IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


සුද්දා අන්දන්න ගිහින් මුදලාලි ඇදගෙන නාලා

කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
   සුද්දා අන්දා ගන්න හැදූ ලාබය මෙන් තුන් හතර ගුණයක පාඩුවක් සුද්දාගේ ඔළුව නිසා විඳින්නට සිදුවූ මුදලාලි කෙනෙකු පිළිබද පුවතක් ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.
ඔහු කැනඩාවේ සුද්දෙකි. ලංකාවට දැඩි ඇල්මක් දැක්වූවෙකි. නිවාඩුවක් ලැබූ සැණින් ඔහු ලංකාවට ආවේ ගියේ ඒ නිසාය. ඔහු ලංකාවට පැමිණි වාර ගණන සුළු‍පටුනම් නොවේ. ඒ නිසාම ලංකාවේ බොහෝ දේ ඔහුට හුරුය පුරුදුය. මෙරට රුපියල් ශත හඳුනන්නේ කාලයක පටන්මය. ලංකාවේ ඇත්තන්ගේ ඇසුර නිසා එහෙන් මෙහෙන් සිංහල කතා කෙරුමටද ඔහුට හැකිය.


      මෙවර ලංකාවට ආ සැණින් ඔහු අපේ දුප්පත් ඇත්තන් සියයකට සහල් මලු සියයක් ලබාදීමට තීරණය කළේය. ඒ අනුව තමා ලැගුම් ගෙන සිටි හෝටලය පිහිටි නගරයේ තොග වෙළඳ සලකට ගොස් සහල් මලු සියයකට මුදල් බැන්දේය. තමා ගත් සහල් මලු සඳහා ඔහු මුදලාලිගෙන් බිල් පතක්ද ඉල්ලා ගත්තේය. එක සහල් මල්ලක මිල සහ සහල් මලු සියය සඳහා මුළු මුදලද එහි සඳහන් කෙරුණේ සුද්දා මුදලාලිගෙන් කරනු ලබන ඉල්ලීමකට අනුවය.
  සහල් බෙදා දීම පොදු ස්ථානයක පැවැත්වීමට පියවර ගෙන තිබිණ. වෙලාව හරිය දුප්පතුන් හාල් මල්ල ගැනීමට පෝලිමේය. සුද්දා ඇණවුම් කළ හාල් තොගය එම ස්ථානයට මුදලාලි ගෙනවිත් බෑමට කටයුතු කළේය. සුද්දා සහල් මල්ලේ ගසා තිබූ මිල තමාට ලැබුණු බිල් පත සමග සංසන්දනය කළේය. සහල් මල්ලේ සඳහන් මුදලට වඩා බිල්පතේ මිල රුපියල් පනහකින් වැඩිවී තිබිණ. සමහර හාල් මලුවලින් ගුල්ලන් එකා දෙන්නා තරගයකට මෙන් එහා මෙහා යමින් සිටියේය. එවිටම සුද්දාගේ මුහුණ රතුවූවේය.


  සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් සුද්දා තමා ගොනාට ඇන්දවීම ගැන මුදලාලිට බැන්නේය. තමාට කළ මේ වංචාවෙන් මිදීමට නම් බිලේ සඳහන් මිලටම හොඳ සහල් ලබාදිය යුතුය බව කීවේය. සිය වෙළඳ සලේ අලෙවි නොවී මුල්ලක ගොඩ ගසා තිබූ පරණ සහල් තොගය අහක නොදමා එය වැඩි ගාණකට ලංකාවේ මිල මුදල් ගැන සුද්දා නොදන්නවා ඇතැයි සිතූ මුදලාලි සුද්දා ගොනාට ඇන්දවීමට යන බව සහල් ගැනීමට පැමිණ සිටි ගමේ අයටද ඒත්තු ගියේය. ඒ කසුකුසුව මුදලාලිට ද ඇසුණේ ඔහුගේ වත සුදුමැලි කරවමිනි.
මේ සහල් මලු‍ සියයේ මිලට දෙන්න හොඳ සහල් මුදලාලි ළග නොතිබිණි. තිබුණේ වැඩි ගණනේ හොඳ සහල් වර්ගයකි. සුද්දාගේ කේන්තියාමත් ගමේ ඇත්තන්ගේ කටකැඩිච්ච කතා නිසාත් තමාටවූ මේ අවනම්බුව සහ ඒ සම්බන්ධයෙන් සුද්දා නීතියට යාමෙන් වළක්වා ගැනීමට තමා මිල නියම කළ සහල් මල්ලට වඩා දෙගුණයක් වන හොඳ හාල් මල්ල බැගින් ලබාදීමට මුදලාලි පියවර ගත්තේය. 
තමාගේ මේ කූට වැඩෙන් අපේක්ෂා කළ ලාබයට වඩා අනපේක්ෂිත ලෙස ළඟාවූ අලාභයෙන් මුදලාලිගේ ඉහමොළ රත්විය.



අදහස් (2)

සුද්දා අන්දන්න ගිහින් මුදලාලි ඇදගෙන නාලා

Bunny Preena Thursday, 24 August 2023 01:56 PM

මේවගේ හොර තක්කඩියන්ට වෙනම නරකාදියක් හදන්න ඕනේ

:       0       36

නිමල් Saturday, 26 August 2023 02:07 PM

සුද්දො රවටපු කාලෙ ඉවරයි...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1886 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1515 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site