IMG-LOGO

සුද්දාගේ තාලෙට අචාර කරන්න ගියාම බල්ලාට තද වෙලා

කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත


බටහිර රටක සිට පැමිණ බටහිර ක්‍රමයට ආචාර සමාචාර කරන්නට ගොස් සිරුරේ පිටුපස සිදුරු කරගත් කතක ගැන කතාවක් දකුණේ ගමකින් අසන්නට ලැබේ.
බටහිර රටක වසර ගණනාවක් සේවය කළ ඇය ගමරට පැමිණියේ මේ ඊයේ පෙරේදාය. බටහිර රටක සිට පැමිණි ඇය සිය ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් උදේ පාන්දරම පාරට  බැස්සේ පොඩ්ඩක් ඇවිද ගෙන යාමටය. මේ අතර අසල්වාසී කතක්ද සුනඛ සුරතලා සමග පාරට බැස්සේ සුනඛයාට චූ පාරක් දැමීමටය.
  බටහිර රට සිට පැමිණි ඇයට අසල්වාසී හිතවතිය දුටු ගමන්ම සතුට ඉහවහා ගියේය. ඒ එක්කම හායී ඩාලින් කියා ඇය හිතවතියගේ බෙල්ල බදාගෙන බටහිර රට ක්‍රමයට සිප වැළදෙගෙන ආචාර සමාචාර කිරීමට සැරසුණා පමණය. මෙම  දර්ශනයෙන් අන්දමන්ද වූ සුනඛ සුරතලා ඇයගේ පසු පසට පැන එය ස්පර්ශ කළේ බලු‍ දත් තුන හතරක් එහි සිටින ආකාරයටය. ඒ සමගම පශ්චාත් භාගයෙන් ලේ විදීමට පටන් ගත්තේ බලු‍ දත්වලින් සිදුවූ තුවාලවලිනි.
ඇයි ඩලා සපන ඩෝග් කෙනෙක් එක්ක එළියට ආවේ ආයි ඉන්න බැහැ රිදෙනවා යයි කියමින් ඇය කෑමොර දෙමින් කීවාය. 
අනේ නෑ අනේ මූ කවදාවත්ම කෙනෙක් හපලා නැහැ. මූ බය වෙන්න ඇති ඔයා මට කරදරයක් කරනවා යැයි කියමින් ඇය කීවේ ඇයගේ හිත හදන්නත් එක්කය. 
අනේ ඩලා මම දැන් කොහොමද මේ ලේත් එක්ක වෝක් කරන්නේ කියමින් ඇය හිතවතියගේ නිවෙසට රිංගා ගත්තේ පස්සා පැත්තේ බලු‍ දත්වලින් එන ලේ පිස ගැනීමටය.



අදහස් (0)

සුද්දාගේ තාලෙට අචාර කරන්න ගියාම බල්ලාට තද වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 288 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 463 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site