IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සාදයට එක්වූ පුංචි මන්ත්‍රීලා බිලට පොල්ල තියා මාරුවෙලා

කොළඹින් දුර බැහැර ප්‍රදේශයක විශේෂ වැඩසටහන් කටයුත්තක් සඳහා පැමිණි මාධ්‍ය ආයතනයක කාර්ය මණ්ඩලයේ පිරිසකට අකරතැම්බයකට මුහුණ දීමට සිදුවූ පුවතක් වාර්තා වෙයි.

ඔවුන් එම ගම් ප්‍රදේශයට ගොස් එහි අවන්හලක පැවති සාදයකට සහභාගි වූ අවස්ථාවේ එහි පැමිණි පුංචි සභා මන්ත්‍රීවරුන්  තිබූ සියලු ඌරුමස් කටගැස්ම ඇතුළු පිඟන් කීපයක් භුක්ති විඳ අවසානයේ අවන්හලේ බිලද  නොගෙවා මාරුවී යාම නිසා ඌරුමස් පිඟන් කිහිපයකට රුපියල් 12,000/- ක ගාස්තුවක් ඇතුළු අවන්හලේ අනෙකුත් ආහාරපාන සඳහා රුපියල් පනස් දහසක පමණ මුදලක් කොළඹින් ගිය මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලයට ගෙවීමට  සිදුවීමෙන් ඔවුන් දැඩි දුෂ්කරතා තත්ත්වයකටද මුහුණදී තිබේ.


මෙම සාදය සංවිධානය කර ඇත්තේද මාධ්‍ය ආයතනයේ කාර්ය මණ්ඩලයේ හිතවතකු වූ පුංචි සභාවේ සේවය කරන සේවකයකු මැදිහත් වීමෙන් බවද වාර්තා විය.


තමන් මුහුණ දුන් දැඩි අපහසුතාව විඳගත් කොළඹින් පැමිණි කණ්ඩායමට තම අතේ වියදමින් අවන්හලේ ආහාරපාන ගාස්තු ගෙවා ආපසු කොළඹ බලා ගියේ සාදය සංවිධානය කළ තම හිතවතාටද දෙහි කපමිනි.


පුංචි සභා මන්ත්‍රීවරුන් සාදයට පැමිණ ඇත්තේ ඔවුන්ගේ සගයාගේ ඇරයුමෙන් බවද හෙළිවිය.

ජේ.ඒ.එල්. ජයසිංහ



අදහස් (0)

සාදයට එක්වූ පුංචි මන්ත්‍රීලා බිලට පොල්ල තියා මාරුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 687 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17825 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 757 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site