සිය යතුරුපැදියේ පිටුපස සුදු නංගී නංවාගෙන ගිය සුදු අයියා කෙනකුට කවදාවත්ම අමතක නොවන කළු වැඩක් පිළිබඳ ගාලු දිසාවේ නගරබදින් අසන්නට ලැබේ.
සුදු නංගී සිටියේ මහ පාරේය. ඒ ග්‍රාමීය පෙදෙසක බස් උප නැවතුමක් ඉදිරිපිටය. දකින කෙනෙකුට පෙණුනේ ඇය නගරයට එන බස් රථයක් අපේක්ෂාවෙන් සිටින බවකි.
ඒ අතරදී දුර තියා යතුරුපැදියකින් එන සුදු අයියා කෙනෙකු දැක සුදු නංගියා අත දැමුවාය. ඒ සමගම යතුරුපැදියේ ආ සුදු අයියා යතුරුපැදිය නතර කළේය. අනේ සුදු අයියේ බස් එකක් තවම ආවේ නැහැ පුළුවන්නම් මාත් ටවුමට දාන්න කෝ තොදොල් බසින් ඇද පැද සුදු නංගී කළ ඉල්ලීම සුදු අයියා අහක නොදැමුවේය. ඕක මොකක්ද මම ඔයා ගිහින් දාන්නම් නංගින්න කෝ සුදු නංගී කියමින් සුදු අයියා ඇයගේ ඉල්ලීම හිස් මුදුනින්ම පිළිගත්තේය.
සුදු නංගිගේ සුදු වතින් එන සුගන්දයට සුදු අයියා වශී කෘත වූවේය. දැන් දෙන්නා ආගිය කතා බහේය. සුදු නංගී උප නගරයට පැමිණ සිටියේ යම් නිෂ්පාදනයක් උඩ තියන්නය. නැතිනම් ප්‍රමෝට් කරන්නය. සුදු අයියා නම් මීට දින කිහිපයකට උඩදී ඊශ්‍රායලේ සිට පැමිණ සිටියෙකි. යන්නේ නිවසට ඉදිකිරීමක් සඳහා අවශ්‍ය ගොඩනැගිලි ද්‍රව්‍ය කිහිපයක් මිලදී ගැනීමටය.
ගමනාන්තයට කිට්ටු වන්න කිට්ටුවන්න සුදු නංගිත් සුදු අයියත් දැන් දැන් කිට්ටුය. සුදු නංගි ගියේ සුදු අයියගේ කරේය. එක අතක් උරේය. ඒ වම් අතය. අනෙක් අත කොහේදැයි සොයා බැලීමට සුදු අයියාට උවමනාවක් නොතිබුණේය. සුදු අයියා හදිසියේම දෙයියෝ දුන් මේ වාසනාවට වශීවී සිටියේ දෙයියන්ට පින් දෙමිනි.
සුදු නංගී සුදු අයියට කිටිකිටියේ සිරවී සිටියාය. සුදු අයියාගේ හදවත ද ඇගේ ගැහෙන හදවතේ සිරවිය. දැන් මේ සුදු අයියත් සුදු නංගිත් ප්‍රධාන බස් පොළ ඉදිරිපිටය. සුදු අයියාගේ දෙවුරෙන්ම අල්ලා සුදු නංගී යතුරුපැදියෙන් බැස්සේ හුවමාරුකරගත් ජංගම දුරකතන අංක ඔස්සේ ළඟදීම නිදහස් තැනක දී හමුවෙන බලාපොරොත්තු ඇතුවය. සුදු අයියේ ටටා බායි කියමින් සුදු නංගී ගාල්ලට යන බස් රථයකට හනි හනිකට නැග්ගාය. ඇය බස් රථයට නගින තෙක්ම සුදු අයියා බලා සිටියේය. දෙන්නට දෙන්නා දෙඅත් ගැලවී යන තරමටම බසය නොපෙනී යනතුරුම දෙඅත් වැනූහ.
සුදු නංගී දුන් ජංගම දුරකතනයට සුදු අයියා ඇමතුමක් ලබා දුන්නේ පරිස්සමින් යන්න කියන්නය. ඒ දුරකතන අංකය ක්‍රියාත්මක නැත. සුදු අයියා සිතුවේ ඇය එය අක්‍රිය කරන්න ඇතැයි සිතාය. ඒ සමගම තමන් ආ කාරණය සුදු අයියාට මතකයට ආවේය. ඒ සමගම ඔහු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලකට ගොඩවූවේය. අවශ්‍ය ද්‍රව්‍ය ඇණවුම් කළේය. වෙළෙඳ සලෙන් බිල් පතක්ද නිකුත් කෙරිණ. බිලේ වූ මුදල ගෙවීමට සුදු අයියා සිය කලිසම් සාක්කුවට අත යැව්වේය. ඒ මුදල් පසුම්බිය ඇදීමටය. දෙයියනේ තමාගේ මුදල් පසුම්බිය එහි නොවීය. සුදු නංගියා මාත් එක්ක හිනැහී ගොස් ඇත්තේ මුදල් පසුම්බිය සුද්ද කරගෙන බව සුදු අයියාට සිහියට ආවේ දෙයියන් දුන් සුදු නංගී පිළිබඳව එතෙක් දකිමින් සිටි සුදු පාට සිහින බොඳ කරමින්ලු.
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
සුදු නංගිට ලයින් දාලා පොකැට්ටුවත් වාෂ්ප වෙලා