(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
තම ආයතනයේ ප්‍රධානියකු වෙනුවෙන් පැවැත් වූ සාදකට සහභාගීවූ වූ නිලධාරියකුට මත්පැන් පදම වැඩිවී තම නිවස යැයි සිතා වෙනත් නිවසක සිටි තරුණියකගේ කාමරයකට යෑමෙන් නිලධාරියා මහත් අකරතැබ්බයකට මුහුණ දීමේ පුවතක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා විය.

සිද්ධිය මෙසේය.
මෙදින රාත්‍රී සාදය සඳහා හිතවතුන් විශාල පිරිසක්ද එක්ව සිටි අතර, විවිධ වර්ගවල මත්පැන් වර්ගද තිබී ඇත. මෙම නිලධාරියාද එතරම් මත්පැන් පානය කරන කෙනකු නොවුණද, මෙදින මිතුරන්ගේ බලකිරීම් මත මත්පැන් පානය කිරීමේ පදම වැරදී ඇත.
බිරිඳ සහ දරුවා තමා එනතුරු මඟ බලා සිටින නිසා මිතුරන්ගෙන් මිදී වහා තම වාහනයට නැග නිවස බලා යන්නට විය. රතු කට්ට පැන තිබූ නිලධාරියාගේ වාහනය වෙනත් මාර්ගයක ධාවනය වූයේ, ඔහුගේ සිහිමද ගතිය හේතුවෙනි. දුරකට ගිය වාහනය නතර වූයේ නාඳුනන නිවසක් අසලය. නිවසට ගොඩ වූ නිලධාරියා එම නිවසේ තරුණියකගේ කාමරයට ඇතුළු වී ඇඳුම් ගැලවීමට සූදානම් වෙද්දී නිවැසියන් කලබලයට පත්ව බීමතින් සිටි නිලධාරියා අල්ලා පොලිසියට බාර දී ඇත.
2025 දෙසැම්බර් මස 16
40
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
836
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
604
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
සාදයට ගිය ලොක්කා ගෑනු කාමරයකට රිංගලා
දිමුත් Friday, 30 August 2019 06:24 AM
හිතාමතා කරපු වැඩක් වගෙයි.
ලක්ෂිත Friday, 30 August 2019 06:37 AM
මෙයා ෂුවර් එකටම ගිහින් තියෙන්නෙ වැරදිලා නෙවෙයි. වෙරි වෙලා වාහනේ එළවගෙන යන්න පුලුවන් නම් මිනිහට ගේ වරදින්න විදිහක් නැහැ. කෙල්ලගෙ කාමරේට ගිහින් අහුවුනාම බොරුවට රගපාන්න ඇති.