තැනට සුදුසු විදිහට ක්‍රියා කිරීමට දනිතැයි කී සහායකයා තැනට සුදුසු ආකාරය නියමටම සිදු කිරීම නිසා ඡායාරූප ශිල්පියාට අබ්බානක් කා රුපියල් දහස් ගණනක් පාඩු වූ පුවතක් අම්බලන්ගොඩින් අසන්නට ලැබේ.
රාත්‍රියේ හෝටලයක පැවති සාදයකි. අරමුණ දැරියක් වැඩිවියට පත්වීමය. එහි අවස්ථා ඡායාරූපකරණය සඳහා ඡායාරූප ශිල්පියකුට ද ආරාධනා කර තිබිණ. ඒ දහස් ගණනක මුදලකටය.
අයකරන මුදලේ ප්‍රමාණය අනුව සිය ජායාරූපකරණය ඉතා ඉහළින්ම කිරීම සඳහා ඔහු සහයකයකු ද ඊට සහභාගී කරවා ගත්තේය. ඒ එළිය අඩු තැන්වලදී විදුලි ආලෝක පුවරුව ඇල්ලීම වැනි පොඩි පොඩි කාර්යයන් කරවා ගැනීමටය.
ඡායාරූප ශිල්පියාත් සහයකයාත් අදාළ කාර්ය කරගෙන ගියහ. රාත්‍රී කෑම වේල සඳහා ඔවුන්ගේ කාර්‍ය්‍ය මදකට නතර කෙරිණ. ඒ උත්සවයේ සංවිධායකයන්ගේ අනු දැනුම ඇතිවය. කෑමට පෙර ෂොට් එකක් දෙකක් දා ගැනීමට ද ඔවුන් දෙදෙනාටම අවස්ථාව සැලසිණ. මෙහි ආදීනව දන්නා නිසා ඡායාරූප ශිල්පියා ෂොට් එකක් දෙකක් දා ගැනීමෙන් වැළකී සිටියේය. ඒ බඹර පදම්වුවහොත් ආ කාර්යය කර ගැනීමට නොහැකි වන බව ඉවෙන් මෙන් නැතහොත් පෙර සිදු වූදේ මෙනෙහිවීමෙන් දන්නා නිසාය.
සහයකයා මෙතැන දී ඉස්සර වූයේ ඔහුට ඒ සඳහා වැඩි වගකීමක් නැති නිසාය. ඡායාරූප ශිල්පියාත් ඊට ඉඩ දුන්නේ සහයකයා බඹර පදම්වුවත් ඉදිරියේ දී ඇති කාර්ය ඔහු නැතිව තමාට කර ගත හැකි යයි සිතූ නිසාය. එසේ වුවත් ඔච්චර ගන්න එපා වැඩිවුණොත් ලෙඩක් තමයි යැයි ඡායාරූප ශිල්පියා සහයකයාට පැවසුවේය.
‘‘මම තැනට ඕන විදිහට ඉන්න දන්නවා. භය වෙන්න එපා, යැයි සහයකයා කීවේ තවත් ෂොට් එකක් කටේ හලා ගනිමින් ය. මේ හිදැසෙන් උපරිම ප්‍රයෝජනයට ගත් සහයකයා කෑමට පෙර කෑම නොගන්නා තැනටම ෂොට් දමා ගත්තේය.
සාදයේ ඡායාරූප ගැනීම ආරම්භ වුවත් බඹර පදම්වී සිටින සහයකයා කෙල්ලන් කොල්ලන් නටන තැනට මැදිව නැටුවේය. ඔහුගේ මේ විකාර නැටුම දුටු කොල්ලෝ මෙන්ම කෙල්දලෝද සිනාසූහ. ලස්සන තරුණියක් ද මේ අතර සිටියහ. කරටි කැඩෙන්න ගසා සිටි සහයකයා මේ තරුණියගේ ඇඟේ වැදි වැදි නැටුවේ එයින් ද අමුතුම ආකාරයේ තෘප්තියක් ලබමිනි. තරුණිය තමන්ගේ ඇගේ වැදි වැදි නටන මේ අංකල්ගේ විකාර නැටුම ඉවසා සිටියේ සාමාන්‍යයෙන් නටන විට එවැනි දේ සිදුවීම සාමාන්‍ය යයි සිතාගෙනය.
මෙයින් උද්දාමයට පත්ව බඹර පදම්වී සිටින සහායක අංකල් සිතුවේ මේ තරුණිය තමාට කැමති ඇතැයි සිතාය. එයින් ලොකු ජවයක් සිතට ආ සහායක අංකල් මේ තරුණියගේ ඇගේ දැවටීම ද අතින් පයින් ඇල්ලීම ද ඊට සමානුපාතිකව එන්න එන්නම වැඩිවිය.
ඒ එක්කම සාදය එකම විසාදයක් වූවේය. මෙය නොඉවසූ බමන මතින් සිටි සාදයේ තරුණයන් මෙන්ම වැඩිහිටියන් ද සහායකයාටත් ඔහු ගෙන් වූ ඡායාරූප ශිල්පියාටත් එළවා එළවා ගැසුවේ සාදයේ ඡායාරූපකරණය එතනින්ම හමාර කරමින්ලු.
කරන්දෙණිය එම්. සුසිල් පියන්ත
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සාදයේ ෆොටෝ ගන්න ඇවිත් අම්බානකට කාලා