(තිහගොඩ උපසේන ලියනගම)
තම පාලන බල ප්‍රදේශයක වූ දක්ෂ ගෙවිලියකගේ ‘‘අත්ගුණය’’ බැලීමට ගිය කෘෂි නිලධාරියකුට දෙවියන් සිහිවීමේ අපූරු පුවතක් ඉකුත්දා අසන්නට ලැබුණේ දකුණු පළාතේ ගොවි බිමකිනි.
ඇයගේ නම අනෙකක් වුවත් ගමේ අය ඇය ඇමතුවේ සුදු අක්කා නමිනි. මැදවියේ විවාහක කාන්තාවක වූ ඇය කතාවට මෙන්ම වගාවටද දක්ෂ රූමතියකි.
ප්‍රදේශයේ වගා කටයුතුවලට දිරි දුන් කෘෂි නිලධාරියා කහ වගාවට විශේෂයෙන් ගොවීන් දිරිමත් කළ අතර ප්‍රදේශවාසී ගොවීන් ඔහු හැඳින්වූයේ කහ මහත්තයා නමිනි.
පසුගියදා පැවති කාන්තා ගොවි රැස්වීමකදී සුදු අක්කාගේ කහ වගාව ගැන හැම දෙනාම කතා කළේ එය ඉතා සාර්ථක වූ නිසයි.
‘‘මේක සුදු අක්කාගෙ අත්ගුණේ සර්, අක්කර බාගෙක වවපු කහ ගස් අතරට ගියාම කෙනෙක් පේන්නෙ නෑ. ඒ තරම් උසයි. කාන්තාවක් කී නිසා රැස්වීම අවසානයේ මේ වගාව බැලීමට කහ මහත්තයාට සිතුණි.
වගා බිම පරීක්ෂා කළ ඔහු ‘‘ඇත්තම තමයි’’ කියමින් ඇය සමග කහ වගාවේ නොපෙනී ගිය අතර මොහොතකට පසු සුදු අක්කා ඉවතට පැන දිව්වේ කහ මහත්තයා මනමාල තට්ටුවක් දමා ඇගේ අත්ගුණය ගැන උදම් ඇනීමේ ක්‍රියාකාරකමකට පිවිසීම නිසාලු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එනකොටම කතාව ඉවර වුණා...