IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


සාදයේදී අතක් කටේ රිංගා මිතුරා රෝහලේ

සාදයක් අතරතුර දී මිතුරන් දෙදෙනකු අතර ඇති වූ ගුටිබැට හුවමාරුවක් සමථයකට පත් කිරීම සඳහා ඉදිරිපත් වූ අයෙකුගේ ඇඟිල්ලක් ගැටුමට මැදි වූ පාර්ශ්වයේ තරුණයකු විසින් සපා කෑම හේතුවෙන් ගැටුමට මුල් වූ දෙදෙනා සාදයේ සුව විඳිද්දී එය සමථයකට පත්කළ තරුණයාට රෝහල්ගත වී ප්‍රතිකාර ගන්නට සිදු වූ බව කියවෙන පුවතකි.


 සිද්ධිය මෙසේය.


 ඔවුහු එකම ගම් ප්‍රදේශයක මිතුරෝය. ඒකාකාරී ජීවිතයෙන් මිදීම අපේක්ෂා කළ පිරිස සියල්ලන්ගේම ද‌ායකත්වය ඇතුව සාදයක් සංවිධානය කළේ ඊට අවශ්‍ය සියලුම අඩුම කුඩුම ආදිය ද රැසකර ගනිමිනි.


 ආහාරපාන වලින් මෙන්ම ඇඟ රත්වන දේවල් වලින් ද අඩුවක් නොවූ සාදය මැදියම් රැය ආසන්න වෙද්දීම ගලා ගියේ සියල්ලෝම ප්‍රීති ප්‍රමෝදයට පත් කරමින්ය.


මැදියම් රැය ආසන්න වෙද්දී සාදයට පැමිණි මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ සුළු කතාබහක් ගුටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූයේ එහි සිටි සෙසු පිරිසගේද අවධානය ඊට යොමු කරවමිනි.


ගැටුම දුරදිග යා නොදී සමථයකට පත් කිරීමට ඉදිරිපත් වූ පිරිසේ තරුණයකු දෑත් දෙපසට විහිදුවා එය සමථයකට පත් කිරීමට දැඩි උත්සාහයක නිරත වූයේ සාදයේ සිටි සෙසු පිරිසගේ ද සහාය ලබා ගනිමිනි.


 බමණ මතින් යුතුව දෑත් දෙපයට විද‌ා හල තරුණයාගේ එක් අතක ඇඟිලි කීපයක්ම ගැටුමේ එක් පාර්ශ්වකරුවකුගේ මුව තුළට රිංගා ගියේ ඔහුටත් නොදැනීමය.


 අධික ලෙස සප්පායම්ව දැඩි කෝපයට පත්ව සිටි තරුණයා තම මුව තුළට ඇතුළු වූ ඇඟිලි කීපය එක්වරම සපා කෑවේ එය තම ප්‍රතිවිරුද්ධකරුගෙන් එල්ල වූ පහරක් වන්නට ඇතැයි සිතමිනි.


මරහඬ තලමින් අත ඉවතට ගත් සමථකරුට දැකගන්නට ලැබුණේ තම අතේ ඇඟිලි කීපයකින් ලේ ගලන ආකාරයයි. සාදය අතරමග හමාර කළ පිරිසේ කීපදෙනෙක් මහ රෑම තුවාලකරු රැගෙන රෝහලට ගෙන ගියහ.


සිද්ධියත් සමගම බොහෝ දෙනෙකුගේ වෙරිමත සිඳී ගිය අතර දෙපසට බෙදී ගුටි ඇනගත් දෙදෙනා ද යළිත් මධුවිත පුරමින් සාදයේ ඉතිරි කොටස පවත්වාගෙන ගියේ කිසිවක් සිදු නොවූ පරිද්දෙනි.

වියලුව වාර්තාකරු



අදහස් (0)

සාදයේදී අතක් කටේ රිංගා මිතුරා රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 458 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site