව කටයුතු කරන්නට ගොස්  එම ආයතනයේම පහළ සේවකයන්ගේ සමච්චලයට ලක් වූ බව කියැවෙන පුවතකි’
සිද්ධිය මෙසේය.
ඔහු රජයේ සාමාන්‍ය රැකියාවක නිරතව  සිටින්නෙකි. පසුගිය දා ඔහුට රැකියාවේ යම් උසස් වීමක් ලැබිණි. ඔහුට පැවරී තිබුණේ තමාගේම ශ්‍රේණියේ කනිෂ්ඨ නිලධාරීන් පිළිබඳ සොයා බලා ඔවුන්ගේ පරිපාලන කටයුතු සම්බන්ධීකරණය කිරීමය.


 උසස්වීමක් ලද පසු වත්මන් සේවා ස්ථානයෙන් වෙනත් සේවා ස්ථානයකට මාරුකර යැවීම රජයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය අනුව ඔහුට සේවය කළ ආයතනයෙන් බැහැර වෙනත් සේවා ස්ථානයක රැකියාවට වාර්තා කිරීමට සිදු විය.
ඔහුට පෙර එම තනතුර දැරූ නිලධාරියාගේ කාමරයම ඔහුගේ තනතුරට ගැළපෙන පරිදි සූදානම් කර තිබිණි. මේසයක් පුටුවක් ආදි අවම මූලික පහසුකම් ද ඔහුට ලැබිණි.
නව තනතුරින් ඒ වන විටත්  හිස උදුම්මාගෙන සිටි ඔහුට සිය මේසය මත යම් කිසි අඩුවක් ඇතැයි හැඟුනි.
ආයතනයේ විධායක නිලධාරින්ගේ මේසය මත ඇති සේවකයන් කැඳවන සීනුවක් තම මේසය මත නැති බව ඔහුට පෙනුනි.
   ඒ පිළිබඳ ඔහු කාර්යාල කාර්ය සහයකයකුගෙන් විමසීමේ දී ඔහු කියා සිටියේ ‘‘කලින් හිටිය මහත්තයා නම් එහෙම එකක් පාවිච්චි කළේ නැහැ’’ යනුවෙනි. නෑ නෑ එහෙම එකක් තිබෙන්න ඕනි’’ යැයි පැවසූ  හෙතෙම පසුදා සේවයට පැමිණෙන විට ඔහුගේ මුදලින්ම සීනුවක් රැගෙන විත් මේසය  මත තැබුවේ රාජකාරි කිරීමට නම් එය අත්‍යවශ්‍ය අංගයක් බව එහි සිටි කීපදෙනෙකුටම පවසමිනි.
 දවස ඇරඹී හෝරාවක් දෙකක් ගත වෙද්දී විටින් විට ඔහු සීනුව නාද කරමින් පහළ සේවකයන් කැඳවන්නට වූවේ එය  ආයතනයේ සෙසු නිලධාරීන්ට ද හිරිහැරයක් වන පරිද්දෙනි.
ඔහුගේ සීනු නාදයට මුලින් මුලින් සේවකයන් කීප දෙනකු  ඔහුගේ කාමරය තුළට ගියද පසුව ඔවුන් එය අත්හැර දැම්මේ එය මහත් කරදරයක් බව පවසමිනි.  දිනක් දෙකක් සීනු නාදය ඉවසූ එහි සිටි කටකාර සේවකයකු කියා සිටියේ ‘මහත්තයා, සීනුව  ගහන්න අයිති  ලොකු සර්ට විතරයි. ඔයා සීනුව ගහද්දී නම් අපි එන්නේ නෑ. ඔයාට ඕන නම් ඇවිල්ලා වැඩ කරගන්න. කලින් මහත්තයත් කළේ එහෙමයි’’  යනුවෙනි.
  ඒ වන විටත් ඔහුගේ මෙම සීනු සෙල්ලම ආයතනයේ සෙසු සේවකයන්ගේ ද ඉහළ නිලධාරීන්ගේ ද  කතා බහට ලක්වී ඇති බව ඔහුට ද  කනින් කොනින් ආරංචි වී තිබිණි. හෙමින් සීරුවේ ඔහු සීනුව සිය ගමන් මල්ලේ ඔබාගෙන ඇත්තේ තව දුරටත් සීනුව නාද කළහොත් ආයතනය තුළ තමුන්ට අත්වන ඉරණම ගැන ඉවෙන් මෙන් අවබෝධ වූ  හෙයිනි.


වියලු‍ව වාර්තාකරු



අදහස් (0)

සීනු සෙල්ලමෙන් අලි අමාරුවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site