IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුදු කතගේ ඡායාරූපයක් ගෙදර ජංජාලයක්

(නයිනමඩම චන්දන ප්‍රනාන්දු)

තම සැමියාගේ දුරකතනයේ ඔහු සුදු ජාතික කාන්තාවක් සමග ඇගේ කරට අත දාගෙන ගත් ඡායාරූපයක් තිබෙනු දැක දැඩි කලබලයට පත්ව එම සුදු ජාතික කාන්තාව සොයා ගොස් කලබලයක් කළ බිරිඳක් පිළිබඳව පුවතක් පසුගියදා වෙන්නප්පුව ප්‍රදේශයෙන් වාර්තා විය.

ප්‍රදේශයේ මෝටර් රථ අලෙවි අංශයේ සේවය කළ අයකු නිතරම විවිධ රාජකාරි වැඩවලට කොළඹ හා වෙනත් ප්‍රදේශවලට යාම නිසා කාර්ය බහුල තත්ත්වයක සිටියදී එක් දිනක් ස්මාර්ට් වර්ගයේ දුරකතනය නිවසේ අමතකව රාජකාරියකට ගොස් තිබේ.

 නිවසේ වැඩ ටික අවසන් කොට ටිකක් විවේකයෙන් සිටීමට ගිය බිරිඳට තම සැමියා ජංගම දුරකතනය අමතකව දමා ගොස් තිබීම නිසා එය අතට ගෙන පරික්ෂා කිරීමේදී ඡායාරූප එකතුවේ තිබූ ඡායාරූප කීපයක් දැක බොහෝ සේ කලබලයට පත්ව ඇත.

ඒ තම සැමියා සුදු ජාතික කාන්තාවක් සමග කරට අත දාගෙන ඉතා ආදරයෙන් ගත් ඡායාරූප කීපයක් එහි තිබීම නිසාය. මේ ගැන තමන්ගේ යෙහෙළියන්ටත් සැමියාගේ මව්පියන්ටත් පවසා සැමියාට හොඳ පාඩමක් උගන්වන්නම් කියා සැමියා එන තෙක් මග බලමින් සිට තිබේ.

 තම සැමියා සවස් කාලයේ තම රාජකාරි අවසන් කර නිවසට ගොඩවනවාත් සමග “මේ සුදු ගෑනි එක්ක කවදද රෝන්දේ ගැහුවේ” කියලා ඇසූ විට කිසිම දෙයක් නොදැන සිටි සැමියා අන්දුන් කුන්දුන් විය.

කොහොම හරි සාවධානව කරුණු විමසීමේදී තම දුරකථනයේ ඡායාරූප කීපයක් පෙන්වීමත් සමග තම බිරිඳගේ වැරදි අවබෝධය ගැන වචනවලින් තේරුම් කළත් එය නොපිළිගත් නිසා බිරිඳවත් වාහනයේ නංවාගෙන ප්‍රදේශයේ සංචාරක හෝටලයක තිබෙන මූර්තියක් ළඟට කැඳවාගෙන ගොස් කරුණු පැහැදිලි කළ විට බිරිඳ ඇත්ත තත්ත්වය තේරුම් ගත්තේය.



අදහස් (1)

සුදු කතගේ ඡායාරූපයක් ගෙදර ජංජාලයක්

sachith Monday, 29 May 2017 08:15 AM

කොහොමද ගැහැණු මොලේ.... හොඳයි නේද?

:       55       527

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site