IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සූදුවේ ‘දිනුම’ හොයාගන්න අංජනමක් ඇරලා

පොලිසියෙන් සූදුපොළ වටලද්දී පළා ගිය සූදුකරුවකු තමා දිනා සිටි රුපියල් ලක්ෂ තුන හමාර පඳුරක් යට සඟවා පසුව පඳුර අමතක වීමෙන් අලි අමාරුවක වැටීමේ සිද්ධියක් ඇහැටුවැව ප්‍රදේශයේ ගමකින් දැන ගැනීමට ලැබෙයි. 


ඇහැටුවැව ප්‍රදේශයේ ගමක පවත්වාගෙන යන සූදු පොළක සූදු කෙළින්න මේ පුද්ගලයා ද ගොස් තිබේ. ඒ තම හිතවතෙකුගෙන් රුපියල් 50000 ක මුදලක් ද අතමාරුවට ඉල්ලා ගෙනය. එදින සූදු පොළේ විශාල ලෙස මුදල් සංසරණය වී තිබේ. 


මේ පුද්ගලයාට එය ජයග්‍රාහී රාත්‍රියක් විය. තබන තබන ඔට්ටුව ඔහුට ජය ගෙනෙන්නට විය. ඒ වන විට ඔහු රුපියල් ලක්ෂ තුන හමාරක මුදලක් දිනා තිබුණි. 


සූදු පොළට පොලිසිය කඩා පැන ඇත්තේ එවැනි අවස්ථාවකය. සූදු කරුවෝ සී සී කඩ පැන දිවූහ. ඔහු ද එලෙස පැන ගොස් දිනා සිටි මුදල් කුඩා වන ලැහැබක පඳුරක් යට සඟවා ඇත්තේ පොලිසියට කොටු වුවත්, මුදල් ඉතිරිවේ යන අදහසිනි. මුදල් සඟවා ඔහු ලැහැබේ ඇතුළට ගොස් සැඟවී ඇත. 


පොලිසිය පිටව ගොස් ඇති බව දැන ගත් ඔහු කැලෑවෙන් එළියට පැමිණ මුදල් සඟවා තැබූ පඳුර සොයන්නට විය. පැය ගණනක් සෙව්වද පඳුර සොයා ගැනීමට ඔහුට නොහැකි වී තිබේ. තරමක් මත්පැනින් පදම්ව සිටි බැවින් අමතක වන්නට ඇතැයි සිතා ඔහු නිවසට ගොස් තිබේ. 


පසු දින උදේ ද පැමිණ මුදල් සැඟවූ පඳුර සෙව්වද ඒ උත්සාහයද අසාර්ථක විය. ඔහු පේන කියන අයෙකුගේ සහාය පැතීමට ගොස් ඇත්තේ තවත් මුදල් ප්‍රමාණයක් ද වියදම් කරමිනි. 


පේනකරු අඳුනෙන් මුදල් සැඟ වූ පඳුර සොයා ගත්තේය. දෙදෙනාම ඒ ස්ථානය සොයා ගියහ. එහෙත් පඳුර මිස සූදුවේ දිනුම සොයා ගැනීමට ඔහුට නොහැකි විය.

ගල්ගමුව නිහාල් ජයවීර



අදහස් (0)

සූදුවේ ‘දිනුම’ හොයාගන්න අංජනමක් ඇරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site