තේ පානයට හෝටලයට ගොඩ වූ දෙදෙනෙකි. “ ටී බොනවාදැයි” එයින් කෙනෙකු විමසූ විට, “ ප්ලේන් ටී හොඳයි” පැවසූ අනෙකා තේ පිළියෙළ කරන තරුණයා ඇමැතීය. “මල්ලී අපිට ප්ලේන් ටී දෙකයි” ඔහු කීය. තේ පානය කිරීමෙන් අනතුරුව එක් අයෙක් මුදලාලිට රුපියල් විස්සක් දී, “ප්ලේන් ටී දෙකයි” යනුවෙන් පැවැසීය. “ප්ලේන් ටී දෙකට රුපියල් තිහයි” මුදලාලි කීය.
“ඒ කොහොමද ප්ලේන්ටියක් රුපියල් දහයනේ” කෙනෙකු විමසූ අතර “ඊයේ ඉඳන් සීනි රුපියල් පහකින් වැඩි වුණා. දැන් ප්ලේන්ටියක් රුපියල් පහළොවයි.” මුදලාලි පැහැදිලි කළේය. “මුදලාලි මම නිකමට දැන ගන්න අහන්නෙ. සීනි කිලෝ එකකින් තේ කීයක් හදන්න පුළුවන්දැයි විමසූ විට ඔහු පැවසුවේ “තේ හැටක් විතර” යනුවෙනි.
මුදලාලි පුදුම මනුස්සයෙක්නෙ. සීනි කිලෝවකින් තේ හැටක් හදනවා නම් තේ එකකට රුපියල් පහක් වැඩි කළාම එතැනම රුපියල් තුන්සීයක් ඇවිල්ලනේ.” අයෙක් කෝපයෙන් පවසා “ආ මෙන්න ඉතිරි රුපියල් දහය. අකුණු ගහන වෙලාවට බැරි වෙලාවත් එළියට බහින්න එපා.” යැයි පවසමින් අනෙකා සමග හෝටලයෙන් පිටවිය. වැට් බදු වැඩි වීමට ප්‍රථම සිදු වූවකි.
(ක්‍රිස්ටෝපර් සීපියන් අනුරාධපුරය)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බැරල් ටී එකක් වෙන්න ඇති (නි)
මුදලාලිගේ සීනි හැන්දට රුපියල් 5යි (නි)
ඔය මුදලාලි ඉන්නේ නයි යන පැත්තක නෙවෙයි මම හිතන්නේ. (ර)
හොඳයි, හොඳයි. ඔහොම යමු. තවම මිනිසුන්ට දැනුනේ නැහැ. කෝ අර කෑ ගහන පරපුරවල් එහෙම? (නි)
ආණ්ඩුව පොඩි මිනිහාට රිද්දන්නේ නැතුව ධනවතුන්ට බදු ගහනවා කිව්වාට, වදින්නේ අන්තීමට පොඩි මිනිහාටමයි. (නි)
මේ වගේ "මිනීකාක්කන්ට" අකුණු ගහන්න ඕනෑ එළියට බැස්සට පස්සේ නොවේ. හෙණ පාරවල් ඇතුළටම එන්න පුළුවන් !!!! (නි)
අනිවාර්යයෙන්ම වැට් වලින් පස්සේ තව රු. 4.00 කින් තේ එකේ මිල වැඩි කරන්න ඇති. නරකම නැහැ ඒ ගණන් හැදිල්ලත්. (නි)