කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
මහා කාරුණිකයකු යැයි පොලීසිය ද නොමග යවා නගරයේ යාචකයන්ගේ නාමයෙන් බඩ වඩා ගැනීමට ගොස් මාට්ටුවී මඩ කප්පරක් නාගත් අයෙකු පිළිබදව ගාලු දිසාවේ ප්‍රසිද්ධ නගරයකින් අසන්නට ලැබේ.
හේ නගරයේ ආපනශාලාවක් පවත්වාගෙන ගියේය. පසු ගිය සමයේ නගරවාසීන්ට නරක කාලයක් උදාවූයේ නගරයේ යාචකයන් ද දැඩි අසීරුතාවට පත්වෙමිනි.
මේ සමගම ආපනශාලා හිමියෙක් යාචකයන්ට කෑම තමාගේ වියදමින් දීමට ඉදිරිපත්විය. ඒ ආගමට දහමට ලැදි පොලිස් නිලධාරීන් ද එකතු කොට ගෙනය. හුදෙක්ම කාගෙන්වත් සතපහක්වත් සම්මාදම් කර නොගෙන තමා මේ සත් කාරය සඳහා එකතු වූ බව පවසමින් ඔහු නගරයේ යාචකයන්ට කෑම පාර්සල් දුන්නේය.
තමා යාචකයන්ට කෑම දෙන අයුරු ඔහු ඡායාරූප ගත්තේය. පොලිස් නිලධාරීන් සිතූවේ ඔහු එම ඡායාරූප ගනුයේ සිහිවටන ලෙස තබා ගැනීමට යන්නය. ඒ නිසා ඊට කාගෙන්වත් බාධාවක් එල්ල නොවීය. කෑම පාර්සල් ලැබූ යාචකයන් ද මේ සද්ගුණවත් මිනිසා අතින් කෑම පාර්සලයක් ගන්නා අයුරු ඡායාරූප ගැනීම සඳහා ඊට එක් වූයේ දැඩි ආශාවකිනි. දැඩි කැමැත්තෙනි.
යාචකයන්ට කෑම දෙන අයුරු සෑම දිනම ඡායාරූප ගැනීම ගැන ටිකෙන් ටික පොලීසියට ප්‍රශ්නයක් විය. ඒ නිසාම සොයා බැලීමේ දී හෙළිවී ඇත්තේ මේ මහා කාරුණිකයා මේ ඡායාරූප විදෙස් රටවල සිටින හිතවතුන්ට යවා මුදල් ආකරයක් මවා ගනිමින් සිටින බවය.
වැඩේ පොලීසියට මාට්ටුවිය. යාචකයන්ගේ නම විකුණා කරන ක්‍රියාව වහාම නතර කරන ලෙස ඔහුට දැන්වීය. දැන් ඔහුට හුළංය. දැන් ඔහු සිටිනුයේ අනෙක් අයට මඩ ගසමින්ලු.
2025 නොවැම්බර් මස 04
67
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2015
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1562
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සද්ගුණවත් පරිත්‍යාගශීලියා පොලිසිය අන්දා හිඟන්නනුත් විකුණලා
vernon Tuesday, 27 September 2022 12:05 PM
කඩහිමියා කෑම නොමිලේ දුන්නේ තමන්ගේ වියදමින් නම් ඒක ප්‍රචාරය කරලා විදෙස් පරිත්‍යාග ශීලීන්ගෙන් ආධාර ඉල්ලීමේ වරද මොකක්ද? දැන් වුනේ ආධාරත් නෑ, දානෙත් නැවතුණා.